News Category
From Date
To Date
Maximum Number of Result

AI ඉන්දියාවේ දුප්පත් මිනිස්සු තවත් අගාධයට දාන හැටි ගැන දන්නවද?.. ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයත් අනතුරේ..

Nov 26, 2026 at 12:50 PM
|

ඔළුවේ කැමරාවක් බැඳගෙන ළූණු කපනවා, බිම මොප් කරනවා, රෙදි මහනවා, පෙට්ටි වලට බඩු අහුරනවා. ඊටපස්සේ ඒ ටිකම ආයෙත් මුල ඉඳන් කරනවා! 

හැබැයි මේ මිනිස්සු මේ වැඩේ කරන්නේ තමන්ගේ ගෙදරක නෙවෙයි; කැමරාව ඉස්සරහා ගෙදර වැඩ කරන්නම කියලා හදපු බොරු මහල් නිවාස ඇතුළේ සහ ඇඟලුම් කර්මාන්තශාලා වල!

බැලූ බැල්මට මේක ලෝකයේ තියෙන කම්මැලිම Reality TV ෂෝ එකක් වගේ පෙනෙයි. හැබැයි පුදුමේ කියන්නේ, ඉන්දියාව පුරාම දහස් ගණන් කම්කරුවෝ හැමදාම රෙකෝඩ් කරන මේ වීඩියෝ බලන්නේ මිනිස්සු නෙවෙයි, රොබෝවරු! 

අපි සාමාන්‍යයෙන් AI තරඟය දකින්නේ ඇමරිකාවයි, චීනයයි, දැවැන්ත Tech සමාගම් කිහිපයකුයි අතර සටනක් විදිහට. හැබැයි තිරය පිටුපසින් ඉඳන් අද AI වලට අතපය හොල්ලන්න උගන්වන්නේ ඉන්දියාව, පිලිපීනය සහ කෙන්යාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍ය කම්කරුවෝ!

ඇමරිකාවේ ලොකුම Tech සමාගම් 4 විතරක් මේ අවුරුද්දේ ඩොලර් බිලියන 700කට වඩා AI වලට වියදම් කරන්න යනවා. හැබැයි ඒ බිලියන ගණන් වියදම් කරලා එයාලා රොබෝවරුන්ට උගන්වන්නේ, පැයකට ඩොලර් ශත 50කටත් (රුපියල් 150කටත්) අඩු පඩියකට ඉන්දියාවේ මිනිස්සු කරන රස්සාවල්! 🤯💸

ඇයි ඉන්දියාවේ මිනිස්සු තමන්ගේම රස්සාව නැති කරන රොබෝවරුන්ව පුහුණු කරන්න කැමැත්තෙන්ම ඔළුවේ කැමරා බැඳගන්නේ? පැයකට ශත 40ක රස්සාවක් වෙනුවෙන් ධනවත් රටවල් බිලියන ගණන් වියදම් කරන්නේ මොන මඟුලකටද? ඊටත් වඩා භයානකම දේ ඉන්දියාවටයි, බංග්ලාදේශයටයි, අපේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයටයි මේකෙන් වෙන්න යන මහා විනාශය මොකක්ද? අද අපි ඒ කම්පා කරවන ආර්ථික ඇත්ත කතා කරමු! 👇

ChatGPT, Gemini වගේ AI Chatbots ලට ඉගෙන ගන්න ලේසියි. මොකද මුළු අන්තර්ජාලය පුරාම මිනිස්සු ලියපු ලිපි, පොත්, කේත බිලියන ගණනක් නොමිලේම තිබුණා. හැබැයි දැන් AI හදන්නේ කොම්පියුටර් තිරයෙන් එළියට බැහැලා භෞතික ලෝකයට, ඒ කියන්නේ රොබෝ ශරීර වලට ඇතුළු වෙන්න! 🎥

මෙන්න මෙතනදී තමයි Tech සමාගම් වලට ලොකුම ප්‍රශ්නේ ආවේ: භෞතික වැඩ වලට ඕනේ දත්ත අන්තර්ජාලයේ නෑ! කවුරුවත් ආතල් එකට තුවා නවන හැටි, ඇඳුම් මහන හැටි තමන්ගේ ඇස් දෙකේ කෝණයෙන් (First-person POV) පැය බිලියන ගණන් වීඩියෝ කරලා YouTube දාලා නෑනේ!

අන්න ඒ හිඩැස පුරවන්න තමයි අලුත්ම කර්මාන්තයක් බිහි වුණේ. ඒකට කියන්නේ "Egocentric Data" කියලා! 📹🤖

⚬ ඕස්ට්‍රේලියාවේ Appen කියන දත්ත සමාගම විතරක්, ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය වගේ රටවල මිනිස්සුන්ගෙන් හැම මාසෙම මේ වගේ Egocentric වීඩියෝ පැය 60,000ක් එකතු කරනවා!

⚬ කලින් AI වලට පින්තූර ලේබල් කරපු, චැට්බොට්ලා පුහුණු කරපු මිනිස්සු දැන් කෙළින්ම තමන්ගේ දෑතින් කරන හැම චලනයක්ම රොබෝවරුන්ට විකුණනවා! (ඉස්සර "AI" කියන්නේ "Actually Indians" කියලා අන්තර්ජාලයේ විහිළුවක් පවා හැදුණේ, සමහර AI නිෂ්පාදන පිටිපස්සේ ඇත්තටම හිටියේ ඉන්දියාවේ මිනිස්සු නිසා!).

බැලූ බැල්මට මේක හරිම දුක්ඛිතයි වගේ පේනවා. තමන්ගේම රස්සාව උදුරගන්න එන මැෂින් එකට තමන්ම උගන්වනවා! හැබැයි ඒ මිනිස්සුන්ට දොස් කියන්න කලින්, එයාලගේ පැත්තෙන් ඉඳලා මේ ගණිතය බලන්න: 💰

⚬ දකුණු ඉන්දියාවේ කරූර් (Karur) නගරයේ රෙදිපිළි කර්මාන්තශාලාවක සතියේ දවස් 6ම Aprons අහුරන සේවිකාවකට මාසෙටම ලැබෙන්නේ ඩොලර් 90ක් විතර. ඒ කියන්නේ පැයකට ඩොලර් ශත 40ක්!

⚬ හැබැයි ObjectWays කියන දත්ත සමාගම, ඒ සේවිකාවටම ඔළුවේ කැමරාවක් බැඳගෙන ඒ වැඩේම වීඩියෝ කළොත් පැයකට ඩොලර් 2.60ක් ගෙවනවා! 💵😲

⚬ ඒ කියන්නේ තමන් දැනට කරන වැඩේම කරලා, මාසික පඩිය වගේ 6 ගුණයක් හොයන්න පුළුවන්!

ඉන්දියාවේ රැකියා කරන හෝ රැකියා හොයන මිනිස්සු මිලියන 600කට ආසන්නයි. ඒ අයගෙන් අතිබහුතරයක් ඉන්නේ කිසිම ස්ථිර ගිවිසුමක්, අයිතිවාසිකමක් හෝ කේවල් කිරීමේ බලයක් නැති අවිධිමත් රැකියා වල. එක්කෙනෙක් "මම කැමරාව බඳින්නේ නෑ!" කිව්වොත්, එයාගේ පිටිපස්සේ ඒ වැඩේ කරන්න කැමති තව දහස් ගණනක් පෝලිමේ ඉන්නවා! ගොඩක් අයට මේ වීඩියෝ අන්තිමේදී මොකටද පාවිච්චි කරන්නේ කියලා හරි අවබෝධයක්වත් නෑ. ඉතින් තනි පුද්ගලයෙක් විදිහට, 6 ගුණයක් වැඩි පඩියක් ගන්න එක 100%ක්ම සාධාරණ තීරණයක්. හැබැයි සාමූහිකව එයාලා කරන්නේ තමන්ගේම ප්‍රජාවගේ අනාගත රැකියා නැති කරන එක!

ඇත්තටම මේක දුප්පත් රටවල විතරක් වෙන දෙයක් නෙවෙයි: ⚖️

⚬ Tesla සමාගමේ සේවකයොත් රාත්තල් 40ක් බර බෑග් කරේ දාගෙන, කැමරා 5ක් හයි කරපු හෙල්මට් දාගෙන Optimus රොබෝව පුහුණු කළා (සමහර සේවකයෝ ඒකට විරුද්ධ වුණා).

⚬ ඇමරිකාවේ Mercor කියන Startup එක දොස්තරලා, නීතිඥයෝ සහ සමාජ සේවකයන්ව බඳවගෙන OpenAI සහ Meta වගේ සමාගම් වල AI පුහුණු කරවනවා.

⚬ අපි හැමෝම Google Workspace, Slack, Microsoft වල ටයිප් කරන හැමදේමත් කොහේ හරි සර්වර් එකක AI පුහුණු කරන්න යනවා!

⚬ හැබැයි ලොකුම වෙනස 2026 අප්‍රේල් මාසයේදී Meta සමාගම නිවේදනය කළා, තමන්ගේ සේවකයන්ගේ කීබෝඩ් සහ මවුස් චලනයන් රෙකෝඩ් කරලා AI Agents ලා පුහුණු කරනවා කියලා. එතකොට Meta සේවකයෝ 1,500කට වඩා පෙත්සමක් අත්සන් කරලා විරෝධය පෑවා! මාස 2ක් ඇතුළත Meta සමාගමට ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හිටුවන්න සිද්ධ වුණා! ඇයි? Meta ඉංජිනේරුවන්ට ලොකු බලයක් තියෙනවා. හැබැයි මාසෙට ඩොලර් 90ක් ගන්න කරූර් ඇඟලුම් සේවිකාවට ඒ බලයෙන් අංශු මාත්‍රයක්වත් නෑ! 💔

මුලින්ම බැලුවාම මේක පිස්සු ආර්ථික විද්‍යාවක් වගේ පේනවා! ආර්ථික විද්‍යාඥයෝ පලදායිතාවයක් නැති නිකම්ම යාන්ත්‍රිකකරණයට කියන්නේ "So-so automation" කියලයි (සුපර්මාර්කට් වල Self-checkout මැෂින් වගේ). ඉතින් ශත 40ක කම්කරුවෙක් වෙනුවට ඩොලර් දහස් ගණනක රොබෝවෙක් හදන එකත් So-so automation එකක්ද? 🏭

නැහැ! මොකද මේ රොබෝවරුන්ව හදන්නේ ඉන්දියාවේ වැඩ කරන්න නෙවෙයි. ඇමරිකාවේ සහ යුරෝපයේ කර්මාන්තශාලා වල වැඩ කරන්න! 🇺🇸🤖

මේකේ ඇත්තම ආර්ථික ගණිතය බලන්න:

1. පිටරට නිෂ්පාදන ආපහු ගෙන ඒම : කොවිඩ් වසංගතය (2020 McKinsey සමීක්ෂණයට අනුව සැපයුම් ජාල ප්‍රධානීන්ගෙන් 93%ක් තමන්ගේ ජාල සුරක්ෂිත කරන්න තීරණය කළා), භූ-දේශපාලනික යුද්ධ, සහ බදු නිසා බටහිර සමාගම් ආසියාවේ කර්මාන්තශාලා මත යැපෙන්න බයයි! 2026 සමීක්ෂණයකදී ඇමරිකානු නිෂ්පාදකයන්ගෙන් 53%ක් කිව්වේ භූ-දේශපාලනික අවදානම නිසා නිෂ්පාදන ආපහු ඇමරිකාවට ගේනවා කියලා (කලින් අවුරුද්දේ ඒක 24%යි!).

2. අවුරුදු 18 vs මාස 7 ගණිතය! 🧮

⚬ මේ අවුරුද්දේ වෙළඳපොළට එන්න නියමිත Neo රොබෝවරයාගේ මිල ඩොලර් 20,000ක් විතර.

⚬ ඉන්දියාවේ කරූර් කම්කරුවෙක්ට ඩොලර් 20,000ක් කියන්නේ අවුරුදු 18ක සම්පූර්ණ පඩිය! ඒ නිසා ඉන්දියාවේදී රොබෝවෙක්ට වඩා මනුස්සයෙක් ගොඩක් ලාබයි.

⚬ හැබැයි ඇමරිකාවේ සාමාන්‍ය පිරිසිදු කරන්නෙක් පැයකට ඩොලර් 18ක්, ඒ කියන්නේ අවුරුද්දකට ඩොලර් 37,000ක් හොයනවා! ඒ කියන්නේ ඩොලර් 20,000ක රොබෝවරයෙක් ඇමරිකාවට මාස 6ක – 7ක පඩියක් විතරයි! ඉන්දියාවෙන් ගත්තු වීඩියෝ වලින් පුහුණු වුණු රොබෝවරයෙක් ඇමරිකාවේ Ohio හරි Tennessee වල හරි ෆැක්ටරියක දිවා ආහාර විවේකයක්වත් නැතුව පැය 24ම වැඩ කරද්දී, ඇමරිකාවට ආසියාවේ අවදානම නැතුවම ආසියාවේ ලාබ ශ්‍රමය ගෙදරදීම ලැබෙනවා!

3. වයසට යන ජනගහනය : 2030 වෙද්දී ඇමරිකාවේ සෑම 5 දෙනෙක්ගෙන් 1ක් වයස 65ට වැඩියි. 2033 වෙද්දී ඇමරිකානු කර්මාන්තශාලා වලට අලුත් සේවකයෝ මිලියන 3.8ක් ඕනේ වෙනවා. ඒකෙන් මිලියන 1.9කට වැඩ කරන්න මිනිස්සු හොයාගන්න නැති වෙනවා!

අන්න ඒ නිසයි Moravec's Paradox (පරිගණකයකට ලෝක ශූරයෙක් වගේ චෙස් ගහන්න හරි නීති විභාගයක් පාස් වෙන්න හරි ලේසි වුණාට, අවුරුදු 1ක බබෙක් වගේ බඩුවක් අල්ලන්න හෝ පිඟන් හෝදන මැෂිමට පිඟන් ටික අහුරන්න හරිම අමාරුයි!) ජයගන්න Humanoid Robot Startups වලට මේ අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 11කට වඩා (කලින් අවුරුද්දේ වාර්තාව වගේ දෙගුණයක්!) ආයෝජන ගලාගෙන ඇවිත් තියෙන්නේ! දැනටමත් BMW සමාගම දකුණු කැරොලිනාවේ කාර් හදන්නත්, GXO සමාගම Digit රොබෝව පෙට්ටි අදින්නත්, Tesla සමාගම Optimus රොබෝව තමන්ගේම ෆැක්ටරි වලත් පාවිච්චි කරමින් ඉන්නවා!

ධනවත් රටවල් මේ විදිහට ඉන්දියාවේ දත්ත අරන් තමන්ගේ රටවල රොබෝවරු හැදුවාම, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය සහ අපේ ශ්‍රී ලංකාව වගේ රටවල් වලට වෙන්නේ මොකක්ද? අපිට පහර වදින්නේ රැළි 2කින්! 🌊

පළවෙනි රැල්ල : 🌊

ඇමරිකානු සමාගම් වලට තමන්ගේ රටේම රොබෝවරුන්ගෙන් ඇඳුම් මහන්න, බඩු අහුරන්න පුළුවන් වුණු ගමන්, දකුණු ආසියාවට එන අපනයන ඇණවුම් එකපාරටම නතර වෙනවා! ඉන්දියාවට හරි බංග්ලාදේශයට හරි එකම එක රොබෝවෙක්වත් එන්නත් කලින් මෙහේ කර්මාන්තශාලා වැහිලා රස්සා නැති වෙනවා!

⚬ බංග්ලාදේශය දිහා බලන්න: පහුගිය මුදල් වර්ෂයේ බංග්ලාදේශයේ මුළු අපනයන ආදායම වුණු ඩොලර් බිලියන 48න් ඩොලර් බිලියන 39ක්ම (81%ක්!) ආවේ ඇඟලුම් වලින්!

⚬ 1979 ඉඳන් ඇමරිකාවේ කර්මාන්තශාලා නිෂ්පාදනය දෙගුණ වෙද්දී, සේවක සංඛ්‍යාව මිලියන 20 ඉඳන් මිලියන 13ට අඩු වුණා. මැෂින් වලට කරන්න බැරි අතින් කරන වැඩ විතරයි ආසියාවට එව්වේ. දැන් AI රොබෝවරු ඒ ඉතුරු කොටසත් ආපහු ඇමරිකාවටම ඇදගන්න හදන්නේ!

දෙවැනි රැල්ල : 🌊

රොබෝවරු ලාබ වුණාම ඒවා මෙහෙ කර්මාන්තශාලා වලටත් එනවා! පහුගිය අවුරුද්දේ විතරක් චීනය කාර්මික රොබෝවරු 354,000ක් (ලෝකයේ මුළු ප්‍රමාණයෙන් 59%ක්!) සවි කළා. ඉන්දියාවත් 10,500ක් සවි කරලා ඒ ගමන පටන් අරන්!

හැබැයි කර්මාන්තශාලා වලටත් වඩා වේගයෙන් සේවා සහ IT රැකියා දැනටමත් කඩා වැටෙමින් තියෙනවා:

⚬ ඉන්දියාවේ Tech කර්මාන්තයේ ආදායම පහුගිය අවුරුද්දේ 6%කින් වැඩි වුණාට, අලුතින් බඳවාගත් සේවක සංඛ්‍යාව වැඩි වුණේ 2%කින් විතරයි!

⚬ පිලිපීනයේ BPO/Outsourcing කර්මාන්තය (මිලියන 1.9ක් වැඩ කරන, ආර්ථිකයෙන් 8%ක්!) AI නිසා 2028 වෙද්දී තමන්ගේ සේවක ඉලක්කය මිලියන 2.5 ඉඳන් මිලියන 1.85–2.1 දක්වා කප්පාදු කළා!

හැබැයි මෙතන පොඩි විහිළුවකුත් තියෙනවා! 2020 දී Amazon එකේ "Just Walk Out" AI සුපර්මාර්කට් වල 70%ක්ම ගනුදෙනු පිටිපස්සෙන් බලාගෙන හිටියේ ඉන්දියාවේ කම්කරුවෝ 1,000ක්! 2025 ජූලි වල ඕස්ට්‍රේලියාවේ Commonwealth Bank එක AI වලට කියලා 45 දෙනෙක් අයින් කරද්දී, ඉන්දියාවේ සේවක පිරිස 21%කින් (6,800 දක්වා) වැඩි කළා! National Australia Bank එකත් රැකියා 2,500ක් කපලා ඒකෙන් 180ක් ඉන්දියාවටයි වියට්නාමයටයි මාරු කළා! 🕵️‍♂️

ඒ වගේම දැනට තියෙන රොබෝවරු හිර වුණාම ඒවා දුර ඉඳන් පාලනය කරන්න පිලිපීනයේ මිනිස්සු පාවිච්චි කරනවා. ඇමරිකාවේ Waymo ස්වයංක්‍රීය ටැක්සි හිර වුණාම උදව් කරන්නෙත්, ජපානයේ කඩවල් වල රාක්ක අහුරන රොබෝවරු පාලනය කරන්නෙත් පිලිපීනයේ ඉඳන්! ඒ කියන්නේ අනාගතයේ සමහර රස්සා වෙන්නේ ලෝකයේ අනිත් පැත්තේ ඉඳන් අඩු පඩියට රොබෝ කෙනෙක් දිහා බලාගෙන ඉන්න එක!

අපේ ශ්‍රී ලංකාව දිහා බලන්න:

⚬ අපේ රටට විදේශ විනිමය ගේන ප්‍රධානම කර්මාන්ත දෙකක් තමයි ඇඟලුම් කර්මාන්තය සහ IT / BPO (Outsourcing) ක්ෂේත්‍රය!

⚬ ඇමරිකාවයි යුරෝපයයි තමන්ගේ රටවලම AI රොබෝවරුන්ගෙන් ඇඳුම් මහන්න පටන් ගත්තොත්, සහ AI Agents ලා ලංකාවේ BPO/IT වැඩ ටික භාරගත්තොත්, අපේ රටේ ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ගේ රැකියා වලටයි අපේ ඩොලර් ආදායමටයි මොකද වෙන්නේ? 🇱🇰⚠️

අද ඔළුවේ කැමරාවක් බැඳගෙන 6 ගුණයක් වැඩි පඩියක් ගන්න ඉන්දියානු සේවිකාව තමන්ගේ පවුල වෙනුවෙන් ගන්නේ හරිම බුද්ධිමත් තීරණයක්. හැබැයි ඒ තනි තනි සාධාරණ තීරණ ලක්ෂ ගණනක් එකතු වෙලා, අන්තිමේදී මුළු දකුණු ආසියාවටම ඉහළට නගින්න තිබුණු ආර්ථික ඉණිමඟ සදහටම අතුරුදහන් කරලා දාන්න පුළුවන්! අපේ පරණ පඩි ටික නැති වෙන්න කලින්, ලංකාව ඇතුළු අපේ කලාපයේ රටවල් අලුත් කුසලතා සහ ඉහළ වටිනාකමක් තියෙන කර්මාන්ත වලට මාරු වුණේ නැත්නම්, AI විප්ලවයේ ලොකුම පරාජිතයන් වෙන්නේ අපියි!

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා.
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.