News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය තාන්ත්‍රිකත්වය 'මිලිටරි-කාර්මික සංකීර්ණය" විසින් පැහැරගෙන යාමෙන් 2023 මුදල් වර්ෂයේදී එක්සත් ජනපද ආයුධ අලෙවියෙහි වාර්තාගත ඉහළ යාමක්

Feb 1, 2024 at 12:02 PM
|

ප්‍රධාන ගෝලීය මිලිටරි ගැටුම් හේතුවෙන් ඉහළ යන යුද අවි අවශ්‍යතාවය හේතුවෙන් 2023 මූල්‍ය වර්ෂයේ එක්සත් ජනපදය විදේශීය රාජ්‍යයන්ට ආයුධ අලෙවියෙන් ඩොලර් බිලියන 238ක වාර්තාගත ආදයමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එය පසුගිය වර්ෂයට වඩා සියයට 16 ක ඉහළ යාමක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවේ.

දේශපාලන ආර්ථික විද්‍යාඥයන්ට අනුව එක්සත් ජනපදය යුද අවි වෙළඳාමෙන් ලබා ගෙන ඇති ඉහළ ආදයම එක්සත් ජනපදය විසින් උසිගැන්වීම හේතුවෙන් තීව්‍ර වන භූ දේශපාලන ආතතීන් පිළිබිඹු වනවා පමණක් නොව, "මිලිටරි-කාර්මික සංකීර්ණය" විසින් එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකත්වය ගැඹුරින්ම පැහැරගෙන ඇති බවට වන අවාසනාවන්ත කරුණක් ගෙනහැර දැක්වේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, 2023 ගිණුම් වර්ෂයෙහි, එක්සත් ජනපදය විදේශ හමුදා වෙත කරනු ලබන යුද අවි විකුණුම් පද්ධතිය ඩොලර් බිලියන 80.9 ක විකුණුම් සෘජුවම සාකච්ඡා කර ඇති අතර එය 2022 මුl\ya වර්ෂයට වඩා සියයට 55.9 ක වැඩිවීමකි. ඉතිරි ඩොලර් බිලියන 157.5 සෘජු වාණිජ විකුණුම් වූ අතර එය 2022 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 2.5 ක වර්ධනයකි.

වඩාත්ම කැපී පෙනෙන විකුණුම් අතරට පෝලන්තයට ඩොලර් බිලියන 12 ක් වටිනා High Mobility Artillery Rocket Systems (HIMARS) ද, ජර්මනියට ඩොලර් බිලියන 8.5 ක් වටිනා CH-47F Chinook Helicopters ද, යුක්රේනයට ලබා දුන් National Advanced Surface to Air Missile Systems (NASAMS) ද ඇතුළත් විය. මේ අතර චෙක් ජනරජය F-35 ජෙට් සහ යුධෝපකරණ සඳහා ඩොලර් බිලියන 5.6 ක් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවා ඇත.

එක්සත් ජනපදය නිකුත් කළ නිවේදනයට අනුව යුරෝපයෙන් ඔබ්බට, මැද පෙරදිග සහ ආසියා-පැසිෆික් කලාපවල තම සහචරයින්ට ඩොලර් බිලියන ගණන් වටිනා ආයුධ විකුණා ඇත. ආසියානු කළාපයේ සිදු කළ විශාල ගනුදෙනු අතර දකුණු කොරියාවේ ඩොලර් බිලියන 5.62 ක් වටිනා F-35 ගුවන් යානා ඇණවුම සහ ඩොලර් බිලියන 1.5 ක් වටිනා CH-47F Chinook ඇණවුමද ඇතුළත් විය.

ආයුධ අලෙවියේ වර්ධනය පිටුපස, එක්සත් ජනපදය ලෝකයේ විවිධ කලාපවල ගැටුම් සහ අර්බුද නිර්මානය කර හෝ තීව්‍ර කිරීම හේතුව තිබෙන අතර, අනෙකුත් රටවලට එම රටවල අයවැය වැඩි කිරීමට සහ මිලිටරි-කාර්මික සංකීර්ණයේ අවශ්‍යතා වඩා හොඳින් ඉටු කිරීම සඳහා එක්සත් ජනපද ආයුධ මිලදී ගැනීමට බල කර ඇති බව දේශපාලන ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. 

ගාසා අර්බුදය ප්‍රසාරණය වීමත් සමඟ එක්සත් ජනපදය මැද පෙරදිග කළාපයේ වඩාත් දිග්ගැස්සුනු යුද්ධයකට ඇදී යනු ඇත්ද යන්න අවිනිශ්චිතව පවතී. යුක්‍රේනයට සහ එහි නේටෝ සහචරයින්ට එක්සත් ජනපදයේ ආයුධ අලෙවිය දිගටම පැවතීමට ඉඩ ඇත්තේ  රුසියානු-යුක්රේන ගැටුමෙහි අවසානයක් නොපෙනන බැවිණි. මේ අතර, විශ්ලේෂකයින්ට අනුව, කොරියානු අර්ධද්වීපයේ, තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ දකුණු චීන මුහුදේ ගිනිදැල් අවුස්සමින්, එක්සත් ජනපදය සිය සහචරයින් සමඟ එක්ව චීනය පාලනය කිරීමට "ඉන්දු-පැසිෆික්" උපායමාර්ගය ද ඉදිරියට ගෙන යමින් සිටී.

"ආයුධ අලෙවිය සහ සමර්පණය කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සඳහා දිගු කාලීන බලපෑම් ඇති කළ හැකි වැදගත් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති මෙවලම් වේ," එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"මුල්‍ය වර්ෂ 2024 දීද විදේශයන්හි එක්සත් ජනපද යුද අවි අලෙවිය දිගටම වර්ධනය වීමට ඉඩ ඇත." යනුවෙන් එක්සත් ජනපදයේ යුද අවි වෙළෙඳාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙන චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොන් පවසයි. "මිලිටරි-කාර්මික සංකීර්ණයට සේවය කරන එක්සත් ජනපද ප්‍රතිපත්තියේ ප්‍රවණතාවය දිගු කාලීනව ද වෙනස් නොවනු ඇත." මහාචාර්ය ලී වැඩිදුරටත් අවධාරණය කරයි.

තම විදේශ ප්‍රතිපත්තිය තමන්ගේම ජනතාවගේ අවශ්‍යතාවලින් විතැන් කර හමුදා කාර්මික සංකීර්ණය විසින් මූලික වශයෙන් පැහැරගෙන ගොස් තිබීම සැබවින්ම එක්සත් ජනපදයට මහත් අවාසනාවක් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර පොලිටිකෝ සඟරාව පෙන්වා දෙන්නේ එක්සත් ජනපද ආයුද අලෙවියෙහි වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ බයිඩෙන් පරිපාලනය "රුසියානු ආයුධ ආනයනයෙන් ලෝකයේ වෙනත් රටවල් ඉවත් කිරීමට සහ දේශීය ආරක්ෂක නිෂ්පාදන වැඩි කිරීමට යුරෝපයේ සහ ආසියාවේ ඇති අවස්ථාවන් උකහා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි."

මේ අතර රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේ "වර්ධනය වන ගෝලීය අස්ථාවරත්වය මධ්‍යයේ කොටස් මිළ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති ලොක්හීඩ් මාටින්, ජෙනරල් ඩයිනමික්ස් සහ නෝත්‍රොප් ග්‍රම්මන් වැනි සමාගම් වල විකුණුම් අපේක්ෂාවන් ඉහල යන" බවයි.

මේ අතර චීන හමුදා විශේෂඥ සොන්ග් ෂොං පිං මේ සම්බන්ධයෙන් අදහ දක්වමින්  සංක්ෂිප්ත වශයෙන් ගත් කළ, එක්සත් ජනපද ආයුධ අලෙවිය එක්සත් ජනපද මිලිටරි ආධිපත්‍යයට සේවය කරන බවත්, එය එක්සත් ජනපද ආණ්ඩුව පෘථිවියේ විශාලතම ආයුධ වෙළෙන්දා බවට පත් කරන බවත්ය.

"රුසියානු තර්ජනය" සහ "චීන තර්ජනය" පිලිබඳ ඇමරිකානු දේශපාලඥයින්ගේ නිරන්තර ප්‍රචාරණය මැතිවරණවලදී ඇමරිකානු ආයුධ වෙළෙන්දන්ගේ සහාය දිනා ගැනීම සඳහා යොදනු ලබන උපක්‍රමයක් බවත් "ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන්  පාර්ශවයන් අතර කිසිදු වෙනසක් මේ සම්බන්ධයෙන් නොමැති බව" සොන්ග් අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.