අයවැය අතිරික්තයක් මැද වෙළඳ හිඟය ඩොලර් බිලියන 7 පනී..
2026 වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය ආදායම වර්ධනය වීම හමුවේ මෙරට සමස්ත අයවැය ශේෂයේ රුපියල් බිලියන 35.4 ක අතිරික්තයක් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණද, විදේශීය අංශයේ පවතින දැඩි පීඩනය හමුවේ රටේ වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික දර්ශක වාර්තාව මඟින් අනාවරණය වේ.
අයවැය අතිරික්තයක් වාර්තා වුවද, වෙළඳ පරතරය පුළුල් වීම, රුපියල අවප්‍රමාණ වීම, රජයේ ණය බර ඉහළ යාම සහ විරැකියාව ඉහළ යාම හමුවේ ආර්ථිකයේ පවතින සංකීර්ණ ස්වභාවය මෙම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.
මහ බැංකු දත්තවලට අනුව, 2026 අගෝස්තු මාසයෙන් අවසන් වූ මුල් මාස අට තුළ මෙරට වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,180 (ඩොලර් බිලියන 7.18) දක්වා ප්‍රසාරණය වී ඇත. මෙය 2025 වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,264 ක වෙළඳ හිඟය හා සැසඳීමේදී සියයට 68 කට ආසන්න බරපතළ ඉහළ යාමකි. මෙලෙස වෙළඳ පරතරය දැඩි ලෙස පුළුල් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අපනයන ආදායම සියයට 3.3 ක සුළු වර්ධනයක් සටහන් කරමින් ඩොලර් මිලියන 9,377 ක් ලෙස පැවතියදී, ආනයන වියදම සියයට 24.1 ක සීඝ්‍ර වර්ධනයක් දක්වමින් ඩොලර් මිලියන 16,557 දක්වා ඉහළ යාමයි. එමෙන්ම, අපනයන මිලට වඩා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් මෙරට Trade Terms (වෙළඳ කොන්දේසි) ද සියයට 4.1 කින් පිරිහීමට ලක්ව තිබේ.
විදේශ අංශයේ පවතින මෙම දුර්වලතාව හමුවේ, 2026 ඔක්තෝබර් 02 වන විට වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.2 කින් අවප්‍රමාණ වී ඇත. 2026 අගෝස්තු අග වන විට මෙරට නිල දළ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6,929 ක් (ඩොලර් බිලියන 6.9 ක්) ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර තිබුණද, ඊට භාවිතය සීමා සහිත කොන්දේසි සහිත චීන මහජන බැංකුවේ (PBOC) විදේශ විනිමය හුවමාරු (Swap) මුදල් ද ඇතුළත් වේ. මීට අමතරව, සංචාරක ඉපැයීම් ද පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 10 ක පසුබෑමක් සටහන් කර ඇත.
රාජ්‍ය මූල්‍ය අංශය සැලකීමේදී, රජයේ ආදායම සියයට 21.2 කින් ඉහළ යාම නිසා 2025 මුල් මාස අට තුළ පැවති රුපියල් බිලියන 411 ක අයවැය පරතරය (හිඟය) වෙනුවට රුපියල් බිලියන 35.4 ක සමස්ත අයවැය අතිරික්තයක් අත්කර ගැනීමට රජය සමත්ව ඇත. කෙසේ වෙතත්, 2026 ජූනි මස අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය බර රුපියල් බිලියන 31,278 ක් (ට්‍රිලියන 31.2 ක්) තරම් ඉහළ අගයක පැවතීම ආර්ථිකයේ දිගුකාලීන අවදානම තවදුරටත් තීව්‍ර කරවන්නකි.
මෙරට අභ්‍යන්තර ආර්ථික දර්ශක දෙස බැලීමේදී, 2026 දෙවන කාර්තුවේදී විරැකියා අනුපාතිකය සියයට 4.0 දක්වා ඉහළ ගොස් ඇති අතර කෘෂිකාර්මික නිෂ්පාදනය සියයට 2.3 කින් හැකිලීමට ලක්ව තිබේ. මෙයට අමතරව ආහාර උද්ධමනය සියයට 8.7 ක ඉහළ මට්ටමක පැවතීම මෙන්ම, වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක බොරතෙල් සැපයුම් ජාලයන්හි ඇතිවී තිබෙන අවිනිශ්චිතතාව ද ඉදිරියේදී ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අමතර පීඩනයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?