මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර 50,000කට ආසන්න ප්‍රමාණයක් බිඳවැටීමේ මුව විටටම ඇවිත් - නවතම සමීක්ෂණ වාර්තාවක් පවසයි
මහා බ්‍රිතාන්‍යයේ පොලී අනුපාත ඉහල දැමීම් මාලාවක් මගින් අවුලුවාලූ “ණය කුණාටුවක්” හේතුවෙන් බංකොලොත් භාවයේ අද්දර සිටින එක්සත් රාජධානියේ ව්‍යාපාර සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ එවැනි ව්‍යාපාර සංඛ්‍යාව මෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිය බව පසුගිය 15 වනදා ඉදිරිපත් වූ වාර්තාවකින් හෙළිදරව් විය.
ඹෙග්බීස් ඨ්‍රය්නොර් සමූහය විසින් නිකුත් කරන ලද නවතම 'ර්‍එඩ් Fලග් ඇලෙර්ට්' වාර්තාව පවසන්නේ පසුගිය වසරේ අවසාන කාර්තුවේදී බ්‍රිතාන්‍යයේ සමාගම් 47,477ක් "දරුණු" මූල්‍ය අර්බුදයක සිටි බවත්, තවත් සමාගම් විශාල ප්‍රමානයක් උද්ධමනය සහ ණය ගැනීමේ පිරිවැය සමඟ පොරබදමින් සිටි බවයි. පසුගිය මාස තුන තුළ "දරුණු" මට්ටමේ පීඩාවක් වාර්තා කළ සමාගම් 37,772 හා සසඳන විට මෙම අගය 26% ක වැඩිවීමකි.
තීරනාත්මක මූල්‍ය පීඩාව කාර්තුවෙන් කාර්තුවට ඉදිරිපත් කරන වාර්තාව අඛණ්ඩව දෙවන කාලපරිච්ඡේදයේදීද මෙම වැඩිවීම 25% කින් ඉහළ යාම සනිටුහන් කරන බව සඳහන් කරයි. මෙම තත්ත්වයන්ට මුහුණ දෙන ව්‍යාපාරවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉදිරි වසර තුළ බංකොලොත් භාවයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඹෙග්බීස් ඨ්‍රය්නොර් හි හවුල්කරුවෙකු වන Jඋලී ඵල්මෙර් ට අනුව, ඉහල යන පොලී අනුපාත, "ඉහළ" උද්ධමනය සහ "අනපේක්ෂිත" යෙදවුම් පිරිවැය මධ්‍යයේ දුර්වල පාරිභෝගික විශ්වාසය බ්‍රිතාන්‍ය ව්‍යාපාර සඳහා "පරිපූර්ණ කුණාටුවක්" නිර්මාණය කර ඇත.
උද්ධමනය මෙල්ල කිරීමේ උත්සාහයක් ලෙස එංගලන්ත බැංකුව 2021 වර්ෂය අවසානයේ තිබූ 0.1% බැංකු පොලී අනුපාතයේ සිට වර්තමාන 5.25% දක්වා පොලී අනුපාතය දක්වා ක්‍රමානුකූලව ඉහළ නංවා ඇත.
"එම නිෂ්චල දිනයන් තුළ දැරිය හැකි ණය මත පැටවූ එක්සත් රාජධානියේ සිය දහස් ගණනක් ව්‍යාපාර දැන් ඔවුන්ගේ මූල්‍යය තත්වයට ඇති අමතර බර සමඟ එක් වෙමින් සිටිති." Jඋලී ඵල්මෙර් තවදුරටත් පැවසීය. "යම් දුරකට ශුභවාදීව බලා සිටිය යුතු දස දහස් ගණනක් බ්‍රිතාන්‍ය ව්‍යාපාර වලට නව වසර තුළ පැවැත්ම සඳහා සටනක් කිරීමට සිදු වනු ඇත."
සාර්ව ආර්ථික කැලඹීම එක්සත් රාජධානියේ ආර්ථිකයේ “සෑම අස්සක් මුල්ලක් නෑරම” බලපාන බව පාමර් පැවසුවේ, වඩාත් බරපතල තත්වයන් නිර්මාණය වන්නේ ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් අංශවල බවයි. ඹෙග්බීස් ට අනුව එක්සත් රාජධානියේ තීරනාත්මක මූල්‍ය අර්බුදයක සිටින සියලුම ව්‍යාපාරවලින් 30% කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි. පර්යේෂකයන් පෙන්වා දුන්නේ තක්සේරු කරන ලද අංශ 22ම පසුගිය වසරේ “තීරණාත්මක” මූල්‍ය අර්බුදයේ වැඩිවීමක් දක්නට ලැබුණු බවයි.
පසුගිය වසරේ අවසන් කාර්තුවේදී බ්‍රිතාන්‍ය සමාගම් 540,000කට ආසන්න සංඛ්‍යාවක් “සැලකිය යුතු” විපතකට පත්ව ඇති බව වාර්තාව පෙන්වා දෙන අතර එය තුන්වන කාර්තුවට වඩා 12.9% කින් වැඩි වීමකි. ඹෙග්බීස් ඨ්‍රය්නොර් එක්සත් රාජධානියේ ව්‍යාපාර බංකොලොත් අනුපාතය 2024 දී තවත් වේගවත් විය හැකි බවට අනතුරු ඇඟවූයේය .
https://www.rt.com/business/591098-uk-business-critical-financial-distress/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්