News Category
From Date
To Date
Maximum Number of Result

ඕස්ට්‍රේලියාවේ 'අවදි වූ ප්‍රභූන්' ඔස්ට්‍රේලියානු ජාතික අනන්‍යතාවය මකා දමමින් සිටී.... නව නාසිවාදීන් වැඩි වීම පුදුමයක් නොවේ

Jan 31, 2024 at 02:24 PM
|

පසුගිය  ජනවාරි 26 වෙනිදා, ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු දිනය සමරනු ලැබූහ. ඔස්ට්‍රේලියානු ජාතික දිනය , ඇමරිකාවේ ජූලි 4 දිනයට හෝ ප්‍රංශයේ බැස්ටිල් දිනයට සමාන වන්නේය.

ඕස්ට්‍රේලියානුවන්,ඇමරිකානුවන් හෝ ප්‍රංශ ජාතිකයන් තරම් ඔවුන්ගේ ජාතික දිනය සාඩම්බරයෙන් සමරන්නේ නොමැති අතර සාමාන්‍යයෙන් "බාබකියු" ආහාරයට ගනිමින් , වෙරළට යාමෙන් හෝ පවුලේ අය සහ මිතුරන් සමඟ බියර්  පානය කරමින් පොදුවේ ලැබෙන  නිවාඩු දිනය සමරති.

කෙසේ වෙතත්, මෙම වසරේ ඕස්ට්‍රේලියානු දිනය සැමරීම දේශපාලන වර්ණාවලියේ අන්ත දෙකෙහිම දේශපාලන අන්තවාදය ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණි. පසුගිය වසරවල අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට පීඩා කර ඇති දේශපාලන අස්ථාවරත්වයට සාපේක්ෂව "ප්‍රතිශක්තිය" විශද කළ ජාතියක කලබලකාරී ප්‍රවණතාවයක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ විග්‍රහ කරති.

ඕස්ට්‍රේලියාව පාලනය කරන "අවදි වූ ප්‍රභූන්" විසින් මෑතකදී “ආක්‍රමණ දිනය” ලෙස නැවත නම් කරන ලද ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින දහස් ගණනක් ජනතාව රට පුරා ප්‍රාන්ත අගනුවරවල විරෝධතා රැලිවලට රොක් වූහ. ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයේදී   balaclava හෙවත් නව-නාසිවරුන් අඳින හිස සහ දෙකන් වසා අඳින ලෝම හිස් වැස්මක් සහිත ඇඳුම් ඇඳගත් දුසිම් ගණනක්වූ පුදගලයන් විරෝධතාකරුවන් සමඟ ගැටීම වැලැක්වීමට ඔස්ට්‍රීලියානු පොලිසිය බලහත්කාරය යොදනු දනට ලැබුණි.

සම්ප්‍රදායික අදේශපාලනික ඕස්ට්‍රේලියාවේ ජාතික දින සැමරුම ගැටුමක් බවට පත් වූයේ කෙසේද?

මෙයට ලැබෙන කෙටි පිළිතුර නම්, ඕස්ට්‍රේලියාවේ අතාර්කික ප්‍රභූ දේශපාලනය දැන් ඊටත් වඩා අතාර්කික දක්ෂිනාංශික අන්තවාදී පසුබෑමක් ජනනය කරමින් සිටින අතර එය කිසිදු පාර්ශ්වයකට හෝ රජයට පාලනය කළ නොහැකි බව දක්නට ලැබේ.

මෑත වසරවලදී, ඕස්ට්‍රේලියාවේ ප්‍රභූ දේශපාලනය ආදිවාසී ප්‍රපංචය උද්‍යෝගයෙන් වැලඳගෙන ඇති අතර, ක්‍රියාත්මක තලයේදී ආදිවාසී දේශපාලනයේ ස්වභාවය රැඩිකල් පරිවර්තනයකට ලක් කර ඇත.

සම්ප්‍රදායිකව ආදිවාසී දේශපාලනය තම අවධානය  වර්ගවාදී නීති අහෝසි කිරීම, වෙනස් කොට සැලකීම අවසන් කිරීම, ඉඩම් අයිතිවාසිකම් ලබා ගැනීම සහ විශේෂයෙන්ම දුරස්ථ ප්‍රජාවන් තුළට ගොනුවී සිටින ආදිවාසී ජනයා මුහුණ දෙන අවාසිසහගත තත්වයන් සහ දරිද්‍රතාවයට පිළියම් යෙදීම වැනි කාරනා වලට සීමා කරනු ලැබීය .

පසුගිය වසර පනහ තුළ ආදිවාසී දේශපාලන නායකයින් සැලකිය යුතු ප්‍රතිසංස්කරණ අත්පත් කර ගෙන ඇත්තහ. වර්ගවාදී නීති මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ පැහැදිලිවම අහෝසි කර ඇත.  වෙනස්කොට සැලකීම විධිමත් ලෙස  අවසන් කර ඇත.ආදිවාසීන්ගේ ඉඩම් අයිතිය ජාතික වශයෙන් මෙන්ම සියලු ප්‍රාන්තවල එකලෙස  පිළිගෙන ඇත. නමුත් කනගාටුදායක ලෙස, දුරස්ථ ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන්හි සහ ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන අවාසි සහගත තත්වයන් සහ දරිද්‍රතාවයේ ගැටලුව වඩාත් නරක අතට හැරී ඇත.

අවාසනාවකට, පසුගිය වසරවලදී ඔස්ට්‍රේලියානු ආදිවාසී දේශපාලන නායකයින්ගේ නව පරම්පරාව, ඔවුන්ගේ පෙර පරම්පරාවේ නායකයින් කිහිප දෙනෙකු සමඟ එක මිටට ගෙන, ඕස්ට්‍රේලියාවේ ප්‍රභූන් විසින් රැවටීමට ලක් කර තිබෙනු දක්නට  ලැබේ. එලෙසම ආදිවාසී දේශපාලන නායකයන්ගේ නව පරම්පරාව  තොග වශයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රභූන්ගේ අතාර්කික දේශපාලන ක්‍රමය අනුගමනය කිරීමට නිරායාසයෙන් කටයුතු කර ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආදිවාසී දේශපාලන ප්‍රභූවරු එකිනෙකාට  දැඩි ලෙස විරුද්ධ කණ්ඩායම් දෙකකට බෙදී ඇත. කෙසේ වුවද ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් තවමත් දුරස්ථ ප්‍රදේශවල වාසය කරන ප්‍රජාවන් මුහුණ දෙන අවාසි සහගත තත්වයන් සහ ආදිවාසීන්ගේ දරිද්‍රතාවය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරන බව පෙනී යයි. අනෙක් කණ්ඩායම ආපසු හැරවිය නොහැකි ලෙස ඔවුන් තෝරාගෙන ඇති දිශානතිය තුළ උනන්දුවෙන් කටයුතු කරති.

කෙසේ වුවද පසුව සඳහන් කරන ලද කණ්ඩායම දුරස්ථ ප්‍රජාවන්හි තත්වයන් ගැන උනන්දුවක් නොදක්වමින් කටයුතු කරති. එම කණ්ඩායම ස්වෛරීභාවය පිළිබඳ අත් කරගත නොහැකි ප්‍රකාශයන් නිකුත් කිරීම, පාර්ලිමේන්තුව තුළ ස්වදේශීයන්ගේ හඬ නිර්මාණය කිරීම, ඉතිහාසය නැවත ලිවීම, ප්‍රතිමා විනාශ කිරීම  ආදිය මෙන්ම අවම වශයෙන් වුවද අවසාන වශයෙන් නොවන ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කිරීමට ඉල්ලා සිටීම වැනි කරුණු කෙරෙහි තමන්ගේ ශක්තිය යොමු කරති.

ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කිරීමේ ඉල්ලීම ව්‍යුත්පන්න වී ඇත්තේ - වරදකාරී සුදු ප්‍රභූන් සහ ඔවුන්ගේ අඥාන සහස්‍රක  "ඉසෙඩ්" පරම්පරාවේ දරුවන් විසින් උද්‍යෝගයෙන් වැලඳගත් රළු සරල දැක්ම වන  ඕස්ට්‍රේලියානු ඉතිහාසය යනු සුදු යටත් විජිත පීඩකයින් විසින් ආදිවාසී ජනතාවට එරෙහිව අඛණ්ඩව ගෙන යන ජන සංහාරක යුද්ධයකට වඩා වැඩි දෙයක් නොවේය යන්න මත පිහිටාය. ඔවුන්ගේ දැක්මට අනුව ඔස්ට්‍රේලියානු ඉතිහාසය යනු ජන සංහාරයේ දිග්ගැස්සුනු අභ්‍යාසයකට වඩා වැඩි දෙයක් නොවේ නම්, ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය අහෝසි කළ යුතුය.

ආදිවාසීන් වත්මනෙහි මුහුණ දෙන ඉරණමට ඇද දැමූ ප්‍රභූන් සමඟ එක පෙලට හිටගන්නා ආදිවාසි නායකයන් දැන් නිතිපතා මෙම මන්ත්‍රය අන්ධ විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරති. ඊට සමගාමීව ඔස්ට්‍රේලියානු සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍ය ආයතන වන ඒ බී සී සහ චැනල් 9 වැනි මාධ්‍ය ආයාතන මෙම මතයන් ප්‍රචාරය මහත් උනන්දුවෙන් ප්‍රචාරය කරති.

ඕස්ට්‍රේලියාවේ ඛේදනීය ඉතිහාසය තුළ ඇති කළු-සුදු අන්තර් ක්‍රියාකාරිත්වයේ සංකීර්ණතවය පිළිබඳව හොඳින් දන්නා ආදිවාසී දේශපාලන නායකයින්, ආදිවාසීන් මුහුණ දෙන අවාසිසහගත තවයන් සහ දරිද්‍රතාවය තුරන් කිරීමට ප්‍රභූ ස්වයං-වෛරය සහ සුචරිතවත් සංඥා මගින් කිසිවක් නොකරන බව වටහාගෙන සිටිති. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන හැසිරීම  තුළ ද්විත්ව රංගනයක ස්වභාවයක් විද්‍යාමාන වේ. ඇබොරිජිනල් දේශපාලනය ඔස්ට්‍රේලියාවේ පිබිදුණු ප්‍රභූ පංතිය  අත්පත් කර ගැනීම අතිශයින් හානිකර හා කුහක වනවා පමණක් නොව වංක ක්‍රියාවක් බව ද මෙම නායකයෝ වටහා ගනු ඇත.

මෙය පසුගිය වසරේ අගභාගයේදී ලේබර් අගමැති ඇල්බනීස්ගේ සුරතල් ප්‍රභූ ව්‍යාපෘතිය වන 'පාර්ලිමේන්තුවට ස්වදේශික හඬ' ව්‍යාපෘතිය ජනමත විචාරණයේදී අසාර්ථක වීමෙන් අගමැති ඇල්බනීස්ගේ පවිටු අපේක්ෂාව නාටකාකාර ලෙස තහවුරු විය.

2022 මැයි මාසයේ ෆෙඩරල් මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළ දින රාත්‍රියේම ෆෙඩරල් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව තහවුරු කර ඇති ආදිවාසී උපදේශක ආයතනයක් වන Voice ආයතනය පිහිටුවීමට ඇල්බනීස් පොරොන්දු විය.

ඇල්බනීස් සහ කම්කරු පක්ෂය මීට වසර ගණනාවකට පෙර කළාක් මෙන් ඇල්බනීස් නැවතත් මෙම කටයුත්ත  කළේ ඕස්ට්‍රේලියාවේ ප්‍රභූන් සමග සන්ධානගතව සිටි ආදිවාසී නායකයන්ගේ කණ්ඩායමේ බලපෑම හේතුවෙනි. Voice  ඔවුන්ගේ අදහසක් වූ අතර එයට අනෙකුත් ආදිවාසී දේශපාලන නායකයන් විරුද්ධ විය.

Voice සම්භාව්‍ය ප්‍රභූ ව්‍යාපෘතියක් විය. එය භේදකාරී, මිල අධික වූ අතර  සාක්ෂාත් කරගැනීමේ ඉඩ කඩ සුළු වශයෙන් පමණක් පවතිනු ඇත. එහෙත්, එය නිර්මාණය කළ ආදිවාසී "ප්‍රභූ මණ්ඩලයේ" සාමාජිකයන් සඳහා කිසිදු වැඩපලක් කිරීමට නැතත් හොඳ වැටුප් ලබන රැකියා අවස්ථා දුසිම් ගනනක් ස්ථාපිත කර තිබේ. එයට දැවැන්ත සමාගම්, විශ්ව විද්‍යාල, රාජ්‍ය සේවා සංවිධාන, කම්කරු පක්ෂය සහ මාධ්‍ය සංවිධාන විසින් උද්යෝගිමත් ලෙස සහාය දැක්වීම පුදුමයක් නොවේ.

Voice ව්‍යාපෘතියට පක්ෂවන ඇල්බනීස්ගේ ව්‍යාපාරය කිසිවිටෙකත් එය වටිනා යමක් සාක්ෂාත් කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කළේ නැත.එහෙත් නිමක් නැති හැඟුම්බර කතා පවත්වමින් ඇල්බනීස් කිඹුල් කඳුළු සලමින් කෑගැසුවේය. Voice ව්‍යාපෘතියට ගැති ආදිවාසී නායකයින් සුදු ඕස්ට්‍රේලියානුවන්ට පැවසුවේ ඔවුන් ජන සංහාරක මිනීමරුවන් බවයි. එලෙසම Voice ව්‍යාපෘතියට විරුද්ධ වන ඕනෑම අයෙක් වහාම "ජාතිවාදියෙකු" ලෙස හංවඩු ගසන ලැබුවේය.

පසුගිය වසරේ අගභාගයේදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින්ගෙන් 60% කට වැඩි පිරිසක් Voice ව්‍යාපෘතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පුදුමයක් නොවේ.

මෙම දේශපාලන පරාජයට ඇල්බනීස් ප්‍රතිචාර දැක්වූයේ ඔහු ආදිවාසී නොවන නිසා අසාර්ථකත්වයට වගකිව යුතු නැතිවාක් මෙන්ම ආදිවාසීන් බලාපොරොත්තු සුන්වීම් වලට පුරුදු වී ඇති බවත් පවසමිනි. ආදිවාසී දේශපාලනය සමඟ ඇල්බනීස්ගේ කෙටි හා විනාශකාරී ආලවන්ත හැඟීම් පෑම දැන් අවසන් වී ඇති බව පැහැදිලිය.

Voice ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණය කළ ආදිවාසී නායකයින් ඇල්බනීස්ගේ ප්‍රතිචාරය ගැන පුදුම නොවන්නට ඇත. නමුත් ඇල්බනීස් සහ ඔහුගේ අවදි වූ සහකරුවන් විසින් දියත් කරන ලද බෙදුම්වාදී ව්‍යාපාරය නීත්‍යානුකූල ආදිවාසී ඉල්ලීම්වලට අනුකම්පා කරන බොහෝ සුදු ඕස්ට්‍රේලියානුවන් විරසක කිරීමෙන් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ඇති ඉඩකඩට හානි කර ඇති බව ඔවුන් දනී.

ඇල්බනීස් ගේ බෙදුම්වාදී Voice ව්‍යාපාරයට සහය දුන් ආදිවාසී නායකයින් පෙනෙන විදිහට එහි අසාර්ථකත්වයෙන් කිසිවක් ඉගෙන ගෙන නැති අතර, ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කිරීමට පක්ෂව විරෝධතාවලට සහය දක්වමින් සුදු ප්‍රභූ දේශපාලනයට ඔවුන්ගේ නොමග ගිය කැපවීම දැන් දෙගුණ කරමින් සිටිති.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු දිනයේ මේ සියල්ල සිදු වූයේ කෙසේද?

මෙම අවස්ථාවට උදා වීමට පෙර, බොහෝ ප්‍රාදේශීය කම්කරු සභා ඔවුන් සාම්ප්‍රදායිකව දශක ගණනාවක් තිස්සේ කළාක් මෙන් ඕස්ට්‍රේලියානු දින උත්සව පැවැත්වීම ප්‍රතික්ෂේප කළහ. එලෙසම Woolworths  සහ  Aldi නම් ඕස්ට්‍රේලියාවේ විශාලතම සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක්, ජාතික ධජ හෝ වෙනත් ඔස්ට්‍රේලියානු ජාතික දිනයට අදාළ නිෂ්පාදන ගබඩා කිරීම ප්‍රතික්ෂේප කළහ.

1770 දී බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව අත්පත් කරගෙන ආදිවාසීන් සමඟ ප්‍රථම ප්‍රතිසන්ධාන ක්‍රියාවේ යෙදුණු - දහඅටවන සියවසේ ගවේෂක කපිතාන් කුක්ගේ ප්‍රතිමාවක් මෙල්බර්න්හිදී පසුගිය සතිය මුලදී විනාශ කර අපකීර්තියට පත් කරන ලදී. එමෙන්ම ඔස්ට්‍රේලියානු දිනය විවේචනය කරමින් සහ එය වහා අහෝසි කරන ලෙස ඉල්ලා මාධ්‍ය පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය.

ඔස්ට්‍රේලියානු දිනය අහෝසි කරන ලෙස  ප්‍රතිවිරුද්ධ දේශපාලනයේ නියැලෙන ප්‍රභූ දේශපාලන නායකයින් විසින් ඉල්ලා සිටි පාගමනට විරෝධතාකරුවන් දහස් ගණනක් සහභාගී වීම පුදුමයක් නොවේ.

සිඩ්නි හිදි පැවැති මෙම විරෝධතාකරුවන්ට මුහුණ දීමට නව-නාසි කණ්ඩායමක් උත්සාහ කිරීම පුදුමයට කරුණක් නොවිය යුතුය. වසර කිහිපයක් තිස්සේ එවැනි කණ්ඩායම් වික්ටෝරියා හි දේශපාලන පෙලපාලි කඩාකප්පල් කිරීමට ක්‍රියාකාරීව සහභාගි වී ඇත. මේ වන විට ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවලින් මෙම ප්‍රවනතාවය දක්නට ලැබේ.

ඇඹ්C සහ චැනල් 9 වැනි මාධ්‍ය ආයතන පසුගිය වසරවලදී මෙම කණ්ඩායම්වලට අසාමාන්‍ය ප්‍රචාරණයක් ලබා දී ඇත. නාසි ලාංඡන සහ නාසි ආචාරය තහනම් කිරීමේ නීති සමඟින් මර්දනකාරී ඊනියා “වෛරී ප්‍රකාශ” නීති සම්මත කිරීමෙන්ද කම්කරු ආණ්ඩුවද මෙලෙසම සහයෝගයක් දී ඇත. පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාලක කම්කරු පක්ෂයේ නායකයා නව-නාසිවරුන් "නම් කිරීම සහ ලැජ්ජා කිරීමේ" සැලසුම් සම්බන්ධයෙන් නිවේදනය කළේය. එම ක්‍රියාව මගින් වැඩි ප්‍රසිද්ධියක් සහතික කර නව නාසීන්ගේ අරමුණ තව දුරටත් ඉදිරියට ගෙන යනු ලබයි.

ඕස්ට්‍රේලියානු දින පෙළපාලිකරුවන් සහ ඔවුන්ට මුහුණ දීමට උත්සාහ කළ නව-නාසිවාදීන් එකම අතාර්කික දේශපාලන කාසියේ දෙපැත්ත පිළිබිඹු කරයි.

සියලුම සුදු ඕස්ට්‍රේලියානුවන් සමූලඝාතක මිනීමරුවන් සහ ජාතිවාදීන් ලෙස හැඳින්වීමෙන් සුදු ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම ප්‍රකාශිත ඉලක්කයක් වන දේශපාලන ව්‍යාපාරයක් ඇති කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු පුදුම නොවිය යුතුය.

ඕස්ට්‍රේලියාවේ දේශපාලනය අතාර්කික ලෙස වර්ධනය වන විට, දේශපාලන අන්තවාදය අනාගතයේදී තීව්‍ර වනු ඇති බව සක් සුදක් සේ පැහැදිළිය.

https://www.rt.com/news/591464-australia-national-identity-neo-nazis/

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.