මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.
එම කාලසීමාව තුළ මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිතව හසුරුවා ඇති සමස්ත ගුවන් යානා වාර ගණන 40,111ක් වන අතර, ඉන් මෙහෙයුම් 38,524ක් නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් වන අතර සෙසු මෙහෙයුම් 1,587 සටහන් වන්නේ කාලසටහන්ගත නොවූ ගුවන් ගමන් ලෙසයි.
පසුගිය වසරේ සමාන කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පමණක් මෙහෙයුම් 44,185ක් වාර්තා වී තිබූ අතර, ඊට සාපේක්ෂව මෙවර මෙහෙයුම් 4,074ක අඩුවීමක් සිදුව ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය නොසන්සුන්තාව මෙම ගුවන් ගමන් සංඛ්‍යාව පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ගුවන් මගී සංචරණය පිළිබඳ සලකා බැලීමේදී ද යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර, ගතවූ මාස අට තුළ මෙරට ගුවන්තොටුපොළ පද්ධතිය පරිහරණය කර ඇති සමස්ත මගීන් සංඛ්‍යාව 6,439,213කි. පෙර වසරේ සමාන කාලසීමාවේදී කටුනායක ගුවන්තොටුපොළෙන් පමණක් මගීන් 6,630,728ක් හසුරුවා තිබුණි.
මීට අමතරව, අදාළ කාලය තුළ ගුවන්තොටුපොළ ඔස්සේ ප්‍රවාහනය කර ඇති සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 144,713කි. එයට මෙරටින් පිටතට රැගෙන ගිය ගුවන් යානා වෙත පටවන ලද මෙට්‍රික් ටොන් 89,470ක භාණ්ඩ තොගය සහ මෙරටට ගොඩබාන ලද මෙට්‍රික් ටොන් 55,243ක භාණ්ඩ ප්‍රමාණය අයත් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?