දුදස්සනට දොට්ට යෑම..
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
“බුදු හාමුදුරුවෝ අයිති මොන නිකායට ද?” කියලා අහන අඥානයොත් ඉන්නවා. ශාසනික කාර්යයන් වෙනුවෙන් නිකායාදී සංවිධාන හදාගෙන ඉන්න ස්වාමින්වහන්සේලා බුදුවරු නෙවෙයි කියලා මේ ගොන්නු දන්නේ නෑ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියන්නේ අපේ ස්වාමින්වහන්සේලා පාර්ශ්වයක් විසින් ඉතාමත් විධිමත් විදිහට ඇති කරගත්ත සංඝ සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදී සහ විමධ්‍යගත සංඝ සභා ක්‍රමවේදයකට මේ නිකායේ පාලන කටයුතු සිද්දවෙනවා. සංවිධානයේ වගකීම් සහ කාර්යයන් ඉටු කිරීම සඳහා මේ නිකායේ ප්‍රධාන නිලතල සහ පාලන මණ්ඩල ඇති කරගෙන තියෙනවා.
ඉතින් මේ අනුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මහ නායක ස්වාමින්වහන්සේ නමක් පත් කරගන්නවා. වර්තමානයේ දී, අග්ගමහා පණ්ඩිත පූජ්‍යපාද මකුලෑවේ විමල ස්වාමින්වහන්සේ මහ නායක තනතුර දරනවා. ඊට අමතරව, නිකායේ නායක කාර්යයන් ඉටුකිරීම වෙනුවෙන් අනුනායක ස්වාමින්වහන්සේලාත් පත් කරනවා. මහ නායක ස්වාමින්වහන්සේ සහ අනුනායක ස්වාමින්වහන්සේලාගේ එකතුවෙන් මහ නායක - අනුනායක මණ්ඩලයකුත් ක්‍රියාත්මක වෙනවා. නිකායේ ප්‍රතිපත්තිමය, විනයානුකූල සහ වැදගත් තීරණ ගැනීම වෙනුවෙන් කාරක මහා සංඝ සභාවකුත් ක්‍රියාත්මක වෙනවා.
අනිත් නිකායවල වගේ ම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත් විංශද්වර්ගික කාරක සභාවක් පත් කරගන්නවා. අබ්හාන කර්මය (නැවත කැඳැවීම, නැවත සංඝ සමාජයට භාරගැනීම, පිරිසිදුභාවයට පත් කර උසස් කිරීම) වගේ විනය කටයුතු සිදුකිරීම වෙනුවෙන් ජ්‍යෙෂඨ ස්වාමින්වහන්සේලා 20 නමකගේ සහභාගීත්වයෙන් තමයි මේ “විංශද්වර්ගික සංඝ සභා” පත් කෙරෙන්නේ.
නිකායේ දෛනික පරිපාලන, ලිපිලේඛන සහ සන්නිවේදන කටයුතු භාරව ක්‍රියා කරන මහා ලේඛකාධිකාරී ස්වාමින්වහන්සේ නමකුත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට ඉන්නවා. මේ කටයුතුවලට උදව් කරන නියෝජ්‍ය ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේලාත් පත් කරගන්නවා. නිකායේ මූල්‍ය සහ දේපොළ කටයුතු භාර භාණ්ඩාගාරික ස්වාමින්වහන්සේ නමකුත් පත් කරගන්නවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කටයුතු ප්‍රාදේශීය මෙහෙයවීම වෙනුවෙන් ප්‍රාදේශීය සංඝ සභා පිහිටුවා ගැනීමත් සිද්ද කරනවා. මේ ප්‍රාදේශීය කටයුතු මෙහෙයවීම වෙනුවෙන් ප්‍රාදේශීය නායක හිමිවරුත් පත් කරගන්නවා.
මෙහෙම හදාගන්න නිකාය සංවිධානයකට මූලස්ථානයක් තියෙනවා. පරිපාලන මධ්‍යස්ථාන තියෙනවා. මේ හැම කාර්යයකට ම නිකායට අයිති පන්සල්වල ස්වාමින්වහන්සේලා විවිධාකාරයෙන් දායකවෙනවා. මේ ස්වාමින්වහන්සේලාගෙන් තමයි නිකායේ සාමාජිකත්වය හැදිලා තියෙන්නේ.
ඉතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියන්නේ ඉතාමත් විධිමත් විදිහට ඇති කරගෙන, පවත්වාගෙන යන සංඝ සංවිධානයක්. මෙහෙම සංවිධානයක සාමාජිකත්වය දරන භික්‍ෂූන්වහන්සේ නමකට සංවිධානයේ මූලික පිළිගැනීම් හෙළා දකිමින්, ඒවාට ගර්හා කරමින්, මූලික එකඟතා කඩ කරමින් කටයුතු කරන්න පුළුවන්කමක් නෑ.
මේක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. දේශපාලන පක්‍ෂ ඇතුළු අනෙකුත් සියලු සංවිධාන, ආයතන, සමිති සමාගම් හැම එකකට ම මේ කාරණය අදාළයි. මොකක් හරි මාධ්‍ය ආයතනයක වැඩ කරන මාධ්‍යවේදියෙක්ට තමන්ගේ ආයතනය විවේචනය කරන්න පුළුවන් ද? දුදස්සනගේ බහුභූත උඩදාන මාධ්‍යවේදීන්ට මේ කාරණය ගැන හිතලා බලන්න පුළුවන්.
අපිට මේ කාරණය ශ්‍රී ලංකාවේ කතෝලික සභාව (The Catholic Church in Sri Lanka) ආශ්‍රයෙනුත් විමර්ශනය කරමු.
“ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය” (Catholic Bishops' Conference of Sri Lanka) පදනම් කරගෙන තමයි ශ්‍රී ලංකා කතෝලික සභාව ඇති කරගෙන තියෙන්නේ. පාප්වහන්සේ මුල් කරගත්ත ලෝක කතෝලික පාලනයට සම්බන්ධ හින්දා මේ සංවිධානය පොදුවේ “රෝමානු කතෝලික සභාව” කියලත් හඳුන්වනවා. අපේ රටේ කතෝලික සභාව භූගෝලීය වශයෙන් පදවි (Dioceses) 12 කට බෙදලා තියෙනවා. මේ පදවි 12 ට කොළඹ අගරදගුරු පදවියත් ඇතුළත්. මේ පදවිවිල පාලනයට සහායක රදගුරුතුමන්ලා, අනු නායක පූජකතුමන්ලා, විවිධ විෂයයන් භාර අනුනායක පූජකතුමන්ලා පත් කරගන්නවා. කලාප, කොට්ඨාශ, මීසම් මට්ටම්වලිනුත් කතෝලික සභාව සංවිධානගත වෙලා තියෙනවා. ඒ මට්ටම්වල වගකීම් දරන පූජකතුමන්ලාත් ඉන්නවා.
කතෝලික සභාවට සම්බන්ධ ජේසුයිට්, ෆ්‍රැන්සිස්කන්, දොමිනිකන්, බෙනඩික්ටයින් වගේ පිරිමි පැවතුම් නිකායනුත් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය වගේ කන්‍යා සොහොයුරියන්ගේ නිකායනුත් තියෙනවා. බිම් මට්ටමේ කටයුතුවලට දායකවෙන ගිහි ජනතාවත් ඒ අයගේ සංවිධානත් ක්‍රියාත්මක වෙනවා.
අභ්‍යන්තර පාලනය, ඇදහිලි, වන්දනා ක්‍රම, විනය සහ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පාලනය කිරීම වෙනුවෙන් සම්පාදන කරලා තියෙන “කතෝලික නීතිය” (Canon Law) අනුව කතෝලික සභාවේ සියලු කටයුතු මෙහෙයවනවා.
කතෝලිකයන්ගේ මූලික විශ්වාස “අපොස්තුළුවරුන්ගේ ඇදැහීම් ප්‍රකාශය” (Apostles' Creed) සහ “නිසෙයානු ඇදහීම් ප්‍රකාශය” (Nicene Creed) තුළින් ප්‍රකාශ කෙරෙනවා. අපොස්තුළුවරුන්ගේ ප්‍රකාශය අනුව, කතෝලිකයෝ මුළු මහත් විශ්වයේ ම මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්න බව පිළි ඇරැගෙන උන්වහන්සේව විශ්වාස කරනවා. කිසිම සැකයකින් තොරව යේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වය, කන්‍යා උපත, කුරුසියේ මරණය, උත්ථානය සහ ස්වර්ගාරෝපණය පිළිගන්නවා. ඒ වගේ ම, කතෝලිකයෝ ත්‍රිත්වයට අයිති ශුද්ධෝත්මයාණන්වහන්සේ (Holy Spirit) පිළිගන්නවා. ඊට අමතරව, කතෝලිකයෝ “සභාවේ ඒකීයභාවය” (Oneness of the Church) පිළිගන්නවා. මරණින් මතු ජීවිතය, පව්වලට සමාව ලැබීම, ලෝක අවසානයේ දී සිද්දවෙනවා කියන උත්ථානය සහ සාදාතනික ජීවිතය හැම කතෝලිකයෙක් ම පිළිගන්නවා. මේ මූලික විශ්වාස පිළිගන්නේ නැති, ඒවා ප්‍රතික්‍ෂේප කරන කෙනෙක්ට කතෝලික පූජකයෙක් (Catholic Priest) වෙන්න බෑ.
මේ කාරණය, බෞද්ධයෝ වගේ වෙස් වළාගෙන ඉන්න දුදස්සනලා, මිවනපලානේලා වගේ ප්‍රතිරූපකයෝ එක්ක සන්සන්දනය කරලා බලන්න.
කතෝලික පූජක ලෝගුවක් දාගත්ත ප්‍රතිරූපකයෙක් “යේයුස්වහන්සේ ඉපැදුණේ මීවනපලානේ” කියලා කිව්වොත් මොකකින් මොකක් වෙයි ද? එහෙම ප්‍රතිරූපකයෙක් “මරණින් පස්සේ ජීවිතයක් නෑ”, “පව්වලට සමාව ලැබෙනවා කියන එක බොරුවක්”, “කුරුසියේ මරණයට පත්වෙච්ච යේසුස්වහන්සේ නැවත උත්ථානය වුණා කියන්නේ සුරංගනා කතාවක්” වගේ ප්‍රකාශ කළොත් මොකකින් මොකක් වෙයි ද? මෙහෙම කාරණයක් මුල් කරගෙන ආරවුලක් ඇතිවුණොත් අපේ රටේ ආණ්ඩුව, පොලිසිය සහ අධිකරණය මොන විදිහට කටයුතු කරයි ද?
යම් යම් කරුණු කාරණා ගැන ගැඹුරු ප්‍රශ්න තියෙනවා නම් ඒවා සභාව ඇතුළේ සාකච්ඡා කරන්න, සංවාදයට ලක් කරන්න කතෝලික පූජකවරුන්ට පුළුවන්. හැබැයි ඒ සීමාව ඉක්මවලා හතර වටේ කියවා කියවා යන්න ඉඩක් එතුමන්ලාට නෑ.
පොදු එකඟතාවලට පටහැනි කතා කියලා කතෝලික සභාවෙන් පිටමං කරපු අය ගැන වාර්තාවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තිස්ස බාලසූරිය පියතුමාට අත්වෙච්ච ඉරණම පෙන්නන්න පුළුවන්.
1952 දී (වයස අවුරුදු 28 දී) තමයි, තිස්ස බාලසූරිය තරුණයා කතෝලික පූජකයෙක් බවට පත්වෙලා තියෙන්නේ. ඒත් එතුමා, 1990 දී ලියපු “Mary and Human Redemption” (මරියතුමිය සහ මානව විමුක්තිය) කියන පොතෙන් මරියතුමිය ගැන විකල්ප අදහස් ඉදිරිපත් කළා. මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව චෝදනා එල්ලවුණා. මේ ගැන කරපු විමර්ශනයකින් පස්සේ, 1997 ජනවාරි මාසයේ දී, තිස්ස බාලසූරිය පියතුමා ආගමික තහනමකට ලක් කරලා කතෝලික සභාවෙන් නෙරපන්න වතිකානුවේ ශුද්ධොත්පාද සභාව (The Holy See) කටයුතු කළා.
ඊට පස්සේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් ම පවත්වලා එකඟතා ඇති කරගෙන 1998 ජනවාරි මාසයේ දී, තිස්ස බාලසූරිය පියතුමා නැවතත් කතෝලික සභාවට බඳවාගත්තා. මේ කාරණයට අදාළව 6 වැනි පාවුළු පාප්වහන්සේ විසින් සකස් කරපු “දෙවිඳුන්ගේ සෙනඟගේ ඇදහීම් ප්‍රකාශය” (Creed of the People of God) අත්සන් කරලා පිළිගත්ත හින්දා තමයි තිස්ස බාලසූරිය පියතුමා නැවතත් කතෝලික සභාවට ඇතුළත් කරගත්තේ. තමන් ලියපු පොතේ අඩංගු යම් යම් අදහස් නිසාත්, ඒ අදහස් මුල් කරගෙන ඇතිවෙච්ච සිදුවීම් මාලාව නිසාත් කතෝලික සභාවට සහ කතෝලික භක්තිකයන්ට සිද්දවෙච්ච සිත් තැවුල්, අසමගිය සහ යම් ව්‍යාකූලතාවයන් පිළිබඳව තිස්ස බාලසූරිය පියතුමා තමන්ගේ කණගාටුව පළ කළා. මෙන්න මේ විදිහට, වතිකානුව ඉදිරිපත් කරපු ප්‍රකාශයට අත්සන් කිරීමෙන් සහ කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පස්සේ තමයි 1998 ජනවාරි 15 වැනි දා වතිකානුව විසින් උන්වහන්සේ මත පනවා තිබුණු ආගමික තහනම නිල වශයෙන් ඉවත් කළේ.
දුදස්සනගේ “අයිතිවාසිකම්” ගැන කියවන අපේ අඥානයෝ මේ කරුණු කාරණා දන්නේ නෑ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි