සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.
මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත.
වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය.
මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.
ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.
සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.
අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations"
ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.
(මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්