
යුක්‍රේන යුද්ධය සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු අධිරාජ්‍යවාදය තහවුරු කිරීමේ අරගලයේ ප්‍රතිඵලයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
ඔවුන් මෙරට ජන සමාජයට පවසන ජනප්‍රිය කරුණ වන්නේ ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා මෙම යුද්ධය ආරම්භ කරන්නේ පැරැණි රුසියානු අධිරාජ්‍ය නැවත ආරම්භ කිරීමට බවත්, 1991 දී බිඳවැටුනු සෝවියට් දේශය නැවත ගොඩනැගීමට රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍යව ඇති බවත් යැයි ඒ මහතා සඳහන් කරයි.
මොහාන් සමරනායක මහතා මේ බව පැවසුවේ අද(26) දිනයේදී මේ සම්බන්ධයෙන් පැවති දේශනයක දී ය.
කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාට එබඳු අවශ්‍යතාවක් ඇති බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කරන මොහාන් සමරනායක මහතා, බටහිර අධිරාජ්‍යවාදීන් විසින් පතුරවනු ලබන මේ කරුණුවල සත්‍යතාවක් නොමැති බවද පෙන්වා දෙයි.
2011 -2013 කාලයේ දී අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ආරක්ෂක ඇමැතිව සිටි ලියෝන් පැනේටා, 2022 මාර්තු 18 දින බ්ලූම්බර්ග් රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවදී පවසන්නේ "අපි යුක්රේනය තුළ ගැටුමක් නිරතවී සිටිනවා.. රුසියාව සමග යුද්ධයක් පවතිනවා. හැකිතරම් රුසියානුවන් මරාදැමිය යුතුයි" යනුවෙන් පැවසූ බවත්, මෙම යුද්ධය පිටුපස පවතින කතාව එයින් පැහැදිලි වන බවත් ඔහු පවසයි.
බටහිර ආධිපත්‍ය දරන සියලු නායකයන් මෙම අදහස පළ කර ඇති බවත් සඳහන් කරන මොහාන් සමරනායක මහතා, හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ පිළිබඳව පවසා ඇත්තේ මෙම යුද්ධයේ දී යුක්රේනය පරාජය වුවහොත් එය බටහිර අධිරාජ්‍යවාදයේ බිඳවැටීම බව යැයි ද සඳහන් කරයි.
බටහිර අධිරාජ්‍යවාදීන්ට රුසියාව දුබල කිරීමට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ආධිපත්‍යට අභියෝගයක් වන එකම රාජ්‍ය රුසියාව බව දන්නා නිසා බවද, රුසියාව තම පාලනයට නතුකර ගැනීම සඳහා අතීතයේ සිටම බටහිර අධිරාජ්‍යවාදීන් විසින් නොයෙකුත් සැලසුම් නිර්මාණය කළ බවද ඒ මහතා පවසයි.
1991 දී සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු මෙම මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වූ බවත් පවසන මොහාන් සමරනායක මහතා, එහෙත් රුසියාවට කිසිඳු රටක් සමග යුද්ධ කිරීමට අවශ්‍ය නොවූ බව හා රුසියාව සැමවිටම සාමය සඳහා කැපවූ බවත් පෙන්වා දෙයි.
1989 දී බර්ලින් තාප්පය බිඳවැටී 1990 දී නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක්සත් වීමේ දී එවකට රුසියානු ජනාධිපතිවරයාව සිටි මහියෙල් ගර්බචෝව් අමෙරිකාවට පැවසුවේ ජර්මනිය නේටෝවට සම්බන්ධවීමට විරෝධයක් නොමැති බවත්, එහෙත් නේටෝ සංවිධානය තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත වීමකට එකඟ නැති බවත් යැයි මොහාන් සමරනායක මහතා මෙහිදී පැවසීය.
එදා එසේ නොකරන බවට පොරොන්දුවක් අමෙරිකාව සහ ජර්මනිය විසින් ලබාදුන් බවද, නමුත් එම පොරොන්දුව ඉටු නොවූ බවත්, සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු 1992 දී අමෙරිකාව විසින් සකස්කළ ආරක්ෂක සැලසුම අනුව නේටෝව නැගෙනහිරට ව්‍යාප්ති කිරීම ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කරයි.
අමෙරිකාවට අවශ්‍ය වුයේ යුක්රේනය නේටෝ සංවිධානයට බඳවා ගැනීම හරහා රුසියාව දුබල කිරීමට බව පැහැදිලි බවත් සඳහන් කරන ඒ මහතා, මෙය අමෙරිකාවේ ප්‍රතිපත්ති ලේඛනවලද අඩංගු බවත් පෙන්වා දෙයි.
පෙර අපරදිග තරඟයේ ලොකුම ත්‍යාගය යුක්රේනය බව බටහිර අධිරාජ්‍යවාදීන් විසින් පවසන බවත්, නේටෝව යුක්රේනය තුළ තම මිල්ටරි ආධිපත්‍ය පැතිරවීම රුසියාවට දැඩි තර්ජනයක් බවත්, යුක්රේන යුද්ධය සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු අධිරාජ්‍යවාදය තහවුරු කිරීමේ අරගලයේ ප්‍රතිඵලයක් බවත් ඒ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
