News Category
From Date
To Date
Maximum Number of Result

වෙනස් වෙමින් පවතින ලෝක බල තුලනය පිළිබඳව ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයෙන් කියැවෙන්නේ කුමක්ද?

Nov 5, 2026 at 10:15 AM
|

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය ලොව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබීම පුදුමයට කරුණක් නොවේ. මන්ද, ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ඇමෙරිකාවේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියද, එම බලපෑම තවමත් සැලකිය යුතු මට්ටමක පවතින බැවිනි. එබැවින් ඇමෙරිකානු ඡන්දදායකයන් ගනු ලබන තීරණ එරටින් බොහෝ දුර බැහැර ජීවත් වන ජනතාවට පවා බලපායි.

එහෙත් වඩාත්ම වැදගත් වර්ධනයන් සිදුවෙමින් පවතින්නේ ඇමෙරිකාව තුළමය. එරට පවතින උග්‍ර දේශපාලන අරගල මගින් ගැඹුරු සමාජ හා දේශපාලන පරිවර්තනයන් පිළිබිඹු වේ. සංක්‍රමණය, වෙළෙඳාම සහ ජාත්‍යන්තර පද්ධතියේ ස්ථාවරත්වය යන කරුණු සියල්ලම මෙහිදී භූමිකාවක් ඉටු කළද, ඊට බලපාන මූලික හේතු බොහෝ දුරට දේශීය ස්වභාවයක් ගනී.

මෙම තත්ත්වය මගින් අප එකිනෙකා සමඟ සම්බන්ධ වී සිටින වර්තමාන ලෝකයේ පවතින එක් පරස්පරතාවක් පැහැදිලි වේ. එනම්, දේශීය කටයුතු සහ විදේශ කටයුතු අතර පවතින වෙනස ක්‍රමයෙන් බොඳ වෙමින් පැවතීමයි.

මෙම අංශ දෙක කිසිදා සම්පූර්ණයෙන් වෙන්ව පැවතියේ නැත. එසේ වුවද, අතීතයේදී ස්වෛරී රාජ්‍යයන්ට, විශේෂයෙන්ම විශාල රාජ්‍යයන්ට, බාහිර බලපෑම්වලින් යම් තරමකට ආරක්ෂා වී සිටීමේ හැකියාවක් තිබිණි. එහෙත් අද වන විට එවැනි වෙන්වීමක් පවත්වාගෙන යාම පාහේ අසීරු වී තිබේ. එමෙන්ම ප්‍රධාන බලවතුන්ගේ අභ්‍යන්තර දේශපාලන වර්ධනයන්ගෙන් ලෝකයේ සෙසු රටවලට තවදුරටත් හුදෙකලා වී සිටිය නොහැකි බව පැහැදිලිය.

1980 දශකයේ සිට 2010 දශකය දක්වා ලෝකය ආධිපත්‍යය දැරූ ලිබරල් ගෝලීයකරණයේ දිගුකාලීන උරුමයන්ගෙන් එකක් වන්නේ මෙයයි.

සීතල යුද්ධයේ අවසානයත් සමඟ ආර්ථික අන්‍යෝන්‍ය රඳාපැවැත්මට දේශපාලනික ශක්තියක් ලැබිණි. ප්‍රමුඛ බටහිර රටවල පැවති නව ලිබරල්වාදී ප්‍රතිපත්ති මගින්ද එම ප්‍රවණතාව දිරිමත් කරනු ලැබිණි. සෝවියට් සංගමය සහ සමාජවාදී කඳවුර බිඳවැටීම, වෙළෙඳපොළ ආර්ථිකයේ උසස් බව පමණක් නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයේ අවසාන සහ නිශ්චිත ආදර්ශය බවට පත්වීමේ සාක්ෂියක් ලෙසද එම බටහිර රටවල අර්ථකථනය කෙරිණි.

එමගින් ලෝකය අනිවාර්යයෙන්ම පොදු මූලධර්ම සහ වටිනාකම් වටා එක්රැස් වනු ඇති බවටත්, බටහිර ලිබරල් ආකෘතිය පුළුල් වශයෙන් ලෝකයේ සර්වසාධාරණ ආදර්ශය බවට පත්වනු ඇති බවටත් වූ උපකල්පනයක් බිහි විය. එහෙත් අද වන විට එම අපේක්ෂාවන් ආපසු හැරෙමින් පවතී.

කලක් සර්වසාධාරණ ප්‍රමිතීන් ස්ථාපිත කිරීමේ අයිතිය තමන් සතු බව කියා සිටි රටවලම දේශීය දේශපාලන වර්ධනයන්, ලෝකය එකම ආකෘතියකට ඒකාබද්ධ වීම වෙනුවට වැඩි විවිධත්වයක් කරා යොමු කරමින් තිබේ. ඇමෙරිකාව සහ බටහිර යුරෝපය අතර සබඳතාව මේ සඳහා විශේෂයෙන්ම කැපී පෙනෙන උදාහරණයකි.

පැරණි ලෝකය(Old World) සහ නව ලෝකය (New World)) දේශපාලන සම්ප්‍රදායන් සහ සංස්කෘතික දැක්ම අතින් සැමවිටම සැලකිය යුතු වෙනස්කම්වලින් යුක්ත විය. එහෙත් කොමියුනිස්ට්වාදයට එරෙහිව ඔවුන් එක්ව කළ අරගලයත්, ඉන් අනතුරුව සීතල යුද්ධයේදී ලැබූ පොදු ජයග්‍රහණයත්, පෙර නොවූ විරූ තරම් ශක්තිමත් දේශපාලන හවුල්කාරිත්වයක් ඔවුන් අතර ගොඩනැඟීමට හේතු විය.

අද වන විට එම එකමුතුව දුර්වල වෙමින් පවතී. ඇත්ත වශයෙන්ම ඇමෙරිකාව සහ බටහිර යුරෝපය අතර සබඳතා අත්ලාන්තික් සාගරයේ දෙපසම දේශපාලන බෙදීම් ඇති කරන මූලාශ්‍රයක් බවට පත්ව තිබේ.

යුරෝපීය මහද්වීපයේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් සමඟ විවෘතව සහයෝගීතාව පළ කරන අතර, හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ට සහාය වීමට උත්සාහ කරයි. ඒ අතරම, ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවෝද විශේෂයෙන්ම යුරෝපයේ වෙනත් රටවල මැතිවරණ දේශපාලනයට මැදිහත් වීමට කිසිදු පැකිළීමක් නොදක්වති.

කලක් පොදු වටිනාකම් මත පදනම් වූ නොසැලෙන හවුල්කාරිත්වයක් ලෙස ඉදිරිපත් කෙරුණු මෙම සබඳතාව අද වන විට එකිනෙකට තරගකාරී දේශීය දේශපාලන න්‍යාය පත්‍ර මගින් හැඩගැසෙමින් පවතී.

ඊටත් වඩා හෙළිදරව්කාරී වර්ධනයක් වන්නේ ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන් විසින් දිරිමත් කරනු ලබන බටහිර ශිෂ්ටාචාරය පිළිබඳ අලුත් වූ විවාදයයි.

දශක ගණනාවක් පුරා, පුරාණ සම්භාව්‍ය ශිෂ්ටාචාරය තුළ මුල් බැසගත් බටහිර ශිෂ්ටාචාරය පිළිබඳ සංකල්පය වෙනුවට සර්වසාධාරණ මානව වටිනාකම් පිළිබඳ භාෂාව ක්‍රමයෙන් ආදේශ විය. ශිෂ්ටාචාර අතර පවතින වෙනස්කම් යල්පැනගිය හෝ දේශපාලනික වශයෙන් පිළිගත නොහැකි සංකල්ප ලෙස සලකනු ලැබිණි.

මෙම ඊනියා සර්වසාධාරණ වටිනාකම් බටහිර රටවල භූදේශපාලනික සහ සංස්කෘතික ව්‍යාප්තිය සඳහා වූ මතවාදී පදනම බවට පත්විය. එහෙත් ගෝලීය ආධිපත්‍යය අත්පත් කර ගැනීමේ එම ප්‍රයත්නයට මිලක් ගෙවීමට සිදු විය. ඒ වූ කලී බටහිර සමාජයේම ඓතිහාසික හා සංස්කෘතික පදනම් ක්‍රමයෙන් අත්හැර දැමීමයි.

දැන් එම ව්‍යාප්තිකරණ යුගය අවසන් වෙමින් පවතින බැවින් අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය නැවතත් ඉදිරියට පැමිණ තිබේ. තමන් අනෙකුත් සමාජයන්ගෙන් වෙනස් වන්නේ කුමන කරුණුවලින්ද, ආරක්ෂා කරගත යුතු සම්ප්‍රදායන් මොනවාද සහ තම දේශපාලනික හා සංස්කෘතික මූලයන් පවතින්නේ කොතැනද යන්න පිළිබඳව සමාජයන් යළිත් ප්‍රශ්න කරමින් සිටී.

මෙම විවාදය බටහිර ලෝකය තුළ විශේෂයෙන්ම තීව්‍ර වුවද, එය බටහිර ලෝකයට පමණක් සීමා වී නැත.

මැතිවරණ ක්‍රමයෙන් ජාතික අනන්‍යතාව සහ සමාජය පිළිබඳ එකිනෙකට තරගකාරී දැක්මන් අතර සටන් බවට පත්වෙමින් තිබේ. ස්වාභාවිකවම මෙම අරගල විවිධ රටවලදී විවිධ ස්වරූප ගනී. වැදගත් වන්නේද එයයි. එනම්, ශිෂ්ටාචාරමය හා ඓතිහාසික වෙනස්කම් වැදගත් වන බවයි.

දේශපාලන තරගයේ තීව්‍රතාව සහ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ප්‍රතිවාදී කඳවුරු ඕනෑම ආකාරයක ක්‍රමවේදයක් භාවිත කිරීමට දක්වන කැමැත්ත, වඩා පුළුල් පරිවර්තනයක ලක්ෂණ වේ.

එම පරිවර්තනයේ හරය තුළ පවතින්නේ මූලික ප්‍රශ්නයකි. එනම්, කැළඹිලි සහගත ගෝලීය වෙනස්කම් මධ්‍යයේ සමාජයන්ට ස්ථාවරත්වය සහ ඵලදායී පාලනයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්නයි.

ඊට පිළිතුර රඳා පවතින්නේ වියුක්ත සර්වසාධාරණ සූත්‍රවලට වඩා එක් එක් රටෙහි සංස්කෘතික සම්ප්‍රදායන්, ඓතිහාසික අත්දැකීම් සහ සුවිශේෂී අනන්‍යතාව මතය.

අවසානයේදී, මෙම අභ්‍යන්තර පරිවර්තනයන් නැඟී එමින් පවතින නව ලෝක පර්යායට, හමුදා බලයේ හෝ භූදේශපාලනික අභිලාෂයන්හි සිදුවන වෙනස්කම්වලටත් වඩා වැඩි බලපෑමක් ඇති කළ හැකිය.

අප දැන් පිවිසෙමින් සිටින්නේ රටවල් එකිනෙකා සමඟ ගැඹුරින් අන්තර් සම්බන්ධිතව පවතින අතරම, තමන්ගේම ජාතික අවශ්‍යතා සහ අනන්‍යතාවන් ආරක්ෂා කර ගැනීමට වැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කරන යුගයකටය. නව ජාත්‍යන්තර පද්ධතියේ කේන්ද්‍රීය පරස්පරතාව වන්නේද මෙයයි.

වෙනත් රටවල සිදුවන දේශපාලන වර්ධනයන්ගේ ප්‍රතිවිපාකවලින් කිසිදු රටකට ගැලවිය නොහැකිය. එහෙත් ඒ සමඟම සෑම රටක්ම තමන්ටම ආවේණික වූ අනන්‍යතාවේ වැදගත්කම යළිත් සොයා ගනිමින් සිටී.

මෙවැනි ලෝකයක සෑම ප්‍රධාන මැතිවරණයක්ම ජාත්‍යන්තර සිදුවීමක් බවට පත්වේ. අප එයට කැමැති වුවත් නැතත්, අප සියලුදෙනාටම එම සිදුවීම් දෙස බලා සිටීමට සිදුව තිබේ. අවම වශයෙන් කිවහොත්, එය අතිශයින්ම කුතුහලය දනවන දර්ශනයකි.

ෆියෝදෝර් ලුක්යානොව්


ෆියෝදෝර් ලුක්යානොව් (Fyodor Lukyanov) ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ රුසියාවේ සිටින ප්‍රමුඛතම විශේෂඥයන්ගෙන් කෙනෙකි. ඔහු 1990 වසරේ සිට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති අතර, නූතන ජාත්‍යන්තර සබඳතා සහ රුසියානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශන රැසක් රචනා කර තිබේ.


2002 වසරේ සිට ඔහු Russia in Global Affairs සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරයි. විදේශීය සහ රුසියානු විශේෂඥයන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ටද අදහස් හුවමාරු කර ගැනීමට සහ විවාද පැවැත්වීමට අවකාශයක් සැලසීමේ අරමුණින් මෙම සඟරාව ආරම්භ කරනු ලැබීය.


2012 වසරේදී රුසියාවේ පැරණිතම රාජ්‍ය නොවන සංවිධානවලින් එකක් වන රුසියානු විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති කවුන්සිලයේ (Council on Foreign and Defense Policy) ප්‍රෙසිඩියම් සභාපතිවරයා ලෙස ඔහු තේරී පත් විය. 2015 වසරේ සිට ඔහු වල්දායි ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ (Valdai International Discussion Club) සංවර්ධන හා සහාය පදනමේ විද්‍යාත්මක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.


එසේම, ඔහු රුසියාවේ ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ උසස් ආර්ථික විද්‍යා පාසලේ (National Research Universit

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා.
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.