පොහෝ දින මහාසමය හා ආටානාටිය සූත්‍ර සජ්ඣායනය කරන්නැයි ආරණ්‍යවාසී හිමිවරුන්ගෙන් සංඝාඥාවක්..
ආරණ්‍යවාසී භික්ෂූන් වන අපට මේ පොහෝ දින මහාසමය සූත්‍රය ද ආටානාටිය සූත්‍රය තෙවරක් ද සජ්ඣායනා කරන්නට සංඝාඥාවක් නිකුත් වී ඇත.
ත්‍රෛ මාසයක් පුරා ඉදිරි මාර්ගඵල වලට උත්සාහ කරමින් ද තමා දැනට උපදවා ගත් මාර්ගඵලසමාපත්ති වලට සමවැදෙමින් ද, භාවනා කොට විදර්ශනා ඤාණ සහ ධ්‍යාන සමවත් වලට සමවැදෙමින් ද නා නා කුශලයන්හි යෙදෙමින් ද ආරණ්‍යවාසීව සෙනසුන් වල වැඩ සිටි මාර්ගඵලලාභීන්, විදර්ශනා ඤාණලාභීන් සහ ධ්‍යානලාභීන් ද වස් පවාරණය කොට එදිනම එකම වෙලේක මෙම සූත්‍රය සජ්ඣායනා කරන කල්හි,
* වජ්‍රපාණී නම් ලද ශක්‍ර දේවේන්ද්‍ර,
* උත්පලවර්ණ,
* පජ්ජුන්න
පමණක් නොව
මහාසමයෙහි එන බලසම්පන්න සියලු සෙන්පති දෙවිවරුන් ඇතුලු සියල්ලන්ටම ද,
යක්ෂයන් පමණක් නොව නාග ගාන්ධර්ව කුම්භණ්ඩ සේනාවට ද
පලාත්බද සුමන සමන්, කතරගම මහාසෝන, මහාඝෝෂ ආදී සියලු පලාත්බද දෙවියන්ට ද,
"මහා සමුද්රාධිපතිනී" මණිමේඛලා ද,
සියලු පන්සල් වල බෝධි, පමණක් නොව මාර්ග අසළ මහා නුග ආදී වෘක්ෂාධිගෘහිත දෙවිවරු, නිවෙස් වලට අධිගෘහිත දෙවිවරු ආදී සියල්ලන්ට ම ද,
එකපැහැර ආඥාව නිකුත් වන අතර එම ආර්ය සංඝාඥාව ඉදිරියෙහි ඔවුන්ට නිහඬව සිටීමට බැරිවනු ඇත.
ලක්දිව පැවිදි 40,000 තුළ වාසය කරන අතර ඔවුන් අතර යමෙක් දුසිල් වුව ද "සංඝ" යැයි ප්‍රතිඥා කරන්නේ නම් සංඝයා ගණයටම යන බැවින් ඔවුනට පවා ගර්හා නොකොට කය වචන පරෙස්සම් කරගනිත්වා....
විශේෂයෙන් සෑම ගමකම විහාර සෙනසුන් ඇති බැවින් ඒ දෙවිවරු ද පරිවාර යක්ෂ-ගාන්ධර්ව-කුම්භණ්ඩ සේනා ද ගමේ පන්සලේ භික්ෂූන් ට ගර්හා කළ ගම් වැසියන් පවා ආරක්ෂා නොකොට ඉහළ දේව මණ්ඩලයේ ආඥාව ක්‍රියාත්මක කරනු ඇත.
"නැවත උපන්" මිත්‍යාදෘෂ්ටිකයන් පිරිස ඇතුළු සියලුම වර්ගයේ ආගම් නාමයෙන් සිටින මිසදිටුවන්ට ද, සුදුසු ප්‍රතිචාර ලැබීම ඇරඹෙනු ඇත.
ඔවුන්ගේ ඊනියා දෙවිවරුන් ලෙස පෙනී සිටි අමනුෂ්‍යයන් ගිහියන් සමඟ එක්ව සිව්වණක් පිරිසට පීඩා කළ බැවින්, වෙස්සවණ ඒ අමනුෂ්‍ය පිරිසට සුදුසු දඬුවම් දීමෙන් ඒ "නැවත උපන්නවුන්ට" නැවත ලෙඩ සුවකරන්නට උදව් කරන අමනුෂ්‍යයන් නොමැති වී වනු ඇත.
එබැවින් අප්රමාදී වෙත්වා....
- ආරණ්‍යවාසී පූජ්‍ය කඩුවෙල උත්තරඥාන හිමි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..