රාජ්‍ය තාන්ත්‍රිකත්වය 'මිලිටරි-කාර්මික සංකීර්ණය" විසින් පැහැරගෙන යාමෙන් 2023 මුදල් වර්ෂයේදී එක්සත් ජනපද ආයුධ අලෙවියෙහි වාර්තාගත ඉහළ යාමක්
ප්‍රධාන ගෝලීය මිලිටරි ගැටුම් හේතුවෙන් ඉහළ යන යුද අවි අවශ්‍යතාවය හේතුවෙන් 2023 මූල්‍ය වර්ෂයේ එක්සත් ජනපදය විදේශීය රාජ්‍යයන්ට ආයුධ අලෙවියෙන් ඩොලර් බිලියන 238ක වාර්තාගත ආදයමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එය පසුගිය වර්ෂයට වඩා සියයට 16 ක ඉහළ යාමක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවේ.
දේශපාලන ආර්ථික විද්‍යාඥයන්ට අනුව එක්සත් ජනපදය යුද අවි වෙළඳාමෙන් ලබා ගෙන ඇති ඉහළ ආදයම එක්සත් ජනපදය විසින් උසිගැන්වීම හේතුවෙන් තීව්‍ර වන භූ දේශපාලන ආතතීන් පිළිබිඹු වනවා පමණක් නොව, "මිලිටරි-කාර්මික සංකීර්ණය" විසින් එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකත්වය ගැඹුරින්ම පැහැරගෙන ඇති බවට වන අවාසනාවන්ත කරුණක් ගෙනහැර දැක්වේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, 2023 ගිණුම් වර්ෂයෙහි, එක්සත් ජනපදය විදේශ හමුදා වෙත කරනු ලබන යුද අවි විකුණුම් පද්ධතිය ඩොලර් බිලියන 80.9 ක විකුණුම් සෘජුවම සාකච්ඡා කර ඇති අතර එය 2022 මුl\ya වර්ෂයට වඩා සියයට 55.9 ක වැඩිවීමකි. ඉතිරි ඩොලර් බිලියන 157.5 සෘජු වාණිජ විකුණුම් වූ අතර එය 2022 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 2.5 ක වර්ධනයකි.
වඩාත්ම කැපී පෙනෙන විකුණුම් අතරට පෝලන්තයට ඩොලර් බිලියන 12 ක් වටිනා High Mobility Artillery Rocket Systems (HIMARS) ද, ජර්මනියට ඩොලර් බිලියන 8.5 ක් වටිනා CH-47F Chinook Helicopters ද, යුක්රේනයට ලබා දුන් National Advanced Surface to Air Missile Systems (NASAMS) ද ඇතුළත් විය. මේ අතර චෙක් ජනරජය F-35 ජෙට් සහ යුධෝපකරණ සඳහා ඩොලර් බිලියන 5.6 ක් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවා ඇත.
එක්සත් ජනපදය නිකුත් කළ නිවේදනයට අනුව යුරෝපයෙන් ඔබ්බට, මැද පෙරදිග සහ ආසියා-පැසිෆික් කලාපවල තම සහචරයින්ට ඩොලර් බිලියන ගණන් වටිනා ආයුධ විකුණා ඇත. ආසියානු කළාපයේ සිදු කළ විශාල ගනුදෙනු අතර දකුණු කොරියාවේ ඩොලර් බිලියන 5.62 ක් වටිනා F-35 ගුවන් යානා ඇණවුම සහ ඩොලර් බිලියන 1.5 ක් වටිනා CH-47F Chinook ඇණවුමද ඇතුළත් විය.
ආයුධ අලෙවියේ වර්ධනය පිටුපස, එක්සත් ජනපදය ලෝකයේ විවිධ කලාපවල ගැටුම් සහ අර්බුද නිර්මානය කර හෝ තීව්‍ර කිරීම හේතුව තිබෙන අතර, අනෙකුත් රටවලට එම රටවල අයවැය වැඩි කිරීමට සහ මිලිටරි-කාර්මික සංකීර්ණයේ අවශ්‍යතා වඩා හොඳින් ඉටු කිරීම සඳහා එක්සත් ජනපද ආයුධ මිලදී ගැනීමට බල කර ඇති බව දේශපාලන ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
ගාසා අර්බුදය ප්‍රසාරණය වීමත් සමඟ එක්සත් ජනපදය මැද පෙරදිග කළාපයේ වඩාත් දිග්ගැස්සුනු යුද්ධයකට ඇදී යනු ඇත්ද යන්න අවිනිශ්චිතව පවතී. යුක්‍රේනයට සහ එහි නේටෝ සහචරයින්ට එක්සත් ජනපදයේ ආයුධ අලෙවිය දිගටම පැවතීමට ඉඩ ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුමෙහි අවසානයක් නොපෙනන බැවිණි. මේ අතර, විශ්ලේෂකයින්ට අනුව, කොරියානු අර්ධද්වීපයේ, තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ දකුණු චීන මුහුදේ ගිනිදැල් අවුස්සමින්, එක්සත් ජනපදය සිය සහචරයින් සමඟ එක්ව චීනය පාලනය කිරීමට "ඉන්දු-පැසිෆික්" උපායමාර්ගය ද ඉදිරියට ගෙන යමින් සිටී.
"ආයුධ අලෙවිය සහ සමර්පණය කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සඳහා දිගු කාලීන බලපෑම් ඇති කළ හැකි වැදගත් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති මෙවලම් වේ," එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"මුල්‍ය වර්ෂ 2024 දීද විදේශයන්හි එක්සත් ජනපද යුද අවි අලෙවිය දිගටම වර්ධනය වීමට ඉඩ ඇත." යනුවෙන් එක්සත් ජනපදයේ යුද අවි වෙළෙඳාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙන චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොන් පවසයි. "මිලිටරි-කාර්මික සංකීර්ණයට සේවය කරන එක්සත් ජනපද ප්‍රතිපත්තියේ ප්‍රවණතාවය දිගු කාලීනව ද වෙනස් නොවනු ඇත." මහාචාර්ය ලී වැඩිදුරටත් අවධාරණය කරයි.
තම විදේශ ප්‍රතිපත්තිය තමන්ගේම ජනතාවගේ අවශ්‍යතාවලින් විතැන් කර හමුදා කාර්මික සංකීර්ණය විසින් මූලික වශයෙන් පැහැරගෙන ගොස් තිබීම සැබවින්ම එක්සත් ජනපදයට මහත් අවාසනාවක් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර පොලිටිකෝ සඟරාව පෙන්වා දෙන්නේ එක්සත් ජනපද ආයුද අලෙවියෙහි වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ බයිඩෙන් පරිපාලනය "රුසියානු ආයුධ ආනයනයෙන් ලෝකයේ වෙනත් රටවල් ඉවත් කිරීමට සහ දේශීය ආරක්ෂක නිෂ්පාදන වැඩි කිරීමට යුරෝපයේ සහ ආසියාවේ ඇති අවස්ථාවන් උකහා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි."
මේ අතර රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේ "වර්ධනය වන ගෝලීය අස්ථාවරත්වය මධ්‍යයේ කොටස් මිළ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති ලොක්හීඩ් මාටින්, ජෙනරල් ඩයිනමික්ස් සහ නෝත්‍රොප් ග්‍රම්මන් වැනි සමාගම් වල විකුණුම් අපේක්ෂාවන් ඉහල යන" බවයි.
මේ අතර චීන හමුදා විශේෂඥ සොන්ග් ෂොං පිං මේ සම්බන්ධයෙන් අදහ දක්වමින් සංක්ෂිප්ත වශයෙන් ගත් කළ, එක්සත් ජනපද ආයුධ අලෙවිය එක්සත් ජනපද මිලිටරි ආධිපත්‍යයට සේවය කරන බවත්, එය එක්සත් ජනපද ආණ්ඩුව පෘථිවියේ විශාලතම ආයුධ වෙළෙන්දා බවට පත් කරන බවත්ය.
"රුසියානු තර්ජනය" සහ "චීන තර්ජනය" පිලිබඳ ඇමරිකානු දේශපාලඥයින්ගේ නිරන්තර ප්‍රචාරණය මැතිවරණවලදී ඇමරිකානු ආයුධ වෙළෙන්දන්ගේ සහාය දිනා ගැනීම සඳහා යොදනු ලබන උපක්‍රමයක් බවත් "ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පාර්ශවයන් අතර කිසිදු වෙනසක් මේ සම්බන්ධයෙන් නොමැති බව" සොන්ග් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්