News Category
From Date
To Date
Maximum Number of Result

මාලදිවයිනට පැමිණෙන චීන පර්යේෂණ යාත්‍රාව සම්බන්ධයෙන් වන ඉන්දියාවේ හැසිරීම ' ඉන්දියාවේ අධිපතිවාදී මානසිකත්වය' පිළිබිඹු කරයි

Jan 24, 2024 at 03:54 PM
|

මාලදිවයින් රාජ්‍යය ඉදිරි දිනවලදී චීන පර්යේෂණ යාත්‍රාවකට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින බව පසුගියදා මාධ්‍ය වාර්තා කර සිටියේය. 

ඒ අතර , ඉන්දීය නාවික හමුදාව එම යාත්‍රාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. 

ඒ අනුව නවදිල්ලියේ එම හැසිරීම චීනය සම්බන්ධයෙන් නව  මානයක් මතු කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන සමහර චීන විශේෂඥයින් පවසන්නේ ඉන්දියාවේ  "මිලිටරි අරමුණු" සඳහා චීන පර්යේෂණ යාත්‍රාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ල සහ කළබලය දකුණු ආසියාව සහ ඉන්දියන් සාගරය ඉන්දියාවේ බලපෑම් ක්ෂේත්‍රය ලෙස සලකන බැවින් ඉන්දියාවේ අධිපති මානසිකත්වය මෙම හැසිරීම මගින් පිළිබිඹු කරන බවයි.

චීන පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 නෞකාව මාලදිවයිනේ අගනුවර වන මාලේ වෙත ගමන් කරන බව රොයිටර් පුවත් සේවය පසුගිය 22 වන සඳුදා වාර්තා කළේ ඩේමියන් සයිමන් නම්   විවෘත මූලාශ්‍ර බුද්ධි පර්යේෂකයාගේ සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර තිබූ තොරතුරු උපුටා දක්වමිනි. මෙවැනි ආකාරයේ ගැටළු සහගත හැසිරීමක් 2022 දී ශ්‍රී ලංකාවට ඇතුළු වූ චීන නෞකාව සම්බන්ධයෙන්ද ඉන්දියාව පෙන්නුම් කළේය.

22 දා උදෑසන ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියන් සාගරයට ඇතුළු වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාව මේ වන විට සමීපව නිරීක්ෂණය කරමින් සිටී. එය පෙබරවාරි මුල් සතිය වන විට මාලදිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා ඊයේ (23) වාර්තා කළේය.

ඉන්දියානු මාධ්‍ය මෙම යාත්‍රාව සම්බන්ධයෙන් වාර්තා කරනු ලැබූවේ නාවික සහ සබ්මැරීන් මෙහෙයුම් සඳහා ප්‍රයෝජනවත් වන සාගර විද්‍යාත්මක සහ අනෙකුත් දත්ත සිතියම් ගත කළ හැකි "ද්විත්ව භාවිත" නෞකාවක් ලෙසයි.

චීන-මාලදිවයින ද්විපාර්ශ්වික සබඳතා පුළුල් උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයක් දක්වා වැඩිදියුණු කරන ලද මෙම මස මුලදී මාල දිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු චීනයේ සංචාරය කිරීමෙන් පසු පර්යේෂණ නෞකාව මාලදිවයිනට පැමිණීමට අපේක්ෂා කර තිබුණි. ඒකාබද්ධ තීරයක් සහ මාර්ග සහයෝගීතාව, ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධනය, නිල් ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය, යටිතල පහසුකම් සහ ජීවනෝපා ආධාර වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහයෝගීතා ලේඛන රැසකට මුයිසුගේ සංචාරයේදී අත්සන් කරන ලදී.

වසර ගණනාවක් පුරා ආරක්‍ෂාව සහ දේශපාලනය සම්බන්ධයෙන් මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව මැදිහත් වීම සම්බන්ධයෙන් මාලදිවයිනේ වත්මන් ජනාධිපති මුයිසුගේ පරිපාලනය සෑහීමකට පත් නොවේ. මෙම නව ප්‍රවනතාවය මාලදිවයින චීනය දෙසට නැඹුරු වී ඉන්දියාවෙන් ඈත් වී සිටින බව ඉන්දියාවේ ඇතැමුන් විසින් වටහාගෙන ඇති බව සිංහුවා විශ්වවිද්‍යාලයේ ජාතික උපාය මාර්ග ආයතනයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ Qian Feng 23 වනදා  මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසීය.

"මෙම තත්වය නොසලකා, චීන පර්යේෂණ යාත්‍රාවේ කටයුතු සිදුවීම චීන-මාලදිවයින් සබඳතාවල  වර්ධනීය තත්වයක් ඇතිවීම හේතුවෙන් ඉන්දීය නිලධාරීන්ගේ සැකය තවත් තීව්‍ර වී තිබෙනවා." ඔහු පැවසීය.

චීනයේ මෙවැනි යාත්‍රා මුහුදු තීරයට ඇතුල්වීම සම්බන්ධයෙන් ඉන්දියාව මීට පෙර ශ්‍රී ලංකාවට දැඩි විරෝධය පළ කර ඇත. ශ්‍රී ලංකාව කිසිදු චීන පර්යේෂණ නෞකාවකට වසරක කාලයක් එහි වරායේ නැව්ගත කිරීමට හෝ එහි සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව ඉන්දියාවට දන්වා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් 2023 දෙසැම්බර් මාසයේදී වාර්තා කළේය. සමහර ඉන්දීය මාධ්‍ය එය “ඉන්දියාවට ලැබුනු විශාල ජයක්” ලෙස විදහා දැක්වීය.

"කෙසේ වුවද චීන පර්යේෂණ යාත්‍රාවට එරෙහිව ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාව මීට පෙර ගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග මාලදිවයින් ජනාධිපති මුයිසු රජය සම්බන්ධයෙන් භාවිත කිරීම අපහසු බව පෙනේ." ඉන්දියා-මාලදිවයින් සබඳතා සියුම් සන්ධිස්ථානයක පවතින බව සඳහන් කරමින් Qian පැවසීය.

කෙසේ වුවද මේ කාරණයේදී මාලදිවයින පක්ෂග්‍රාහී නොවන බවත් ජාත්‍යන්තර සබඳතාවලදී අන්‍යෝන්‍ය ගෞරවය අවශ්‍ය බවත් මුයිසු පැහැදිලිවම ප්‍රකාශ කළේය. එබැවින් මාලදිවයින් රජයට අනවශ්‍ය බලපෑම් නොකිරීමට ඉන්දියාව ප්‍රවේශම් වන බව විශේෂඥයා සඳහන් කළේය.

චීන පර්යේෂණ යාත්‍රාවක් මාලදිවයිනේ නැව්ගත කළ පළමු අවස්ථාව මෙය නොවේ.  Xiang Yang Hong 01 පර්යේෂණ යාත්‍රාව 2016 වසරේ නොවැම්බර් මාසයේදී මාලේ න්ජුවරදී මහජනතාව සඳහා විවෘත කරන ලද්දේය. එය භෞතික සාගර විද්‍යාව සහ සමුද්‍ර කාල කාලගුණ විද්‍යාව, සමුද්‍ර රසායන විද්‍යාව සහ ජල ආශ්‍රිත ජෛව විද්‍යාව ආවරණය කරමින් නැගෙනහිර ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සමීක්ෂණ පැවැත්වීමට සූදානම් විය.

 2017 පෙබරවාරි මාසයේදී මාලදිවයිනේ චීන තානාපතිවරයා දෙරට අතර සමුද්‍ර සහයෝගීතාවයට මග පාදමින් ප්‍රථම වරට මාලේ නැංගුරම් ලා ඇති Xiang Yang Hong 09 පර්යේෂණ නෞකාවේ නියෝජිත පිරිසක් හමුවිය.

ඉන්දියාව දකුණු ආසියාව සහ ඉන්දියන් සාගරය තම බලපෑම් කලාපය ලෙස සලකන අතර ඉන්දියන් සාගරයේ චීනය සිටීම ගැන සංවේදී වේ. එය ඉන්දියානු සාගර කළාපය කෙරෙහි  සංවේදී  මෙන්ම අධිපති මානසිකත්වයක මිශ්‍රණයක් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජාත්‍යන්තර උපාය මාර්ග පිළිබඳ ජාතික ආයතනයේ සහකාර පර්යේෂකයෙකු වන ටියැන් ගුවැංකියැං 23 වනදා  මාධ්‍ය  වෙත පැවසීය.

ඉන්දියාව මාලදිවයිනට සිය බරපතල කනස්සල්ල හෝ විරෝධතා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ප්‍රකාශ කළ හැකිවාක් මෙන්ම ඉන්දියාවේ අප්‍රසාදය පෙන්විය හැකිය.එලෙසම  මාලදිවයිනට පැමිණෙන ඉන්දීය නාවික නැව් හෝ වෙනත් යාත්‍රා සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටිය හැකි බවද ටියැන් පැවසීය. "මාලදිවයින් රජයට පීඩනය යෙදීම සඳහා මාලදිවයිනේ ඉන්දියානු ගැති දේශපාලන පක්ෂ හෝ බලවේග භාවිතා කළ හැකි අතර, ඊනියා 'චීන තර්ජනය' ප්‍රචාරණය කිරීමට සමාජ මාධ්‍ය වුවද භාවිතා කළ හැකිය."

කෙසේ වෙතත්,  එවැනි කාරණා මාලදිවයින තම ස්වෛරී අයිතීන් යටතට වැටෙන බව සැලකීමට ඉඩ ඇති බවත්, මාලදිවයින වඩාත් සමබර ප්‍රවේශයක් අනුගමනය කළ හැකි වුවද ඉන්දීය මැදිහත්වීම් සඳහා විවෘත නොවනු ඇති බවත් විශ්වාස කළ හැකි බව ඔහු පැවසීය.

- ජීවන්ත ජයතිස්ස -

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.