“බටලන්දට නඩු පවරන්න බැහැ.. නැවත මුල සිට විමර්ශනය කළ යුතුයි”- නීතිපති කියයි
බටලන්ද වධකාගාරයට සම්බන්ධ බවට පැවසෙන ඝාතන පිළිබඳව නැවත මුල සිට විමර්ශන පැවැත්විය යුතු බවට නීතිපතිවරයා නිගමනය කර තිබේ.
එම නිගමනය ඇතුළත් නිරීක්ෂණ ජනාධිපති ලේකම්වරයා වෙතයොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ අඩංගු සාක්ෂි මත පමණක් පදනම්ව සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකළ නොහැකි බව නීතිපතිවරයාගේ මතය වී ඇත.
මොකක්ද මේ බටලන්ද වාර්තාව?
1994 දී වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූවාය.
ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ 1988-1990 කාලපරිච්ඡේදය තුළ සිදු වූ ඝාතන සහ අතුරුදහන්වීම් සඳහා සාධාරණය ඉෂ්ට කිරීමයි.
1994 දී බලයට පත්වීමෙන් පසු, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 සැප්තැම්බර් 21 වන දින නිකුත් කළ නියෝගයක් මගින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළාය.
එම කොමිෂන් සභාව බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාව ලෙස ප්‍රකට විය.
රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයත් බියාගම පිහිටි බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස තුළ තරුණයින් නීතිවිරෝධී ලෙස රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම හෝ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීම මෙම කොමිෂන් සභාවට පැවැරී තිබූ කාර්යය විය.
වාර 12ක් කාලය දීර්ඝ කිරීමෙන් පසුව, කොමිෂන් සභාව 1998 මාර්තු 26 වැනි දින එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත සිය වාර්තාව භාර දුන්නේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ ප්‍රකාශ ඇතුළුව වැදගත් අනාවරණයන් රැසක් කොමිෂන් සභා විභාගයේදී මතුවිය.
එම නිවාස සංකීර්ණයේ A2/2 නිවස, යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යාංශයට අයත් විවේකාගාරයක් ලෙස 1983 සිට 1989 අප්‍රේල් දක්වා රනිල් වික්‍රමසිංහ භාවිත කර ඇති බව වාර්තා විය.
1989 අප්‍රේල් සිට 1994 දක්වා එම නිවසම කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ නිල නිවස ලෙස භාවිත කර තිබේ.
A2/1 නිවස රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් සඳහා වෙන්කර තිබූ අතර, A2/3 නිවස ඔහුගේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වූ අමාත්‍යාංශයකට වෙන්කර තිබිණි.
රනිල් වික්‍රමසිංහගේ නිවෙසේ බාරකරු ලෙස කටයුතු කළ වින්සන්ට් ප්‍රනාන්දු නැමැත්තා එම පරිශ්‍රයේ පදිංචිව සිටි අතර, රනිල් වික්‍රමසිංහ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට ආසන්නව තිබියදී සැකකටයුතු ලෙස මියගියේය.
A1/7 නිවස ද රනිල් වික්‍රමසිංහට අනුයුක්ත ආරක්ෂක නිලධාරීන් භාවිත කර ඇති අතර, B2 නිවස ඔහු විසින් කාර්යාලයක් ලෙස භාවිත කළ බව පැවසේ.
කොමිෂන් සභා පරීක්ෂණ අතරතුර විශේෂ සිදුවීමක් වූයේ, එතැනදී වධහිංසාවට ලක්ව පසුව බේරී පළාගිය බව කියන පුද්ගලයකු විසින් එම නිවස හඳුනාගැනීමයි.
B1 නිවස ද රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් විසින් භාවිත කර ඇති බව කියැවේ.
රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ එවකට පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසේකර විසින් B7 නිවස භාවිත කර ඇති බව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
B8 නිවස ආසන්නයේ පිහිටා තිබූ අතර එය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ආරක්ෂක නිලධාරීන් විසින් භාවිත කරන ලද බව වාර්තා වේ.
සුගී පෙරේරා නමැති සාක්ෂිකරුවෙකු බටලන්ද කොමිසම හමුවේ මෙසේ සාක්ෂි දී ඇත.
“ඩග්ලස් පීරිස් එතනට එනවා, ඒ අය කියනවා ‘රනිල් ඇවිත්, බොස් ඇවිත්’ කියලා. රනිල්ගේ ආරක්ෂකයන් ඇවිත් අපිට පයින් ගහනවා. රනිල්ගේ ආරක්ෂකයන් සියලුදෙනාම ගෙනෙන්න, මට එයාලව අඳුරගන්න පුළුවන්. තිහකට වැඩි මුළු ආරක්ෂක කණ්ඩායමම ගෙනෙන්න, මම එයාලව පෙන්වන්නම්. මාව දවස් 23 ක් තිස්සේ රඳවාගෙන ගැහුවා. ඉතින් ඇයි මට එයාලව අඳුරගන්න බැරි.”
තවමත් සාක්ෂි පවතින බව විශ්වාස කෙරෙන මහාපරිමාණ අපරාධ රැසක් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් වනු ඇතැයි යන බලාපොරොත්තුව මැද, පසුගිය වකවානුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව නැවතත් මහජන කතාබහට ලක්විය.
පාර්ලිමේන්තු සභානායක බිමල් රත්නායක 2025 මාර්තු 14 වන දින මෙම වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කළේය.
කෙසේවෙතත්, නීතිපතිවරයාගේ උපදෙස වී ඇත්තේ කොමිෂන් සභා වාර්තාවේ ඇති සාක්ෂි පමණක් අදාළ චෝදනා ලැබූවන් නීතිය හමුවට පැමිණවීමට ප්‍රමාණවත් නොවන බවයි.
එසේවුවද, ඝාතන චෝදනා සම්බන්ධයෙන් නව විමර්ශන පවත්වන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර ඇත.
අතිශය දරුණු ලෙස වධහිංසාවට ලක්ව ඝාතනය කර, කාලයේ වැලිතලාවෙන් යටපත් කර දැමූ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉෂ්ට වීම තවදුරටත් ප්‍රමාද විය යුතුද?
(News 1st)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?