නව ලෝකය සඳහා සැරසෙන චීනය - චීනයේ නව ‘පස් අවුරුදු සැලසුම’
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
මේ අනුව, චීනය තම 15 වන ‘පස් අවුරුදු සැලසුම’ දියත් කිරීම 2026 මාර්තු 12 වන දින, ඒ සම්බන්ධ සිය වාර්ෂික සැසි දෙක අවසන් කිරීමෙන් ආරම්භ කළේය.
තම නව පස් අවුරුදු සැලසුම මගින්, චීනය තාක්ෂණික වර්ධනය සහ ස්වයං විශ්වාසය මෙන්ම, දිනෙන් දින ඉහළ යන දේශීය සහ විදේශීය යන දෙයාකාරයේම අභියෝගවලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව පිළිබිඹු කරයි. ඒ සඳහා හරිත ආර්ථිකයක් මගින් වඩාත් හොඳ අත්වැලක් සපයන බව ඔවුන් අවබෝධ කරගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ හිටපු පරිපාලක අහිම් ස්ටයිනර් පවසන ආකාරයට, මෑත වසරවල අප දැක ඇති ආකාරයට පිරිසිදු බලශක්තිය සහ සංචලන අංශයේ සහ පොදු දුම්රිය ගමන්වල යටිතල පහසුකම් සංවර්ධනය හරහා චීනය නිසැකවම උදාහරණයක් ලෙස විදුලි වාහන සම්බන්ධයෙන් අද ලෝක ප්‍රමුඛයා බවට පත්ව ඇති බව සහතික ය. එපමණක් නොව, ලෝකයේ කොතැන බැලුවද අද හරිත ආර්ථිකයක් කරා සංක්‍රමණය වීම නොවැළැක්විය හැකි බව පෙනී යයි. හරිත නැව්ගත කිරීම, කෘෂිකර්මාන්තය සහ අපේ ආහාර පද්ධති සම්බන්ධව සිතා බැලීම තුළින්ද අපට ඒ බව පැහැදිලි වේ. මේවා බාධක නොව, චීනය සහ තවත් බොහෝ රටවල් මෑත වසරවලදී ඔප්පු කර ඇති පරිදි හුදෙක් සංක්‍රාන්ති උපායමාර්ග ගැටලු පමණක් වන බවද ඔහු පවසයි. චීනය විසින් වසර විස්සකට වඩා ගනුදෙනු කරනු ලදුව, දැන් විසි එක් වන සියවසේ සබුද්ධික වේදිකාවක් බවට පත්ව ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන කර්මාන්තය තවදුරටත් හුදෙක් සුඛෝපභෝගී හෝ වරප්‍රසාද හෝ පිළිබඳ කරුණක් නොවේ. ඒ, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වන සාමාන්‍ය ජනතාවටත් එවැනි තිරසාර අවස්ථා ලබා නොදී හරිත සංවර්ධනයක් කරා පිය නැගීමද යථාර්ථවත් නොවන නිසාය. චීන රජය සිය නව පස් අවුරුදු සැලසුම තුළ දී මේ පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.
2026 සිට 2030 දක්වා වන වසර පහ ඇතුළත චීනය ප්‍රධාන වශයෙන් කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ අවධානය යොමු කරන අංශ කිහිපයක් වෙයි. AI සහ ඩිජිටල් ආර්ථිකය, වැඩි දියුණු කළ නිෂ්පාදනය සහ රොබෝ විද්‍යාව, උපායමාර්ගික තාක්ෂණයන්, බලශක්ති සංක්‍රාන්තිය සහ සැපයුම් දාම ආරක්ෂාව ඒ අතර වේ. AI+ මුල පිරීම රට පුරා පුළුල් කිරීම මගින් කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීමට චීනය තම පස් අවුරුදු සැලසුමෙන් බලාපොරොත්තු වේ. 2030 වන විට මූලික ඩිජිටල් ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.5%ක ප්‍රතිශතයක් දක්වා ළඟා කරවීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත. එමෙන්ම තීරණාත්මක උපාය මාර්ගික කර්මාන්ත ලෙස මානවරූපී රොබෝවරුන් සහ මූර්තිමත් බුද්ධිය (Embodied Intelligence) අවධාරණය කිරීම ඔවුන් රොබෝ තාක්ෂණය යටතේ අවධානය යොමු කර ඇත. මීට අමතරව ඒකාබද්ධ පරිපථ, අභ්‍යවකාශ, 6G සන්නිවේදනය, ක්වන්ටම් තාක්ෂණය සහ මොළය සම්බන්ධ පරිගණක අතුරු මුහුණත් කෙරෙහිද අවධානය යොමුව ඇත.
Digi China වෙබ් අඩවිය සඳහන් කරන පරිදි, චීනයේ 15 වන පස් අවුරුදු සැලසුමෙන් පෙන්නුම් කරන්නේ දියුණු අර්ධ සන්නායක සඳහා වන ඇමරිකා එක්සත් ජනපද අපනයන පාලනයන් විසින්, චීනය උපයෝගිතා කාර්යක්ෂමතාව ගණනය කිරීම ප්‍රධාන කරගත් ප්‍රතිපත්ති නිර්මාණය කිරීම වෙත අවධානය යොමු කර ඇති බවයි. ඒ, රට දැනටමත් තමන් සතුව ඇති දෘඪාංගවලින් ප්‍රතිදාන උපරිමව ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවකය. නව සැලසුම, පෙරමුණු තුනකින් මෙම ඉලක්කය හඹා යාමට නියමිතය. ඒ පෙරමුණු තුන නම්, ජාතික යටිතල පහසුකම් සැලසුම් කිරීම, පළාත් පාලන අධීක්ෂණය සහ Cloud පරිගණක සේවා භාවිතය වැඩි කිරීමයි.
ජාතික මට්ටමින්, පස් අවුරුදු සැලසුම ජාතික ඒකාබද්ධ පරිගණක බලජාලය සහ අදාළ රාජ්‍ය අනුග්‍රහය ලත් කාලසටහන් වේදිකා ගොඩනැගීම දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වේ. එහි අරමුණ වන්නේ සම්පත් එකතු කිරීම සහ වැඩ බර, ඌන උපයෝගිතා දත්ත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම මගින් පවතින දෘඪාංග සම්පූර්ණයෙන් භාවිත කරන බව සහතික කිරීමයි. ප්‍රාදේශීය මට්ටමින් පස් අවුරුදු සැලසුමෙන් ප්‍රාදේශීය නිලධාරීන් නොසැලකිලිමත් ලෙස දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය නාස්ති කිරීම වැළැක්වීමට පියවර ගනු ලැබේ. පරිගණක යටිතල පහසුකම්වල පිරිමැසුම සහ ක්‍රමානුකූල ඉදිකිරීම් සම්බන්ධීකරණය කිරීම ද පස් අවුරුදු සැලසුමෙහි කොටසක් වේ.
එමෙන්ම ව්‍යවසාය මට්ටමින් පස් අවුරුදු සැලසුමෙන් බලාපොරොත්තු වන්නේ පොදු Cloud සේවාවක් ක්‍රියාකාරීව සංවර්ධනය කිරීමයි. තවත් කාර්යක්ෂම පියවරක් ලෙස Alibaba Cloud සහ Huawei Cloud වැනි අධිපරිමාණ වේදිකා වෙත තම සංවිධාන සංක්‍රමණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස මෙය සැලකිය හැකිය. දැනට චීනයේ ‘Cloud’ උපයෝගීතා අනුපාතය ආසන්න ලෙස 28%ක් වන අතර, එය ඇමරිකා එක්සත් ජනපදයේ 60%ට ප්‍රතිවිරුද්ධව ගත් විට කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි. Trivium China හි Kendra Schaefer සඳහන් කරන්නී, වඩාත් හොඳින් සම්බන්ධීකරණය කරන ලද පරිගණක යටිතල පහසුකම් චීනයට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
එමෙන්ම 15 වන පස් අවුරුදු සැලසුම, එහි පූර්වගාමියා වන 14 වන පස් අවුරුදු සැලසුමට වඩා තියුණු, ආරක්ෂාව මත පදනම් වූ තාක්ෂණික න්‍යායපත්‍රයක් සටහන් කර තිබේ. එයට අනුව AI තවදුරටත් බොහෝ දෙනා අතර ප්‍රමුඛතා අංශයක් පමණක් නොව, පුළුල් කාර්මික පරිවර්තනයක් බව පෙනේ. නව කෙටුම්පතෙහි AI+ ක්‍රියාකාරී සැලැස්මක් අන්තර්ගත අතර, විද්‍යාව, කර්මාන්ත, සංස්කෘතිය, මහජන සේවා සහ පාලනය හා AI සම්බන්ධ කරමින් පරිගණක බලය, ඇල්ගොරිතම සහ දත්ත යන තුනෙන් යුත් ගොඩනැඟීමක් සමඟ මෙය එකතු වෙයි. ඒ අතරම, උසස් තාක්ෂණය සඳහා රජය වටා ඇති මූල්‍යකරණ ක්‍රම පරිණාමය වෙමින් පවතින අතර, චීන බැංකු විසින් තාක්ෂණ සමාගම්වලට ණය දීම වේගවත් කරනු ලැබ ඇත.
මෙවර එළි දුටු පස් අවුරුදු සැලසුම, චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන් වැනි පස් අවුරුදු සැලසුම වේ. ගෝලීය අවිනිශ්චිතතා සහිත කාලයක ඉදිරිපත් කරන ලද මෙම සැලැස්ම චීන රජයේ උපායමාර්ගික අභිලාෂයන් කිහිපයක් ඉස්මතු කර ඇත. එහි මූලික උපාය මාර්ගයක් වන්නේ ස්වයං විශ්වාසයයි. එය අනෙක් මූලික අංගය වන තාක්ෂණය ප්‍රමුඛ සංවර්ධනය සමඟ සම්බන්ධ වී එහි පදනම ලෙස ක්‍රියා කරන ආකාරය මෙම සැලසුම පැහැදිලි කරයි. උදාහරණයක් ලෙස ප්‍රධාන ඉලක්ක අතරට මූලික ඩිජිටල් කර්මාන්ත චීන දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.5% ක් දක්වා වර්ධනය කිරීම සහ 7% ට වැඩි පර්යේෂණ සහ සංවර්ධන වියදම්වල වාර්ෂික වර්ධනය සහතිකකිරීම ඇතුළත් වේ. විශේෂයෙන්ම, AI" ක්වන්ටම් තාක්ෂණය, ජෛව තාක්ෂණය සහ පිරිසිදු බලශක්තිය වැනි නැගී එන තාක්ෂණයන් භාවිතය වේගවත් කරන අතරම, මූලික පර්යේෂණ සහ මූලික නවෝත්පාදන සඳහා ලබා දෙන සහාය වැඩි කිරීමට චීනය තීරණය කර ඇත.
අතීතයේ පටන්ම ලෝකයේ උපායමාර්ගික චින්තකයකු ලෙස චීනය ඉටු කරමින් සිටින භූමිකාව අනුව චීනයේ මෙන්ම, හෙට දවසේ ලෝකයේ හැඩය හා ගුණයද වෙනස්කිරීමේ විභවය මෙම නව පස් අවුරුදු සැලැස්මේ අන්තර්ගත බව සඳහන් කිරීමට පිළිවන.
- ප්‍රභාත් චින්තක මීගොඩගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි