රස්නය සෙල්සියස් අංශක 40ට වැඩිවෙලා.. ජය ශ්‍රී මහා බෝධි මළුවේ අතුරා ඇති ටෙරාකොටා ස්ථරය ගලවන ලෙසට පුරා විද්‍යාව අටමස්ථානාධිපති හිමියන්ට ලිඛිතව දැනුම් දෙයි..
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින වැලි මළුවේ ඇතිරා ඇති ටෙරාකොටා ගල් හේතුවෙන් අධික තාපයක් ජනනය වෙමින් බෝධීන් වහන්සේගේ පැවැත්මට සහ බැතිමතුන්ගේ පහසුවට බලපෑම් එල්ල වන බවට විශ්වවිද්‍යාල පර්යේෂකයන් අනාවරණය කිරීමත් සමඟ, රෝද පුටු සඳහා වෙන් කළ කොටස හැර ඉතිරි ටෙරාකොටා ස්තරය වහාම ඉවත් කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
විද්‍යාත්මක හා ඉංජිනේරු විද්‍යාත්මක පර්යේෂණවලට අනුව වැලි මළුව වෙනුවට ටෙරාකොටා භාවිත කිරීම නිසා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන අතර, එමඟින් පාංශු තෙතමනය සහ ස්වාභාවික ජල කාන්දුව සීමා වී පරිවාර බෝධීන් වහන්සේලාට ද පාරිසරික තර්ජන එල්ල වන බව පෙන්වා දී ඇත.
මීට අමතරව ශ්‍රී මහා බෝධි මළුව ආසන්නයේ පිහිටි වාහන නැවතුම්පොළෙන් පිටවන විෂ දුමාරය ළපටි බෝපත් මැලවී යාමට හේතු වන බවට විද්‍යාඥයන් පෙන්වා දී ඇති අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ‘නේචර් සිටි ප්ලෑන්’ ව්‍යාපෘතිය යටතේ පූජා භූමියට පිටතින් විධිමත් වාහන නැවතුම්පොළ හතරක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.
ජාතික හා ආගමික වශයෙන් අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන අනුරාධපුර පූජා භූමියේ උරුමය සහ ක්ෂුද්‍ර දේශගුණික සංවේදීතාව ආරක්ෂා කර ගැනීම උදෙසා පුරාවිද්‍යා ආඥාපනතට අනුව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මේ වන විට දැඩි ලෙස මතුව තිබේ.
ඉදිරියේදී පූජනීය භූමිය තුළ සිදුකෙරෙන ඕනෑම සංවර්ධන හෝ සංරක්ෂණ කටයුත්තක් උරුමයන්ට හානි නොවන පරිදි විද්‍යාත්මක හා ඉංජිනේරු අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීමට පියවර ගන්නා බැවින්, අදාළ නීතිමය හා පරිසර හිතකාමී සංශෝධන කඩිනමින් බලාත්මක කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..