ශබ්දයේ වේගයට වඩා හත් ගුණයක වේගයක් ඇති හයිපර්සොනික් 'ස්මාර්ට් ෂෙල්' යුද අවිය චීනය සාර්ථකව අත් හදා බලයි
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් පතට අනුව චීන නාවික විද්‍යාඥයින් ශබ්දයේ වේගයෙන් මෙන් හත් ගුණයක වේගයෙන් ගමන් කර (මැක් 7 ) ඉලක්කයකට නිරවද්‍ය ප්‍රහාරයක් එල්ල කළ හැකි ‘ස්මාර්ට් ෂෙල්’ අවිය සාර්ථකව නිර්මාණය කර තිබේ.
පුවත් පත වැඩිදුරටත් පවසන්නේ බීජිං පරිපාලනය මෙම ෂෙල් අවිය සිය පියාසර මාර්ගය චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් සොයා ගැනීමට හැකියාව ඇති සූක්ෂම ෂෙල් අවියක් බවයි.
චිනය නිපදවා ඇති මෙම නවීනතම ෂෙල් අවියට මීටර් 15 ට වඩා අඩු දෝෂයක් සහිතව ඉලක්කයට පහර දිය හැකි බවද සවුත් චයිනා මෝර්නිං පුවත් පත අනාවරණය කළේය. එහි ඇති ඉහළ නිරවද්‍ය ඉලක්කය සොයා යාමේ හැකියාව හේතුවෙන් යුද ටැංකි වැනි කුඩා චලන ඉලක්ක වලට පහර දීමට එය සුදුසු නොවන නමුත් යුධ නැව් හෝ වරායන් වැනි විශාල, ස්ථිතික යුද ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා වඩාත් සුදුසු වේ.
යුධ තාක්‍ෂණයේ දියුණුව සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන පුවත් පත , ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් යා හැකි ජීපීඑස් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිය ගමන් පථය සොයා ගන්නා "ඩ්‍රීම් ෂෙල්" නැමැති ෂෙල් අවිය නිරමාණය කිරීමට එක්සත් ජනපද නාවික හමුදාව විසින් 2012 වර්ෂයේදී යෝජනා කරණු ලැබීය.
වසර පහක් ඇතුළත 'ඩ්‍රීම් ෂෙල්' අත්හදා බැලීමේ අභිප්‍රාය ඇතිව 2012 වර්ෂයේදී එක්සත් ජනපද නාවික හමුදාව විසින් මෙම සංකල්පය මුලින්ම යෝජනා කරන ලද නමුත් 2017 දී ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ව්‍යාපෘතිය අත් හැර දැමීමට අමෙරිකානු හමුදාවට සිදු විය.
ශබ්දයේ වේගය මෙන් 7 ගුණයක වේගයෙන් යා හැකි ෂෙල් අවිය නිපදවූ චීන විශේෂඥ කණ්ඩායම කියා සිටියේ, එක්සත් ජනපදය ඔවුනට ප්‍රථමයෙන් මෙම තාක්‍ෂණය දියුණු කිරීම ආරම්භ කළත්, බටහිර රටවල විද්‍යාඥයින්ගෙන් ඔවුන්ට කිසිදු සහයෝගයක් නොලැබුණු බවයි.
“අපට කිසිදු මඟ පෙන්වීමක් තිබුණේ නැහැ. මිසයිල සංචාලන පද්ධති හෝ චන්ද්‍රිකා සංචාලන සංරචකය පිළිබඳ කෙටි හැඳින්වීමක් පවා තිබුණේ නැහැ.” චීනයේ නාවික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ Feng Junhing නොවැම්බර් මාසයේදී ඉංජිනේරු සඟරාවක ලිවීය.
ෂෙල් තාක්‍ෂණය යුධ පිටියේදී බහුලව භාවිතා වනු ඇතැයි අපේක්ෂා කරන අතර නිෂ්පාදනය කිරීම සාපේක්ෂව ලාභදායී වනවා මෙන්ම මිසයිල සමඟ සැසඳීමේදී දිගු දුරකට වුවද නිරවද්‍ය-ප්‍රහාරක හැකියාවක් අත්පත් කර ගත හැක.
කෙසේ වෙතත්, දියත් කිරීමේදී ෂෙල් වෙඩි සැලකිය යුතු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් ජනනය කරන අතර එමඟින් මයික්‍රොචිප් හෝ ඇන්ටෙනා වැනි ඉලෙක්ට්‍රොනික සංරචක වලට හානි කළ හැකි අතරම එහිම චන්ද්‍රිකා සංචාලන පද්ධතිය පවා විනාශ කළ හැකිය.
විද්‍යුත් චුම්භක සංඥාවලට ඔරොත්තු දිය හැකි ඇන්ටෙනාවක් නිපදවීමෙන් සහ නිරවද්‍ය චන්ද්‍රිකා සංචාලනය පවත්වා ගැනීමෙන් මෙම ගැටලුව මඟ හරවා ගත් බව චීන විද්‍යාඥයෝ පවසති.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පවසන පරිදි චීන නාවික හමුදාව මෑතකදී පවසා ඇත්තේ ආයුධ සංවර්ධනයේ, විශේෂයෙන් විද්‍යුත් චුම්භක යුද අවි නිපදවීමේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් සිදු කර ඇති බවයි. ඒ අනුව නව මිලිටරි දෘඩාංගවල අනුකරණයන් බටහිර ජාතීන් සතුව ඇති සාම්ප්‍රදායික වාසි වලට අභියෝග කරන බවද පුවත් පත පෙන්වා දේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්