ඥානසාර හිමි සිරගත කිරීම පිටුපස විශාල දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම යනු තනිවෙන් වෙන්කර හඳුනාගත හැකි සිදුවීමක් නොව, පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිට ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ විරෝධී සහ ජාතික ආරක්ෂාව අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ හෝමාගම අධිකරණ සිදුවීම, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, ඉස්ලාම් අන්තවාදය, දෙමළ බෙදුම්වාදය මෙන්ම උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ කිරීමට දැරූ උත්සාහයන් එකිනෙකට තදින් බද්ධ වූ සිදුවීම් මාලාවක් බවයි.
යහපාලන ආණ්ඩු සමයේදී ජිනීවා යෝජනාවලියට එකඟ වෙමින් හමුදා බුද්ධි අංශ සහ භික්ෂූන් වහන්සේලා මර්දනය කිරීමට කටයුතු කළ බවත්, එමගින් නිර්මාණය වූ දුර්වල රාජ්‍ය ව්‍යුහය තුළ පාස්කු ප්‍රහාරයට ඉඩකඩ සැලසුණු බවත් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ මහතා දක්වා ඇති අදහස් පහළින්..
"ඥාණසාර ස්වාමින් වහන්සේට එරෙහිව අධිකරණයට අපහාස කලායැයි චෝදනාවට ලක්වු සිද්ධියට සම්බන්ධ හෝමගම නඩුවයි, පාස්කු ප්‍රහාරයයි, ඉස්ලාම් අන්තවාදයයි, දෙමළ බෙදුම්වාදයයි කියන්නේ වෙන වෙනම සිද්ධි නෙමේ.
මේ සියල්ල සිදුවන්නේ යහපාලන ආණ්ඩු කාලේ. යහපාලන ආණ්ඩුව කියන්නෙම සිංහල බෞද්ධත්වයට එරෙහි කුමණ්ත්‍රණයක්. සිරිසේන ඒකේ අතකොළුවක්. ජව්පේ යහපාලනයේ හැංගුණ අරමුණු වෙනුවෙන් සේවයට යොදපු අළුගෝසුවා.
බෙදුම්වාදයට අලගු තියපු හමුදාවට එරෙහිව එල්ටීටීයට ඔත්තු දිපු සිය මෙහෙයවීමෙන් රටින් පැනලා හිටපු එකැනැලිගොඩ ඝාතනය වුනා කියලා තමයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ හමුදා නිලධාරින්ට එරෙහිව විමර්ශන යන්නේ. මළ සිරුරක් හෝ මරණයක සාක්ෂි නැතුව නඩුව පැවරුවත් මීනිමැරුම් චෝදනා වලට ඇප දෙන්න් මහේස්ත්‍රාත්ට බලයක් නෑ.
ඊනීයා යහපාලන ආණ්ඩුව ජිනිවා වලදි රණවිරුවන් පාවා දෙන යෝජනාවලියට දණ ගහලා අත්දෙක උස්සලා එකඟ වෙලා දේශියව රණ විරුවන් බුද්ධි අංශ මර්දනය ආරම්භ කළා. අනෙක් පැත්තෙන් භික්ෂු මර්දනය පටන් ගත්තා. නයාරු, කුරුන්ඳාවශෝක වගේ උතුරු සහ නැහෙනාහිර බෞද්ධ උරුමය උඩ ගජේන්ද්‍රලා, විග්නේෂ්වරන්ලා පිනුම් ගැහුවේ මේ කාලේ. මේ සියල්ල එක්ක තමා ආරක්ෂක අංශ අඩපණ වුනේ.. බුද්ධි අංශ අක්‍රිය වුනේ . පාස්කු ප්‍රහාරය එන්නෙ මේ දුර්වල රාජ්‍ය ව්‍යුහය ඇතුලේ. මේ අතර තුරේ තමා රනිල් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාවේ. ඒක කරේ තියාගෙන ගියේ අද මාලිමාවේ එදා එන්ජිඕ වෙනුවෙන් හිටපු අගමැතිනි හරිනි. ඒ කාලේ තමයි අනුර , සුමන්තිරන්ව පාර්ලිමේන්තුවේදි අගමැති කරන්න හීන දකින්නේ.
මාලිමාව කියන්නේ යහපාලනය පාර්ට් 2. දෙමළ ඩයස්පොරාව මෙහෙයවන චන්ද වලට ණය ගැති උන, ඉන්දියාවේ අතකොළුවක් වුන ඩයස්පොරාවේ සහ නනාලගේ සල්ලි වලින් යැපෙන මේ ආණ්ඩුවට සිංහල බෞද්ධ රාජ්‍යයේ පදනමට ගහන එක ඇරෙන්න වෙන න්‍යාය පත්‍රයක් නෑ. එහෙම තියෙන්නත් බෑ.
මාලිමාවේ කුළි හමුදාව ඥාණසාර හාමුදුරුවන්ට ජම්පර් ඇන්ඳුවත් උන්වහන්සේ අපිට ඥාණසාර හාමුදුරුවොම තමයි.
උන්වහන්සේ සිරගත කිරිම කියවා ගත යුත්තේ ඉහත සමස්තය ඇතුලේ. සුද්දාගේ නීතියයි, උන් ඉතුරු කරල ගිය වෙස්ට් මිනිස්ටර් පක්ෂ ක්‍රමයයි, කලු සුද්දෝ පොම්ප කරන අධ්‍යාපනයයි, IMF ආර්ථික වට්ටෝරුවත් එක්ක රැවුලයි කැඳයි දෙකම ඕනේ උපාය මාර්ගයක් තියෙන්න බෑ. ඥාණසාර ස්වාමින් වහන්සේ එළියට එන්න ඕනේ සුද්දා ඉතුරු කරලා ගිය, සුද්දාගේ කුළි සේවකයෝ කරේ තියාගෙන යන මේ සමස්ත සුරාකෑම දෙබැකරගෙනයි."
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
නායක- දේශප්‍රේමි ජාතික පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්