
ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැගීමෙන් පමණයි - මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දියාව කියයි
ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය මුහුණදී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබානොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළකරන බව ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා පවසා තිබේ.
ඊයේ (12) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් වූ අතර, ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා එහිදී තම රට වන ඉන්දියාවේ මතය මෙසේ ඉදිරිපත් කළේය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් කළ යුතුයි. ඉන්දියාවේ මතය අනුව ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි. එය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සිදුකළ යුත්තේ, යුක්තිය, සාමය, සාමානාත්මතාව හා ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාව තුළ අභිමානයක් ඇති වන පරිද්දෙනි."
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට අනුකූල වන ආකාරයේ නව නීතියක් සකස් කරන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන ලෙස යුරෝපා සංගම් නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසිවාරය ලබන මස 07 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
