News Category
From Date
To Date
Maximum Number of Result

කරදරකාරයා සහ යුදකාමියා: තායිවාන ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා කවුද?

Jan 14, 2024 at 06:55 AM
|

තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) ප්‍රධාන චරිතයක් වන තායිවානයේ උප ජනාධිපති ලායී චින්ග් තේ තයිවානයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක අත්පත් කරගෙන ඇත. ඒ අනුව ඔහු එළඹෙන මැයි මාසයේ සිට තායිවානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. කෙසේ වුවද බිජිං පාලනය ඔහුව කරදරකාරයෙකු ලෙස මේ වන විට නම් කර තිබේ. 

  තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කිරීමට කටයුතු කරන්නා

තායිවාන ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵලය, ස්වයං පාලන තායිවාන දිවයින තම භූමියේ කොටසක් ලෙස  ප්‍රකාශ කරන චීනය සමග ආතතීන් තව දුරටත් ඉහල නංවන බව ජාත්‍යන්තර දේශපාලාන විශ්ලේෂකයෝ පවසති. බෙයිජිං පරිපාලනය  ලායී චින්ග් තේ හට සහය දැක්වීමට එරෙහිව තායිවාන ඡන්දදායකයින්ට අනතුරු අඟවා තිබූ අතර මීට පෙර මෙම මැතිවරණය “යුද්ධය සහ සාමය, සෞභාග්‍යය සහ පරිහානිය” අතර තේරීමක් ලෙස විග්‍රහ කිරිමටද බෙජිං බලධාරිහු කටයුතු කළෝය.ඒ අනුව ප්‍රතිවාදී කුමින්තාන්ග් පක්ෂයේ බලධාරීන් චීන ප්‍රධාන භූමියේ බලධාරීන් සමඟ සංවාද කිරීමට තල්ලු කිරීමට පවා එම අණතුරු ඇඟවීම ප්‍රභල විය.

“තායිවාන ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය තායිවානය චීනයේ කොටසක් වන අතර ලෝකයේ ඇත්තේ එකම චීනයක් යන මූලික කාරණය වෙනස් නොකරනු ඇත.” එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් මැතිවරණ ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

  වෙන්ව ගොස් සිටින තායිවානය අවශ්‍ය නම් බලහත්කාරයෙන් ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කිරීමට ප්‍රතිඥා දී ඇති බීජිනය, තායිවානයේ අනාගතය පිලිබඳ සාකච්ඡා සඳහා ලායි කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත. චීන ප්‍රධාන භූමියේ තායිවාන කටයුතු කාර්යාලය ඔහුව හැඳින්වූයේ "යුධ කාමියෙකු" සහ "තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කරන්නා" ලෙසයි.

64 හැවිරිදි  ලායී චින්ග් තේ තම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ “චීනයෙන් දිගටම පවතින තර්ජනයෙන් සහ බිය ගැන්වීම්වලින් තායිවානය ආරක්ෂා කිරීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින” බවත්, ඔහුගේ අභිප්‍රාය තායිවාන සමුද්‍ර සන්ධියේ වර්තමාන තත්ත්වය පවත්වා ගැනීම බවත්ය. කෙසේ වුවද ඔහුගේ පරිපාලනය බීජිං සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රිකත්වය තුළ තිබෙන “ගැටුම් වෙනුවට සංවාදය ආදේශ කර භාවිතා කරනු ඇත.” යනුවෙන් පැවසීය.

   ධවල මන්දිරය කුපිත කළ හාවඩ් උපාධිධාරියා

ලායී චින්ග් තේ භාවිත කරන ඔහුගේ ඉංග්‍රීසි නාමය විලියම් ලායි වන අතර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම වෛද්‍යවරයකුද වන්නේය. 1998 වර්ෂයේ දී තායිවානයේ දකුණු පළාතේ නගරයක් වන ටයිනාන් නගරය නියෝජනය කරමින් මැතිවරණ සටනට අවතීරණ වූ ඔහු තායිවානයේ නීති සම්පාදකයෙකු ලෙස අත්පොත් තැබීය.  2010 වර්ෂයේදී ඔහු වාර දෙකක් සඳහා ටයිනාන් නගරයේ නගරාධිපති ලෙස බවට තේරී පත් විය. ඉන් වසර හතකට පසු ඔහු ජනාධිපති ත්සායි ඉන් වෙන් ගේ රජයේ අගමැති බවට පත් විය. 2020 දී ත්සායි තායිවාන ජනාධිපත්වරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කළ විට ප්‍රවීණ දේශපාලනඥයෙකු බවට පත්ව සිටි ලායි උප ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ඔහු එළඹෙන මැයි මාසයේදී ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත.

ඔහු තම මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තායිවානයේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට සහ අනෙකුත් "ප්‍රජාතන්ත්‍රවාදී" රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටද කටයුතු කරන බව ශපථ කළේය. ඔහුගේ අදහස් දැක්වීම තුළ එක්සත් ජනපදය හා ජපානය විශේෂයෙන් සඳහන් කිරීමට කටයුතු කළේය.

පසුගිය 2023 වර්ෂයේ ජූලි මාසයේදී තායිවානයේ ජනාධිපතිවරයාට “ධවල මන්දිරයට ඇතුළු වීමට” හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවට ලායී චින්ග් තේ  කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දුන්නේය. කෙසේ වුවද ඔහුගේ මත දැක්වීමෙන් අණතුරුව ධවල මන්දිරයේ  චීන සබඳතා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියෙකු වන ඩෙනිස් වයිල්ඩර් පැවසුවේ වොෂින්ටන්  පරිපාලනය ලායී චින්ග් තේ ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් “ඉතා කනස්සල්ලෙන්” සිටින බවයි.

කෙසේ වුවද තායිවානයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්ට වොෂින්ටනයේ නිල සංචාර කිරීම චීන ප්‍රධාන භූමියේ පරිපාලනය විසින් තහනම් කර ඇත. කෙසේ වුවද 2020 දී, එවකට උප ජනාධිපතිවරයා ලෙස ඡන්ද ප්‍රතිඵල වලට අනුව ප්‍රකාශයට පත් වීමෙන් අණතුරුව ලායී චින්ග් තේ, එක්සත් ජනපදයට පුද්ගලිකව සංචාරය කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඇමරිකානු අගනුවරට ගිය ඉහළම තායිවාන දේශපාලනඥයා බවට ලායි පත් විය. කෙසේ වුවද ඔහු තායිවාන උප ජනාධිපතිවරයා  ලෙස දිවුරුම් දීමෙන් පසු 2022 සහ 2023 වර්ෂවලදී වොෂින්ටනය ඔහුගේ සංචාරයන්ගේ නැවතුම් පලක් පමණක් බවට පත් කරගනු ලැබීය.

පසුගිය අගෝස්තුවේදි බීජිං පරිපාලනය විසින් ලායිව "කරදර නිර්මානය කරන්නෙකු" ලෙස හංවඩු ගැසුවේය.ලායි එක්සත් ජනපදයට පැමිණීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ හැසිරීම "එක් චීනයක් මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරනවා" යනුවෙන් ප්‍රකාශ කිරීමටද බීජිං පරිපාලනයට සිදු විය.

එක්සත් ජනපදය හා තායිවානය අතර ඕනෑම නිළ ගනු දෙනුවකට බීජිනය විරුද්ධ වේ. තායිවානය චීනයේ කොටසක් බව සඳහන් කරන ‘එක් චීනයක්’ මූලධර්මය වොෂින්ටනය නිල වශයෙන් පිළිගෙන ඇත. කෙසේ වෙතත්, වොෂින්ටනය තායිපේ වෙත අවි සැපයීමට අමතරව අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමටද කටයුතු කර ඇත.

ලායිගේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ Hsiao Bi-khim   එක්සත් ජනපදයේ තථ්‍ය නියෝජිතයෙකු (de facto ) ලෙස සේවය කිරීම හේතුවෙන්  චීනය විසින් ඔහුට සම්බාධක පනවනු ලැබීය.

'තායිවානය දැනටමත් ස්වාධීන රාජ්‍යයක්'

"ලායි තායිවානය වෙත සාමය සහ සමෘද්ධිය ගෙන ඒමේ කටයුතු වලින් තව තවත් ඈතට ගෙන යනු ඇත. ඔහුගේ කටයුතු තායිවානය යුද්ධය දෙසට හා විනාශය දෙසට සමීප කරවනු ඇත" යනුවෙන් චීනයේ තායිවාන කටයුතු කාර්යාලය පසුගිය 11 වනදා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ලායි තායිවාන පාලක පක්ෂයට වඩා රැඩිකල් වේශයකින් කටයුතු කරන්නෙකි. 2017 දී තමා "තායිවානයේ නිදහස සඳහා ප්‍රායෝගික සේවකයෙකු" බව තායිවාන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ප්‍රධාන භූමියේ බලධාරීන් කුපිත කළේය. එසේ වුවද, ඔහු තම පාලන කාලය තුළ තායිවානයට නිදහස ප්‍රකාශ කිරීමෙන්  වැලකී සිටියේය.

"තායිවානය දැනටමත් ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් , එබැවින් තායිවානයේ නිදහස තවදුරටත් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් අපට නැති බව මම නැවත අවධාරණය කිරීමට කැමතියි" යනුවෙන් ඔහු "ෆෝකස් තායිවාන" පුවත් පතට පැවසීය.

රුසියානු විදේශ අමාත්‍යාංශය තායිවාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ  “බීජිං පරිපාලනය වෙත පීඩනය ඇති කිරීමට සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සහ කළාපයේ තත්වය දෙදරුම් කෑමකට ලක් කිරීමට”  ඡන්ද ප්‍රතිඵලය භාවිතා කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවව තිබෙන බවට අනතුරු අඟවනු ලැබීය.කෙසේ වුවද  එවැනි උත්සහායන්  ලෝක සාමයට අණතුරුදායක වන බැවින් ඒවා  හෙළා දැකීම සුදුසු ඒවා යැයි ජාත්‍යන්තර ප්‍රජාව වෙත යෝජනා කළේය. 

https://www.rt.com/news/590593-taiwan-election-president-highlights/

සම්බන්ධිත පුවත් | Related News

පාකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48 ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.

ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.