News Category
From Date
To Date
Maximum Number of Result

කරදරකාරයා සහ යුදකාමියා: තායිවාන ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා කවුද?

Jan 14, 2024 at 06:55 AM
|

තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) ප්‍රධාන චරිතයක් වන තායිවානයේ උප ජනාධිපති ලායී චින්ග් තේ තයිවානයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක අත්පත් කරගෙන ඇත. ඒ අනුව ඔහු එළඹෙන මැයි මාසයේ සිට තායිවානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. කෙසේ වුවද බිජිං පාලනය ඔහුව කරදරකාරයෙකු ලෙස මේ වන විට නම් කර තිබේ. 

  තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කිරීමට කටයුතු කරන්නා

තායිවාන ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵලය, ස්වයං පාලන තායිවාන දිවයින තම භූමියේ කොටසක් ලෙස  ප්‍රකාශ කරන චීනය සමග ආතතීන් තව දුරටත් ඉහල නංවන බව ජාත්‍යන්තර දේශපාලාන විශ්ලේෂකයෝ පවසති. බෙයිජිං පරිපාලනය  ලායී චින්ග් තේ හට සහය දැක්වීමට එරෙහිව තායිවාන ඡන්දදායකයින්ට අනතුරු අඟවා තිබූ අතර මීට පෙර මෙම මැතිවරණය “යුද්ධය සහ සාමය, සෞභාග්‍යය සහ පරිහානිය” අතර තේරීමක් ලෙස විග්‍රහ කිරිමටද බෙජිං බලධාරිහු කටයුතු කළෝය.ඒ අනුව ප්‍රතිවාදී කුමින්තාන්ග් පක්ෂයේ බලධාරීන් චීන ප්‍රධාන භූමියේ බලධාරීන් සමඟ සංවාද කිරීමට තල්ලු කිරීමට පවා එම අණතුරු ඇඟවීම ප්‍රභල විය.

“තායිවාන ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය තායිවානය චීනයේ කොටසක් වන අතර ලෝකයේ ඇත්තේ එකම චීනයක් යන මූලික කාරණය වෙනස් නොකරනු ඇත.” එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් මැතිවරණ ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

  වෙන්ව ගොස් සිටින තායිවානය අවශ්‍ය නම් බලහත්කාරයෙන් ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කිරීමට ප්‍රතිඥා දී ඇති බීජිනය, තායිවානයේ අනාගතය පිලිබඳ සාකච්ඡා සඳහා ලායි කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත. චීන ප්‍රධාන භූමියේ තායිවාන කටයුතු කාර්යාලය ඔහුව හැඳින්වූයේ "යුධ කාමියෙකු" සහ "තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කරන්නා" ලෙසයි.

64 හැවිරිදි  ලායී චින්ග් තේ තම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ “චීනයෙන් දිගටම පවතින තර්ජනයෙන් සහ බිය ගැන්වීම්වලින් තායිවානය ආරක්ෂා කිරීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින” බවත්, ඔහුගේ අභිප්‍රාය තායිවාන සමුද්‍ර සන්ධියේ වර්තමාන තත්ත්වය පවත්වා ගැනීම බවත්ය. කෙසේ වුවද ඔහුගේ පරිපාලනය බීජිං සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රිකත්වය තුළ තිබෙන “ගැටුම් වෙනුවට සංවාදය ආදේශ කර භාවිතා කරනු ඇත.” යනුවෙන් පැවසීය.

   ධවල මන්දිරය කුපිත කළ හාවඩ් උපාධිධාරියා

ලායී චින්ග් තේ භාවිත කරන ඔහුගේ ඉංග්‍රීසි නාමය විලියම් ලායි වන අතර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම වෛද්‍යවරයකුද වන්නේය. 1998 වර්ෂයේ දී තායිවානයේ දකුණු පළාතේ නගරයක් වන ටයිනාන් නගරය නියෝජනය කරමින් මැතිවරණ සටනට අවතීරණ වූ ඔහු තායිවානයේ නීති සම්පාදකයෙකු ලෙස අත්පොත් තැබීය.  2010 වර්ෂයේදී ඔහු වාර දෙකක් සඳහා ටයිනාන් නගරයේ නගරාධිපති ලෙස බවට තේරී පත් විය. ඉන් වසර හතකට පසු ඔහු ජනාධිපති ත්සායි ඉන් වෙන් ගේ රජයේ අගමැති බවට පත් විය. 2020 දී ත්සායි තායිවාන ජනාධිපත්වරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කළ විට ප්‍රවීණ දේශපාලනඥයෙකු බවට පත්ව සිටි ලායි උප ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ඔහු එළඹෙන මැයි මාසයේදී ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත.

ඔහු තම මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තායිවානයේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට සහ අනෙකුත් "ප්‍රජාතන්ත්‍රවාදී" රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටද කටයුතු කරන බව ශපථ කළේය. ඔහුගේ අදහස් දැක්වීම තුළ එක්සත් ජනපදය හා ජපානය විශේෂයෙන් සඳහන් කිරීමට කටයුතු කළේය.

පසුගිය 2023 වර්ෂයේ ජූලි මාසයේදී තායිවානයේ ජනාධිපතිවරයාට “ධවල මන්දිරයට ඇතුළු වීමට” හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවට ලායී චින්ග් තේ  කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දුන්නේය. කෙසේ වුවද ඔහුගේ මත දැක්වීමෙන් අණතුරුව ධවල මන්දිරයේ  චීන සබඳතා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියෙකු වන ඩෙනිස් වයිල්ඩර් පැවසුවේ වොෂින්ටන්  පරිපාලනය ලායී චින්ග් තේ ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් “ඉතා කනස්සල්ලෙන්” සිටින බවයි.

කෙසේ වුවද තායිවානයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්ට වොෂින්ටනයේ නිල සංචාර කිරීම චීන ප්‍රධාන භූමියේ පරිපාලනය විසින් තහනම් කර ඇත. කෙසේ වුවද 2020 දී, එවකට උප ජනාධිපතිවරයා ලෙස ඡන්ද ප්‍රතිඵල වලට අනුව ප්‍රකාශයට පත් වීමෙන් අණතුරුව ලායී චින්ග් තේ, එක්සත් ජනපදයට පුද්ගලිකව සංචාරය කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඇමරිකානු අගනුවරට ගිය ඉහළම තායිවාන දේශපාලනඥයා බවට ලායි පත් විය. කෙසේ වුවද ඔහු තායිවාන උප ජනාධිපතිවරයා  ලෙස දිවුරුම් දීමෙන් පසු 2022 සහ 2023 වර්ෂවලදී වොෂින්ටනය ඔහුගේ සංචාරයන්ගේ නැවතුම් පලක් පමණක් බවට පත් කරගනු ලැබීය.

පසුගිය අගෝස්තුවේදි බීජිං පරිපාලනය විසින් ලායිව "කරදර නිර්මානය කරන්නෙකු" ලෙස හංවඩු ගැසුවේය.ලායි එක්සත් ජනපදයට පැමිණීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ හැසිරීම "එක් චීනයක් මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරනවා" යනුවෙන් ප්‍රකාශ කිරීමටද බීජිං පරිපාලනයට සිදු විය.

එක්සත් ජනපදය හා තායිවානය අතර ඕනෑම නිළ ගනු දෙනුවකට බීජිනය විරුද්ධ වේ. තායිවානය චීනයේ කොටසක් බව සඳහන් කරන ‘එක් චීනයක්’ මූලධර්මය වොෂින්ටනය නිල වශයෙන් පිළිගෙන ඇත. කෙසේ වෙතත්, වොෂින්ටනය තායිපේ වෙත අවි සැපයීමට අමතරව අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමටද කටයුතු කර ඇත.

ලායිගේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ Hsiao Bi-khim   එක්සත් ජනපදයේ තථ්‍ය නියෝජිතයෙකු (de facto ) ලෙස සේවය කිරීම හේතුවෙන්  චීනය විසින් ඔහුට සම්බාධක පනවනු ලැබීය.

'තායිවානය දැනටමත් ස්වාධීන රාජ්‍යයක්'

"ලායි තායිවානය වෙත සාමය සහ සමෘද්ධිය ගෙන ඒමේ කටයුතු වලින් තව තවත් ඈතට ගෙන යනු ඇත. ඔහුගේ කටයුතු තායිවානය යුද්ධය දෙසට හා විනාශය දෙසට සමීප කරවනු ඇත" යනුවෙන් චීනයේ තායිවාන කටයුතු කාර්යාලය පසුගිය 11 වනදා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ලායි තායිවාන පාලක පක්ෂයට වඩා රැඩිකල් වේශයකින් කටයුතු කරන්නෙකි. 2017 දී තමා "තායිවානයේ නිදහස සඳහා ප්‍රායෝගික සේවකයෙකු" බව තායිවාන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ප්‍රධාන භූමියේ බලධාරීන් කුපිත කළේය. එසේ වුවද, ඔහු තම පාලන කාලය තුළ තායිවානයට නිදහස ප්‍රකාශ කිරීමෙන්  වැලකී සිටියේය.

"තායිවානය දැනටමත් ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් , එබැවින් තායිවානයේ නිදහස තවදුරටත් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් අපට නැති බව මම නැවත අවධාරණය කිරීමට කැමතියි" යනුවෙන් ඔහු "ෆෝකස් තායිවාන" පුවත් පතට පැවසීය.

රුසියානු විදේශ අමාත්‍යාංශය තායිවාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ  “බීජිං පරිපාලනය වෙත පීඩනය ඇති කිරීමට සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සහ කළාපයේ තත්වය දෙදරුම් කෑමකට ලක් කිරීමට”  ඡන්ද ප්‍රතිඵලය භාවිතා කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවව තිබෙන බවට අනතුරු අඟවනු ලැබීය.කෙසේ වුවද  එවැනි උත්සහායන්  ලෝක සාමයට අණතුරුදායක වන බැවින් ඒවා  හෙළා දැකීම සුදුසු ඒවා යැයි ජාත්‍යන්තර ප්‍රජාව වෙත යෝජනා කළේය. 

https://www.rt.com/news/590593-taiwan-election-president-highlights/

සම්බන්ධිත පුවත් | Related News

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.