යුක්‍රේන යුද්ධය සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු අධිරාජ්‍යවාදය තහවුරු කිරීමේ අරගලයේ ප්‍රතිඵලයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
ඔවුන් මෙරට ජන සමාජයට පවසන ජනප්‍රිය කරුණ වන්නේ ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා මෙම යුද්ධය ආරම්භ කරන්නේ පැරැණි රුසියානු අධිරාජ්‍ය නැවත ආරම්භ කිරීමට බවත්, 1991 දී බිඳවැටුනු සෝවියට් දේශය නැවත ගොඩනැගීමට රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍යව ඇති බවත් යැයි ඒ මහතා සඳහන් කරයි.
මොහාන් සමරනායක මහතා මේ බව පැවසුවේ අද(26) දිනයේදී මේ සම්බන්ධයෙන් පැවති දේශනයක දී ය.
කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාට එබඳු අවශ්‍යතාවක් ඇති බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කරන මොහාන් සමරනායක මහතා, බටහිර අධිරාජ්‍යවාදීන් විසින් පතුරවනු ලබන මේ කරුණුවල සත්‍යතාවක් නොමැති බවද පෙන්වා දෙයි.
2011 -2013 කාලයේ දී අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ආරක්ෂක ඇමැතිව සිටි ලියෝන් පැනේටා, 2022 මාර්තු 18 දින බ්ලූම්බර්ග් රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවදී පවසන්නේ "අපි යුක්රේනය තුළ ගැටුමක් නිරතවී සිටිනවා.. රුසියාව සමග යුද්ධයක් පවතිනවා. හැකිතරම් රුසියානුවන් මරාදැමිය යුතුයි" යනුවෙන් පැවසූ බවත්, මෙම යුද්ධය පිටුපස පවතින කතාව එයින් පැහැදිලි වන බවත් ඔහු පවසයි.
බටහිර ආධිපත්‍ය දරන සියලු නායකයන් මෙම අදහස පළ කර ඇති බවත් සඳහන් කරන මොහාන් සමරනායක මහතා, හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ පිළිබඳව පවසා ඇත්තේ මෙම යුද්ධයේ දී යුක්රේනය පරාජය වුවහොත් එය බටහිර අධිරාජ්‍යවාදයේ බිඳවැටීම බව යැයි ද සඳහන් කරයි.
බටහිර අධිරාජ්‍යවාදීන්ට රුසියාව දුබල කිරීමට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ආධිපත්‍යට අභියෝගයක් වන එකම රාජ්‍ය රුසියාව බව දන්නා නිසා බවද, රුසියාව තම පාලනයට නතුකර ගැනීම සඳහා අතීතයේ සිටම බටහිර අධිරාජ්‍යවාදීන් විසින් නොයෙකුත් සැලසුම් නිර්මාණය කළ බවද ඒ මහතා පවසයි.
1991 දී සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු මෙම මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වූ බවත් පවසන මොහාන් සමරනායක මහතා, එහෙත් රුසියාවට කිසිඳු රටක් සමග යුද්ධ කිරීමට අවශ්‍ය නොවූ බව හා රුසියාව සැමවිටම සාමය සඳහා කැපවූ බවත් පෙන්වා දෙයි.
1989 දී බර්ලින් තාප්පය බිඳවැටී 1990 දී නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක්සත් වීමේ දී එවකට රුසියානු ජනාධිපතිවරයාව සිටි මහියෙල් ගර්බචෝව් අමෙරිකාවට පැවසුවේ ජර්මනිය නේටෝවට සම්බන්ධවීමට විරෝධයක් නොමැති බවත්, එහෙත් නේටෝ සංවිධානය තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත වීමකට එකඟ නැති බවත් යැයි මොහාන් සමරනායක මහතා මෙහිදී පැවසීය.
එදා එසේ නොකරන බවට පොරොන්දුවක් අමෙරිකාව සහ ජර්මනිය විසින් ලබාදුන් බවද, නමුත් එම පොරොන්දුව ඉටු නොවූ බවත්, සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු 1992 දී අමෙරිකාව විසින් සකස්කළ ආරක්ෂක සැලසුම අනුව නේටෝව නැගෙනහිරට ව්‍යාප්ති කිරීම ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කරයි.
අමෙරිකාවට අවශ්‍ය වුයේ යුක්රේනය නේටෝ සංවිධානයට බඳවා ගැනීම හරහා රුසියාව දුබල කිරීමට බව පැහැදිලි බවත් සඳහන් කරන ඒ මහතා, මෙය අමෙරිකාවේ ප්‍රතිපත්ති ලේඛනවලද අඩංගු බවත් පෙන්වා දෙයි.
පෙර අපරදිග තරඟයේ ලොකුම ත්‍යාගය යුක්රේනය බව බටහිර අධිරාජ්‍යවාදීන් විසින් පවසන බවත්, නේටෝව යුක්රේනය තුළ තම මිල්ටරි ආධිපත්‍ය පැතිරවීම රුසියාවට දැඩි තර්ජනයක් බවත්, යුක්රේන යුද්ධය සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු අධිරාජ්‍යවාදය තහවුරු කිරීමේ අරගලයේ ප්‍රතිඵලයක් බවත් ඒ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..