ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්..
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සහ ඊට අදාල ප්‍රශ්නය සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා ගෙන ඇති පියවර මොනවාදැයි? විමසමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබේ.
එමෙන්ම වර්තමානයේ මහා පරිමාණයෙන් පැතිර යමින් පවත්නා බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද බුද්ධ ශාසන මණ්ඩලය කිසියම් පියවරක් ගෙන ඇද්දැයි උන්වහන්සේ එම ලිපියෙන් විමසා ඇත.
වර්තමානයේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් අරභයා සුදුසු පියවර ගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා සිදුකර ඇති විසඳුම්දායක පියවර පිළිබඳව රටේ ජනතාව මෙන්ම අවම වශයෙන් නිකාය සංඝ සභාවත් නිසි අවබෝධයකින් නොමැති බව සෝභීත හිමියන් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
එබැවින්, මෑතකදී බරපතල ආකාරයෙන් පැනනැගී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරන විසඳුම් වහාම දැනුවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.
එම ලිපියේ මතු කර ඇති විශේෂිත කරුණු අතරට කැකිරාවේ සුදස්සන නමැත්තාගේ ධර්මවිරෝධී හැසිරීම් රටාව, තිත්තගල්ලේ ආනන්ද සිරි නමැත්තා ශාසන විරෝධී ආකාරයෙන් අලුතින් නිකායක් ආරම්භ කරන බවට මහානායක මාහිමිවරුන්ට සෘජු ලෙස අභියෝග කරමින් හැසිරීම, ජෙරම් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් ක්‍රිස්තියානි ධර්මය අදහන අයට මිථ්‍යා දෘෂ්ඨිය යන යෙදුම භාවිත කළහොත් නීතිමය මඟින් ක්‍රියා කරන බවට සිදුකරන ප්‍රකාශ, සහ ක්ලිප්පේ අරියමග්ග නැමැති අය ප්‍රධාන පිරිසක් විසින් පිහිටුවන ලදැයි පැවසෙන "සිරි ගොතම සම්බුද්ධ නිකාය" නම් නව සංවිධානයක් පිහිටුවීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ඇතුළත් වේ.
2020 වෙසක් සත්කාර උත්සව අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශය සිහිපත් කරමින්, ත්‍රිපිටකය සුරක්ෂිත කිරීම සහ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති සම්පාදනය කරන බවට දුන් ප්‍රතිඥාව යටතේ මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි සෝභීත හිමියන් විමසා සිටිති.
මෙම ලිපියේ පිටපත් ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන්වහන්සේලා සහ ජනාධිපතිවරයා වෙතද යොමු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?