සැබෑ වෙනසක් කිරීමට නම් ආගම රාජ්‍යයෙන් අයින් කළ යුතුයි.. – ගාමිණී වියන්ගොඩ
ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දියුණු සමාජයක් බවට පත් කිරීමට නම් සිදු කළ යුතු ප්‍රධානතම හා මූලිකම පියවර වන්නේ රාජ්‍ය පාලනය සහ ආගම එකිනෙකින් වෙන් කිරීම (Secularism) බව ප්‍රවීණ ලේඛක හා සිවිල් සමාජ ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ මහතා අවධාරණය කරයි.
කෘතියක් එළිදැක්වීමේ උත්සව සභාවක් අමතමින් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, ආගම යනු තනි පුද්ගලයකු සතු පෞද්ගලික විශ්වාසයක් හා අයිතිවාසිකමක් පමණක් බවයි. එම අයිතිය සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් වුවද, රාජ්‍යයක් කිසිසේත්ම කිසිදු ආගමක් කරමත තබාගෙන කටයුතු නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක ඉතිහාසය දෙස බැලීමේදී ආගම කරමත පටවාගත් කිසිදු රාජ්‍යයක් යහපත් පාලනයක් නිර්මාණය කිරීමට සමත් වී නොමැති අතර, රාජ්‍ය පාලනය සහ ආගම යනු එකට පෑහිය නොහැකි සංකල්ප දෙකක් බව ඔහු පෙන්වා දෙයි.
පසුගිය කාලය පුරා රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ ක්‍රමවේදයේ වෙනස (System Change) ආරම්භ කළ යුත්තේ ද රාජ්‍යයෙන් ආගම ඈත් කිරීමෙන් බවත්, ආගම සහ රාජ්‍ය පාලනය එකට පැටලුණු විට රටේ නීතිය හා යුක්ති ධර්මය බරපතළ ලෙස විකෘති වන බවත් ඔහු අවධාරණය කළේය.
ඊට නිදසුනක් දක්වමින් වියන්ගොඩ මහතා සඳහන් කළේ, අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධයෙන් මතුවූ සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇප ලැබීමෙන් අනතුරුව ඊළඟ නඩු වාරය මාස හයකට පසුවට නියම වීම හරහා පවතින නීතිමය පද්ධතියේ ඇති පරස්පරතා මැනවින් පැහැදිලි වන බවයි.
එමෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළද, අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
සහරාන් හෂීම් පිළිබඳ බුද්ධි වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ එක් මේසයක් මත වසර එකහමාරක් තිස්සේ ගොඩගැසී තිබූ ආකාරය සිහිපත් කළ ඒ මහතා, අධිකරණ ප්‍රමාදයන් වැළැක්විය යුත්තේ එවැනි පරිපාලනමය දුර්වලතා නිවැරදි කිරීමෙන් බව ප්‍රකාශ කළේය.
වත්මන් රජය පෙර පැවති පාලනයන්ට වඩා යම් සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව පිළිගත යුතු වුවද, මෙම රජයද පැරණි ක්‍රමවේදය තුළම ගමන් කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව හඬ නැඟීම සහ බලපෑම් එල්ල කිරීම සිවිල් සමාජයේ අත්හැරිය නොහැකි වගකීමක් බවද ගාමිණී වියන්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්