"සිවුර ගැන තීන්දුව ගන්න පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැහැ.. ඇමතිට පුලුවන්" – ඇමති සුසිල් රණසිංහ
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිඛිතව කරුණු දැනුම් දී තිබූ බවයි.
අනතුරුව ජනාධිපතිවරයා උන්වහන්සේලා සමඟ සාකච්ඡා කර, පවතින නීතිමය තත්ත්වය සහ ඊට අදාළ නීති රීතිවල සිදුකළ යුතු සංශෝධන පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
එම කමිටුව මේ වන විටත් රැස්වී සාකච්ඡා පවත්වා ඇති අතර, අදාළ නීති රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නොවන බවත්, අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව ගැසට් නිවේදනයක් මඟින් එය කඩිනමින් සිදුකළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඉදිරි සතියක් හෝ දින දහයක් ඇතුළත සුදුසු නීතිමය සංශෝධනයක් ගෙන ඒමට රජය අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.
විශේෂයෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දේශපාලනඥයන් මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම නලින් බණ්ඩාර වැනි මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ හඬ නැගුවද, පසුගිය රජය සමයේ සංඝරත්නයේ සිවුර ඉවත් කර සිරගත කිරීම සාධාරණීකරණය කළේ එම පිරිසම බව සිහිපත් කළේය.
එබැවින් විපක්ෂයේ මෙම මැදිහත්වීම සද්භාවයෙන් සිදු වන්නක් නොවන බවත්, හුදු පටු පෞද්ගලික දේශපාලන අරමුණක් මත පදනම් වූවක් බවත් හෙතෙම අවධාරණය කළේය.
විධායක ජනාධිපති ධුරයට හිමි බලතල අභිබවා රට තුළ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වන නීතිගරුක සමාජයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව සඳහන් කළ අමාත්‍යවරයා, රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම රටේ යහපත හා දේශපාලන සංස්කෘතියේ ධනාත්මක සන්ධිස්ථානයක් වෙනුවෙන් ගන්නා බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ