News Category
From Date
To Date
Maximum Number of Result

ශිරන්ති 16 දක්වා රිමාන්ඩ්..

Oct 13, 2026 at 03:29 PM
|

"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දීලිප පිරිස් විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාල දෙවන සැකකාරිය විවෘත අධිකරණයේ නොසිටි අතර ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා තම සේවාදායිකාව කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පවසා වෛද්‍ය වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සිද්ධියට අදාලව ඇප මත මුදා හරිනු ලැබු පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අද (13) අධිකරණයේ පෙනී සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් පවසා සිටියේ මෙම සැකකාරිය කළු සල්ලි සුදු කිරීමට ක්‍රියා කර ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මෙසේ ප්‍රකාශ කළේය.

"ස්වාමිනි, මෙම විමර්ශනය CID එකේ මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් කොමිසමේ එකඟතාවය මත අවසන් අදියරේ තමා පසුවන්නේ. සිරිලිය සවිය නමැති ගිණුමක් පවත්වාගෙන යමින් මෙම දෙවන සැකකාරිය පළමු සැකකරු එවකට සේවය කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මිලියන 10 මුදලක් ලබා ගෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් එකක් ලබා දෙන්න. දුෂණ විරෝධි පනතේ 70 වන වගන්තිය අනුව සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා.

2010 /12/8 වන දින සිරිලිය සවිය නමින් සංගමයක් පිහිටුවාගෙන තිබෙනවා. කලින් තිබුණේ කාල්ටන් කියන නමින්. රටේ පළමු ආර්යාව රාජ්‍ය මුද්‍රණ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේඛණ යොදාගෙන තමා විවිධ ආයතනවලින් මෙලෙස ආධාර මුදල් ඉල්ලා තිබෙන්නේ. පළමු අවස්ථාවේ ළමා රෝහලට මිලියන 140ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඉල්ලා පසුව එය මිලියන 50 දක්වා වාචිකව සංශෝධනය කර අඩුකර එයිනුත් මිලියන 10ක මුදලක් තමයි මෙම NSB බැංකුවෙන් ලබා ගෙන තිබෙන්නේ. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හා සෙලාන් බැංකුවෙනුත් ආධාර ඉල්ලා තිබෙනවා.

2011/5/11 දින තමයි මෙම සිද්ධියේ පළමුවන සැකකරු වන NSB බැංකුවේ හිටපු සභාපති විසින් මෙම මුදල ලබාදීම අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතියෙන් තොරව කටයුතු කරලා තියෙන්නේ.

2010/12/ 30 මෙම මුදල දෙන්න අනුමත වෙනවා. පළමුව මුදල බැර කිරීමට තීරණය කර තිබෙන්නේ කාල්ටන් ගිණුමට.

නමුත් ලංකාවේ පළමු ආර්යාව නිසා සිරිලිය ගිණුමට බැර කරන ලෙසයි පළමුවෙනි සැකකරු අනිත් අයට දන්නවා තිබුණේ. අධ්‍යක්ෂ අනුමැතියකින් තොරව තමයි මෙලෙස මුදල් ලබා දී තිබෙන්නේ.

2014 දී MRI මැෂින් එකක් චීන රජයෙන් අපට ලබා දෙනවා ආධාර වශයෙන්. ලක්ෂ 1400ක් වටින MRI එකක්. සිරිලිය එකට එක ලබා දෙනවා . රිජ්වේ ආර්යා ළමා රෝහලට එය ලබා දෙනවා මෙම දෙවන සැකකාරිය තමන්ගේ පුතාගේ උපන් දිනයක් දවසක. මේ සම්බන්ධයෙන් එවකට හිටපු කොළඹ ළමා රෝහල වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. NSB බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය අනුව මුලින් තිබූ නම වෙනස් කරලා තිබෙන බවද අනාවරණය වෙනවා. කලින් තිබ්බේ ශිරන්ති නවෝදය කියලා පසුව සිරිලිය කරලා. "

ස්වාමීනි, ස්වේච්ඡා සංවිධානයක් ලියාපදිංචි විය යුතු කිසිම නෛතික ක්‍රියා පිළිවෙලක් මෙහි නැහැ. විධිමත් ආකාරයට නෙවෙයි ලියාපදිංචි කරලා තිබෙන්නේ. සිරිලිය නමින් සමාගමක් හදලා මුදල් එකතු කරගෙන ඔවුන්ගේ බැංකු ගිණුම්වලට දාගෙන. මේ, කළු සල්ලි සුදු කරන ක්‍රමයක්. රටේ පළමු ආ්රයාව කිව්වම ඕන කෙනෙක් ආධාර මුදල් දෙනවනේ. සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධතාය දක්වනවා"

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ඉල්ලා සිටියේ කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට තම සේවාදායිකාව භාජනය කර ඇති බැවින් තම ඇයට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රදානය කරන ලෙසයි.

එම අවස්ථාවේදි ඇප ලබා දෙනවාට විරෝධතාවය ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ සැකාකරිය රෝහල් ගත කර ඇති මුත් හෘද සැත්කමක් සිදුකරනවා යැයි පැවසීම සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බවයි.

සැකකාරියගේ පෙර හැසිරීම් දෙස බැලූවිට මෙයද පිළිගත නොහැකි බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට සැබැවින්ම විවෘත හෘද සැත්කමක් කරනවාද යන්න පිළිබඳ වාර්තාවක් පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නඩු විභාගය පස්වරු 2 දක්වා කල් තබනු ලැබුවේය.

ඒ අනුව අද(13) පස්වරු 2.20 ට නඩුව නැවත කැඳවනු ලැබුවේය.

ඉන්පසුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නැවත අධිකරණයට කරුණු දැක්වීය.

" ස්වාමීනි , දිවුරුම් ප්‍රකාශයක් මාලිගාකන්ද උසාවියට දිලා මැය. දවස් 20ක් සිංගප්පූරු ගියා අසනිපයි කියලා. එහෙන් අනාවරණය වුණේ නැති සැත්කමක් දැන් කොහෙමද අනාවරණය වන්නේ. මහා ලොකු අවහිරයක් තිබ්බානම් සිංගප්පුරුවෙන් ඇයි අහු නොවුණේ මෙය සුවිශේෂි කරුණු මවන්න කියන කතා. බන්ධනාගාර වගන්ති අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ඇප දිමට විරුද්ධයි"

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා -

"ඇත්තටම රෝගී තත්වයක් තියෙනවාද? වර්තා ඉදිරිපත් කළා. හෘද රෝගි තත්වයට ඇප දිය නොහැකිද, ඇත්ත වශයෙන්ම රෝගී තත්වයක් තියෙනවා. ස්වාමීනි. රෝගී තත්වය බන්ධනාගාරයේ තිබ්බොත් ජිවිත අවදානමක් විය හැකි සුවිශේෂි තත්වයක් තියෙනවා. මැරෙන්නම ඕනි නැහැ ඇප ගන්න. අපි දවස් 3යි බන්ධනාගාර හිටියේ. රෝහල් ගත කළා. අපි දන්නවා කට්ටිය හිතනවා ඇති මැරිලා ගියානම් හොදයි කියලා. මගේ සේවාදායිකාව හෘද සැත්කමක් කිරීමට නියමිතයි. සැත්කම සිදු කරන බව කියු ප්‍රකාශය මට වැරදීමකින් කියවුණේ. එය මම ඉල්ලා අස් කරගන්නවා එම නිසා ඇප ලබා දෙන්න.

අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා -

" ස්වාමිනි,මා කිවිවේ නැහැ. නැවත බන්ධනාගාරයටයවන්න. රෝහලේ ඉදන් අවශ්‍ය ප්‍රතිකාර ගන්න. රජයෙන් බෙහෙත් කරන්නේ. මොකක්ද තියෙන අසාධාරණය."

අධිකරණය -

ඉදිරිපත් කරන ලද වර්තා අනුව පැහැදිලි වන්නේ සැත්කම on going මට්ටමේ තිබෙන බවයි. බන්ධනාගාරයට උසාවියට ගෙන්න එපා කියලා තමා දක්වලා තියෙන්නේ. වර්තා අනුව හෘද සැත්කමක් කිරීමක් හෝ කිරීමට තිබෙන බවට සදහන් නැහැ. නමුත් ඇයගේ රෝගී තත්ත්වයේ බරපලකම දක්වා තිබෙනවා. ඒ පිළිබදව ඉදිරි දින ඇප ලබා දිම සම්බන්ධයෙන් මා තිරණය කරනවා.”

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය ලබන 16 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල්තැබූ අතර මෙහි පළමු සැකකරුට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කළේය.

- hirunews

සම්බන්ධිත පුවත් | Related News

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. මෙම සිදුවීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධ ගැටලුවකට සීමා නොකර, බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ රජයේ වගකීම් පිළිබඳ පුළුල් සංවාදයක් දක්වා ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කෙරිණි.
බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.
'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.