2050 දී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අදට වඩා 77% කින් ඉහළ යනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය
2050 වසර වන විට ගෝලීය පිළිකා රෝගීන් මිලියන 35 දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිකා රෝග ඒජන්සිය පුරෝකථනය කර ඇත. සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම අගය 2022 දී වාර්තා වූ අගයට වඩා 77% ක වැඩිවීමකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) ආයතනය විසින් පසුගිය 01 වනදා ප්‍රකාශයට පත් කරන ලද අනාවැකියට අනුව දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය මෙන්ම තරබාරුකම සහ ආශ්වාස වාතයේ ඇති දුර්වල ගුණාත්මක භාවය 2050 වන විට රෝගීන්ගේ අපේක්ෂිත වැඩිවීමට බලපාන මූලික සාධක ලෙස සඳහන් කරයි.
“2050 දී නව පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 35 කට වඩා වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත.” යනුවෙන් (IARC) සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සංඛ්‍යාව 2022 දී හඳුනාගත් පිළිකා රෝගීන් මිලියන 20 ට වඩා 77% වැඩිවීමක් බවද පවසයි.
රටවල් 185 ක සහ විවිධ වර්ගයේ පිළිකා වර්ග 36 ක දත්ත මත පදනම් වූ IARCහි ද්විවාර්ෂික වාර්තාව, 2022 දී ගෝලීය වශයෙන් විවිධ පිළිකා හේතුවෙන් මිලියන 9.7 ක් පමණ මිය ගොස් ඇති බව ද පවසයි. පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇතිවීම අපේක්ෂා කළ හැකි බව පවසන වාර්තාව කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුද පිරිමින් නව දෙනෙකුගෙන් එක් අයෙකුද පිළිකා රෝගයෙන් මිය යන බවද අනාවරණය කරයි.
"සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය පිළිකා රෝගීන් ප්‍රමානය ජනගහනය වයස්ගත වීම සහ ජනගහනය වර්ධනය වීම යන කාරනා දෙකම පිළිබිඹු කරනු ලබයි. එලෙසම සෞඛ්‍ය තත්වයට බලපාන අවදානම් සාධකවලට මිනිසුන් නිරාවරණය වීම පෙන්නුම් කරන අතර එම සාධක වලින් කිහිපයක් සමාජ ආර්ථික කාරනා සමඟ බැඳී පවතී." IARC සිය සොයාගැනීම් සම්බන්ධයෙන් සටහනක් තබමින් පවසයි.
(IARC) දත්ත වලට අනුව පීඩාවට පත් පුද්ගලයින් ජීවත් වන ස්ථානය අනුව රෝග විනිශ්චය බෙහෙවින් වෙනස් විය හැකි බව පෙන්වා දෙයි. “අපි දකින ලොකුම අභියෝගයක් නම්, පිළිකා රෝගයෙහි සමානුපාතික වැඩිවීම අඩු ආදායම් ලබන, අඩු මානව සංවර්ධනයක් ඇති රටවල වඩාත්ම කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.” IARC ආයතනයේ ප්‍රකාශකයෙකු වන ෆ්‍රෙඩී බ්‍රේ පසුගිය 1වනදා අල් ජසීරා පුවත් සේවයට පැවසීය.
" 2050 වන විට එවැනි රටවල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රක්ෂේපිත වැඩිවීමක් දැකීමට නියමිතයි." යනුවෙන් පැවසූ බ්‍රේ මෙම රටවල් බොහොමයක් "දැනට පිළිකා ගැටලුව සමඟ සැබවින්ම කටයුතු කිරීමට සුදුසු තරම් උපකරණ නොමැති තත්වයක පසුවන " බවද පෙන්වා දුන්නේය.
පෙනහළු පිළිකා පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා රෝගය වන අතර පියයුරු පිළිකා කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකුට වැළඳී ඇති බවද පෙන්වා දුන්නේය. දුම්කොළ, මධ්‍යසාර සහ තරබාරුකම වැනි සාධක මගින් පිළිකා රෝගය වැඩිවීමට බලපෑමක් ඇතිකරන බව පෙන්වා දුන් ඔහු ලෝක ජනයා අතර තුන්වන වඩාත් සුලභ පිළිකා වර්ගය සහ දෙවන විශාලතම ඝාතකයා වන මහා බඩවැලේ පිළිකාව සුලබ වීමට ලෝක ජනයාගේ ජීවන රටාව වෙනස්වීම හේතු සාධක වී ඇති බවද IARC පවසයි.
විවිධ වර්ගයේ පිළිකා වර්ග 100 කට වඩා මේ වන විට හඳුනාගෙන ඇති අතර ලෝක ජනයා අතර වඩාත් සුලභම පිළිකා වර්ග පහ සමස්ථ පිළිකා මරණ සංඛ්‍යාවෙන් 50% ක් පමණ සිදු කරණු ලබයි.
https://www.rt.com/news/591844-who-cancer-cases-rise/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්