
අද වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ඉල්ලන වෘත්තිය සමිති යහපාලන සමයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ බාල දොස්තරලා වෙනුවෙන් පෙනීසිටියේ මෙහෙමයි
අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ඉල්ලන රවි කුමුදේශ් ඇතුළු වෘත්තිය සමිති යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටි බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.
එම සංගමය මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් නිකුත් කළ ලිපිය පහළින්...
රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් ශයිලොක්ස්ගේ මස් රාත්තල ඉල්ලන බටහිර සෞඛ්‍ය වෘත්තීය මාෆියාව
අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ඉල්ලන රවි කුමුදේශ් ඇතුළු වෘත්තිය සමිති යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටියා.
ජීවත්වීමට බැරි තරමට මේ රට මේ තත්ත්වයට පත්කරන ලද්දේ සෞඛ්‍ය සේවකයන් නොවේ.
එබැවින් රටේ මහජනතාව සුවපත් කිරීමට කටයුතු කරන සෑම සෞඛ්‍ය සේවකයෙකුටම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබිය යුතුව ඇත.
වර්තමාන වැටුප ඔවුන්ට ජීවත් වීමට තරම් සරිලන නොවන බව රහසක් නොවේ.
එහෙත් තම වෘත්තීයමය තත්ත්වයට නොගැලපෙන විධායක මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වූ බටහිර වෛද්‍යවරුන්ට පමණක් ලබාදෙන දීමනාවක් ඉල්ලීම කොතරම් විහිළු සහගතදැයි ඔවුන් සිතිය යුතුව ඇත.
අදාළ දීමනාව රජයේ විධායක නිලධාරීන්ට සහ බටහිර වෛද්‍යවරුන්ට සමාන දේශීය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට පවා ලබාදී නොමැත.
රෝහලේ සුළු සේවකයාගේ සිට වෛද්‍ය නොවන අනෙකුත් වෘත්තීන් දක්වා On Call සේවාවක් ඇත්දැයි අප ඔවුන්ගෙන් හිනා නොවී විමසිය යුතුව ඇත.
ඔවුන් නියෝජනය කරන අදාළ වෘත්තීය සමිති රුපියල් විසි දහසේ දීමනාවේ එල්ලී සිටියා මිස ඔවුන්ට DAT දීමනාව ඉල්ලුවේ නැත එසේ ඉල්ලා සිටීමට හැකියාවක් ද නොමැත.
වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාව නොව සෞඛ්‍ය සේවයේ තමන්ටද ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කලේ නම් වෛද්‍යවරුන්ද එයට සහය දෙනු ඇත.
තමන්ට හිමි නැති නොලැබෙන දීමනාවක් මුල් කරගනිමින් රෝගීන් ප්‍රාණ ඇපයට තබා ගැනීම කොතරම් සදාචාරද යන්න හදවත් ඇත් නම් ඔවුන්ගේ මොළයට වැටහෙන්නේ නැතිද?.
අතීත කරුණු ද රැගෙන අදාල වෘත්තීය සමිති නායකයන් ක්‍රියාත්මක වන්නේ දේශපාලන බළල් අතක් ලෙසද යන්න විමසා බැලීම ඉතාමත් වටිනා කාලෝචිත දෙයකි.
පසුගිය යහපාලන සමයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට එරෙහිව මෙරටේ වෛද්‍ය සිසුන් සහ නිදහස් සෞඛ්‍ය සේවය අගයන විශාල පිරිසක් කටයුතු කරද්දී එයට එරෙහිව කටයුතු කල පිරිස කවුරුන්ද යන්න නැවත සිහියට ගත යුතුව ඇත.
එදා රාජිතගේ පාලන සමයේ මෙරට සෞඛ්‍ය සේවය විනාශ කරන සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන සුදුස්සන්ට නොව නුසුදුස්සන්ට තැන ලබා දෙන උසස් පෙළ අසමත් පාලකයන්ගේ දරුවන් සිටි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව සෞඛ්‍ය සේවයේ සුළු වෘත්තිය සමිති කිහිපයක් හැර සියල්ල රාජිත වෙනුවෙන් කතා කළේය. වැඩ කළේය.
අද වෛද්‍යවරුන් වෙනුවෙන් කතා කරන වෛද්‍ය බෙල්ලන පවා සිටියේ සෞඛ්‍ය විනාශ කරන පැත්තේය.
රවි කුමුදේශ් , සමන් රත්නප්‍රිය ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ සෞඛ්‍ය විනාශ කරන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙනුවෙන් පෙනී සිටියේය.
එදා ඔවුන් පෙනී සිටියේ රටේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් නොව පෞද්ගලික මුදලාලිලා වෙනුවෙනි.
එයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලූ අවස්ථාවේ සිය ගණනක් වෛද්‍ය සිසුන් තුවාලව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඊට පසු දිනම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ ක්‍රියාවලියට එරෙහිව ඉහත වෘත්තීය සමිති උද්ඝෝෂණය කළ බව ඔවුන්ට අමතකව ඇත.
කණගාටුවට කරුණ වන්නේ එදා ගුටි කෑ සිසුන්ගේ බහුතරයක් රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් නොව හෙදියන්ගේ පවුල් සේවිකා නිලධාරීන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දරුවන් වීමයි.
තමන්ගේ පැලැන්තියේ දරුවන්ට රජය විසින් අමානුෂික ලෙස ප්‍රහාරය එල්ල කිරීම එදා ඔවුන් අනුමත කළේ එසේය.
අද ද එම වෘත්තීය සමිති නායකයන් තමන්ගේ වෘත්තීය සගයන්ද පාවාදෙමින් රෝගීන් ප්‍රාණ ඇපයට තබමින් ක්‍රියාකරමින් සිටින්නේ එදාට නොදෙවෙනි වූ කරුණක් වෙනුවෙන් බව රටේ මහජනතාව පමණක් නොව අදාළ වෘත්තීය සමිතිවල සාමාජිකයන්ද දැනගත යුතුව ඇත.
එසේම මේ රටේ සෞඛ්‍යයට ආදරය කරන බහුතරයක් ජනතාවට අතීතය අමතකව ගොස් නැති බව අදාළ පාර්ශ්ව දැනගත යුතුව ඇත.
වෛද්‍යවරුන්ට DAT දීමනාව කොටසක් වැඩි කිරීමෙන් පමණක් බුද්ධිගලනය නැවැත්විය නොහැක.
එසේම වෛද්‍යවරුන්ට හා සියලු සෞඛ්‍ය සේවකයන්ට ආර්ථික යුක්තිය ඉටු කළ යුතු බව අප තරයේ විශ්වාස කරමු.
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
