News Category
From Date
To Date
Maximum Number of Result

භූතාන රාජ්‍යයේ ආධ්‍යාත්මික දියුණුව: බෞද්ධ දර්ශනය සහ දේශපාලනික ප්‍රායෝගිකත්වයේ සංකලනය.

Oct 13, 2026 at 09:53 AM
|

හිමාල කඳු වැටියෙන් වටවූ, ලොව අවසන් වජ්‍රයාන බෞද්ධ රාජ්‍යය ලෙස හැඳින්වෙන භූතානය, භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයට මුල්තැන දෙන සුවිශේෂී දේශයකි. ගෝලීයකරණය හමුවේ ලෝකයේ බහුතරයක් රටවල් දළ දේශීය නිෂ්පාදිතය (GDP) පසුපස හඹා යද්දී, භූතානය ලෝකයට හඳුන්වා දුන්නේ දළ ජාතික සතුට නැමැති ආධ්‍යාත්මික මූලධර්මයයි. මෙම ලිපිය මඟින් භූතානයේ ආධ්‍යාත්මික දියුණුවේ පදනම, එදිනෙදා ජීවිතයට බද්ධ වී ඇති ආකාරය සහ ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවයේ රහස ශාස්ත්‍රීයව විග්‍රහ කෙරේ.

ආධ්‍යාත්මිකත්වයේ ඓතිහාසික පදනම.

භූතාන සමාජයේ ආධ්‍යාත්මික දියුණුව ගොඩනැඟී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී ඉන්දියාවේ සිට එරටට වැඩම කළ පද්මසම්භව (ගුරු රින්පොචේ) උත්තමයාණන් වහන්සේගේ ආගමනයත් සමඟය. උන්වහන්සේ විසින් හඳුන්වා දුන් ටිබෙට් බුදුදහම (වජ්‍රයාන මහයාන සම්ප්‍රදාය), භූතාන සංස්කෘතියේ සහ රාජ්‍ය පාලනයේ කොඳු නාරටිය බවට පත් විය. 17 වන සියවසේදී භූතානය - නගවන්ග් නම්ග්යාල් ( Ngawang Namgyal) නැමැති මහා ලාමා බෝධිසත්වයන් වහන්සේ විසින් භූතානය එක්සේසත් කර, ආගමික සහ සිවිල් පාලනය සමබරව පවත්වාගෙන යාම සඳහා 'සොන්ග්' (Dzongs) නැමැති බලකොටු සංකල්පය හඳුන්වා දුන්හ.

නවගුණ වැල සහ සජ්ජායනාවේ භාවනාත්මක බලපෑම.

භූතාන වැසියන් තුළ පවතින ඉහළ ආධ්‍යාත්මික සන්සුන්භාවයට සහ මනසේ ඒකාග්‍රතාවයට බලපෑ ප්‍රධානතම ප්‍රායෝගික රහසක් වන්නේ ඔවුන් දෛනිකව සිදුකරන නවගුණ වැල (Mala) භාවිතය සහ මන්ත්‍ර/සූත්‍ර සජ්ජායනයයි.

* නිරන්තර සිහිකල්පනාව (Constant Mindfulness): භූතානයේ මහලු, තරුණ, බාල සැමදෙනාම පාහේ ගමන් බිමන් යන විට, විවේකීව සිටින විට මෙන්ම රැකියා ස්ථානවලදී පවා නිරන්තරයෙන් නවගුණ වැල ඇඟිලිවලින් පිරිමදිමින් මන්ත්‍ර සජ්ජායනා කරනු දැකිය හැක. (විශේෂයෙන්ම "ඕම් මණි පද්මේ හූම්" වැනි මහා කරුණා මන්ත්‍ර).

* චිත්ත ඒකාග්‍රතාවය සහ ආතතිය දුරුකිරීම: යෝග විද්‍යාවට සහ බෞද්ධ භාවනා ක්‍රමවේදයන්ට අනුව, නවගුණ වැලක් භාවිතයෙන් ඇඟිලි තුඩුවල සිදුවන චලනය මඟින් මොළයේ ස්නායු පද්ධතිය උත්තේජනය කර සන්සුන් කරයි. ශබ්ද නඟා හෝ සිතින් කෙරෙන නිරන්තර සජ්ජායනාව (Chanting) මඟින් බාහිර ලෝකයේ අවිවේකී සිතුවිලි සහ ආතතිය (Stress) මැඩපවත්වා, සිත එකම අරමුණක රඳවා තබා ගනී.

* යෝග සහ භාවනා සහසම්බන්ධය: යෝග අභ්‍යාසවල යෙදෙන්නන්ට ද තම ශ්වසන වේගය පාලනය කරගැනීමට සහ චිත්ත ශක්තිය වර්ධනය කරගැනීමට නවගුණ වැල (Mala Japa) අසිරිමත් මනෝ-කායික උපකරණයක් (Psycho-physical tool) ලෙස ක්‍රියා කරයි. භූතාන වැසියන් නිරන්තරයෙන් මෙම අභ්‍යාසයේ යෙදීම නිසා ඔවුන්ගේ සමාජය තුළ ඉවසීම, දයාව සහ අභ්‍යන්තර සාමය ඉහළ මට්ටමක පවතී.

දළ ජාතික සතුට (Gross National Happiness - GNH)

භූතානයේ ආධ්‍යාත්මික දියුණුව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස තහවුරු වන්නේ 1972 වසරේදී එරට සිව්වන රජු විසින් හඳුන්වා දුන් GNH සංකල්පයෙනි. මෙහි ප්‍රධාන කුළුණු හතරක් පවතී:

1. තිරසාර සහ සාධාරණ සමාජ-ආර්ථික සංවර්ධනය: ධනය සෙවීම පමණක් නොව, එය සාධාරණව බෙදී යාම.

2. සංස්කෘතික සංරක්ෂණය සහ ප්‍රවර්ධනය: භූතාන සාම්ප්‍රදායික බෞද්ධ සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම් සහ කලාවන් ආරක්ෂා කිරීම.

3. පරිසර සංරක්ෂණය: ස්වභාවධර්මය රැකබලා ගැනීම (භූතානය යනු ලොව එකම කාබන්-ඍණ රටයි).

4. යහපාලනය: ආධ්‍යාත්මික මූලධර්ම මත පදනම් වූ දේශපාලන ක්‍රමවේදය.

5. ශාස්ත්‍රීය නිගමනය.

භූතානය අපට කියා දෙන්නේ භෞතික දියුණුව සහ නවීන තාක්ෂණය වැළඳ ගන්නා අතරතුරම, තමන්ගේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය මෙන්ම මානසික සුවය රැකගන්නේ කෙසේද යන්නයි. බුදුදහම, යෝග සහ භාවනාව යනු හුදෙක් පොත්පත්වලට සීමා වූවක් නොව, නවගුණ වැලක් වැනි සරල ආධ්‍යාත්මික මෙවලමක් පවා උපයෝගී කරගනිමින් සමස්ත රාජ්‍ය පාලනයට සහ මිනිස් චර්යාවන්ට බද්ධ කළ හැකි ප්‍රායෝගික ජීවන මාර්ගයක් බව භූතානය මුළු ලෝකයටම ඔප්පු කර පෙන්වා ඇත.

ආචාර්ය දුලිප් පලිහවඩන

අධ්‍යක්ෂ,

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන හා උපාය මාර්ගික පර්යේෂණායතනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. (References)

* Linda Leaming- (2015). Married to Bhutan-භූතානයට පෙම් බැද. පරි: සුමිත්‍රා රාහුබද්ධ. නුගේගොඩ: කතෘ ප්‍රකාශන.

* Thubthan yeshe- (2007). Introduction to Thanthra-තන්ත්‍රයානයට හැඳින්වීමක්. පරි: ගුණතිලක ඩබ්ලිව්.ඇම්, තරංගා ප්‍රකාශකයෝ, මුදුන්ගොඩ.

* විජයවර්ධන, ජස්ටින්. (1960), තිබ්බතයේ බොදු සංහාරය: කතෘ ප්‍රකාශන.

* හජිමේ නකමුර- පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි. පරි: මීගස්කුඹුර, පී.බී. (2003). විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව.

* මිස්සක කමලසිරි හිමි. පූජ්‍ය පණ්ඩිත- මිහිදු ගිරෙන් හිම ගිරට, (2011). නුගේගොඩ. සරසවි ප්‍රකාශකයෝ.

* කුඩාහෙට්ටි තිලක- අභිරහස් තිබ්බතය, (2012). මරදාන, දයාවංශ ජයකොඩි සහ සමාගම.

* ධම්මදස්සි හිමි. නායිම්බල. ආචාර්ය -ටිබෙට් බුදු සමය, (2009). කර්තෘ ප්‍රකාශන.

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා.
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.