ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත අදාළ කටයුතු අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.
මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක අන්තර්ගත කරුණු ඉතා සාධාරණ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, සාමාන්‍ය වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන භික්ෂූන් වහන්සේලා වෙනත් සාමාන්‍ය රැඳවියන් සමඟ රඳවා තැබීම උන්වහන්සේලාට මෙන්ම ජනතාවට ද මානසිකව දැඩි පීඩාවක් ගෙන දෙන කරුණක් බව පිළිගෙන ඇත.
කෙසේ වෙතත්, වත්මන් නීතිමය රාමුවට අනුව බරපතළ වැඩ සහිතව මාස තුනකට වඩා සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා ගැනීමට ඉඩක් නොමැති බැවින්, එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා කමිටුවක් මඟින් අදාළ නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පෙන්වා දී ඇත්තේ, සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නෛතික තත්ත්වය පිළිබඳව පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක් බවයි. මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය එක් අවස්ථාවක් පමණක් බවත්, එය විධිමත් පටිපාටියක් නොවන බවත් උන්වහන්සේලා සඳහන් කළහ. වර්තමානය වන විට භික්ෂූන් වහන්සේලා 40කට ආසන්න පිරිසක් සමාජයේ විවිධ ගැටලු මුල් කරගනිමින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, මෙය සමාජයීය වශයෙන් ඉතා සංවේදී කරුණක් බවත් මෙහිදී අනාවරණය විය.
ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමකට අධිකරණයකින් මාස තුනකට වැඩි සිරදඬුවමක් නියම වූ අවස්ථාවක, ඒ පිළිබඳ අදාළ නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දිය යුතු බවත්, එම සංඝ සභාවල නිර්දේශ මත පදනම්ව උන්වහන්සේලා සිවුරු පිටින් සුදුසු ස්ථානයක රඳවා තැබීමට අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සැකසිය යුතු බවත් මහා සංඝරත්නය යෝජනා කළහ. එමෙන්ම, වැරදි කරන පාර්ශ්වයන් අනිසි ලෙස ආරක්ෂා කිරීමට මහා සංඝරත්නය කිසිවිටෙකත් කටයුතු නොකරන බව ද උන්වහන්සේලා අවධාරණය කර සිටියහ.
එම යෝජනාව ඉතා සුදුසු එකක් ලෙස පිළිගත් ජනාධිපතිවරයා, සංඝ සභාවන්හි මැදිහත්වීම කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ඊට අදාළ රෙගුලාසි සකස් කිරීමේ කටයුතු සති දෙකක් තුළ අවසන් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. සමාජීය වශයෙන් සංවේදී වූ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ කඩිනම් සහ සාධනීය ප්‍රතිචාරය පිළිබඳව මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල ස්ථවිරයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රශංසාව පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..