
රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට බාලගිරි දෝෂයද?... එය වැළැක්වීමට කටයුතු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන අයගේ පුද්ගලික උවමනාවක් වෙනුවෙන් ද?
පෞද්ගලික අන්තර්ජාතික පාසල්වල තම දරුවන් සිටින එසේම අනාගතයේදී එම පෞද්ගලික පාසල්වල ප්‍රධානීන් වශයෙන් යෑමට සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරනු ලබන ඇතැම් කිහිපදෙනෙක් නිසා මේ රටේ ලක්ෂ හතලිස් තුනක පමණ දරුවන්ගේ කාලය, මේ රටේ වසර පහක ජාතික ධනය, ලක්ෂ 43 ක දරුවන්ගේ දෙමාපියන්ගේ ධනය ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවීම ජාතික අපරාධයක් නොවේද?
රටේ ලක්ෂ 43 ක පමණ සිසු දරුවන්ගේ ජීවිතය වෙනස් කරන අධ්‍යාපනයේ කාලය වෙනස් කිරීමේ පිළිබඳ ප්‍රයත්නය වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවලට බඳුන්වූවකි.
එය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සහ සියලු පක්ෂවල සිටින පාක්ෂිකයන්ගේ දරුවන්ගේ අනාගතය වෙනස් කරන ප්‍රයත්නයකි.
එනම් ලෝකයේ වෙනත් රටවල අසල්වැසි ඉන්දියාවේ පවා වයස විසි එකේදී පමණ විශ්ව විද්‍යාල වලින් එළියට එන විට අපේ රටේ පමණක් එම වයසේ දී විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත් වීම සිදුවිය.
එසේම රටේ ජනාධිපතිවරයා ඉදිරිපිට ඔහු උගත් පාසලේ දරුවන් විසින්ද මේ කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර දැනුවත් කර ඇති අතර, ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් කටයුතු කරන බව පසුගිය කාලයේ සිදු වූ කතාබහ වලින් පෙනී යයි.
ජනාධිපතිවරයාටත් උඩින් ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතැමුන් කටයුතු කරන්නේද?
එහෙත් 1977 ට පෙර කාලයේ වයස විසි එකේදී විසි දෙකේදී උසස් අධ්‍යාපනය හමාර කළ මහාචාර්යවරුන් අදටත් අප රට තුළ විවිධ තනතුරු දරමින් සිටින බවත් ජනාධිපතිවරයා පවා එම කාල රාමුව තුළ ඉගෙන ගත් බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතැමුන්ට අමතක වී ඇත.
එසේම අපේ රටේ අනාගතය තීරණය කරන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාලය පිළිබඳ ප්‍රශ්නය අප මෙච්චර කල් ඇදගෙන ආ යුතු නැත එය කඩිනමින් නිම කළ යුතුව ඇත. එය රටේම පොදු කාරණාවකි.
මෙම ලියුම්කරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ උගතුන්ගේ මග පෙන්වීම මත මේ සම්බන්ධයෙන් කටයුතු කළ අතර,අවසානයේදී ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එහි හිටපු සභාපතිවරයා මැදිහත් වී එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් විධිමත් කරුණු ගොනුකර පහදා දීමෙන් පසුව එදා කැබිනට් මණ්ඩලය විසින් පාසල් දරුවන්ගේ කාලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කරන ලදී.
එහෙත් අද මෙන් එදාත් දූෂිතයින් විසින් බාලගිරි දෝෂය සිදුකර එම ප්‍රයත්නය කඩාකප්පල් කරන ලදී.
පසුව වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නැවතත් එම ප්‍රයත්නය සිදුකර පාසලේ 13 වසර අහෝසි කර දරුවන්ගේ අවුරුද්දක් කාලය වෙනස් කිරීමට ඉතා ප්‍රශංසනීය වෑයමක නිරත විය.
එහෙත් රටේ අවාසනාවටදෝ සහ දූෂිත සුදු කරපටි හොර නිලධාරී පැලැන්තිය බොරු යුනස්කෝ තර්කයක් ඉදිරිපත් කරමින් ලෝකයාට සාපේක්ෂව වසරකින් පමණ අධ්‍යාපන කාල රාමුව වෙනස් කිරීමේ ප්‍රයත්නය විනාශ කිරීමේ කටයුත්තක නිරතව සිටින බවට වාර්තා වේ.
එහෙත් විහිළුවට කරුණ වන්නේ මේ රටේ ලක්ෂ 43 ක සිසුන් ඔවුන්ගේ වයස 16 දී සාමාන්‍ය පෙළ ලියන විට ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින ඇතමුන්ගේ දරුවන් වයස 16 දී උසස් පෙළ ලියන බවයි.
එයට යුනෙස්කෝ තර්කය බලපාන්නේ නැත.
ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සමස්ත රටේම දරුවන්ගේ අනාගතය බිල්ලට දිය යුතුද?.
ලක්ෂ 43 ක පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතු අතර, තම දරුවන්ගේ අනාගතය වසරකින් හෝ විනාශ කරන ද්‍රෝහීන් හඳුනාගත යුතුව ඇත.
මේ රට විනාශ කිරීමට කටයුතු කරන එසේම මේ රටේ අනාගත පරපුර වන ලක්ෂ 43ක සිසු දරුවන්ගේ කාලය විනාශ කර මේ රට ආපස්සට ඇද දමන ද්‍රෝහීන් පරදා ලක්ෂ 43 ක දරුවන්ගේ අනාගතය ජයගත යුතුව ඇත.
කුමන්ත්‍රණකරුවන් පරදා රටේ ලක්ෂ හතළිස් තුනක දරුවන්ගේ අනාගතය සහ රටේ අනාගතය තීරණය කරන කාලය පිළිබඳ ප්‍රශ්නය කඩිනමින් නිරාකරණය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයද දේශපාලන අභිමතාර්ථ පසෙකලා රට වෙනුවෙන් කඩිනමින් ඉටුකළ යුතුව ඇත.
- වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
