යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
යේමනයේ සන්නද්ධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් යහියා සරී
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
මේ අතර ෂියා සන්නද්ධ කණ්ඩායමක් වන හූති කැරලිකරුවන් ද තමන්ගේම හමුදා මෙහෙයුම් ඉදිරියට ගෙන යමින් සිටින අතර, උපායමාර්ගික බාබ් එල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි නිරිතදිග තයිස් පළාතේ තවත් නගර කිහිපයක් අත්පත් කරගත් බව පවසති.
ඊයේ(04) රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් යේමනයේ ජනාධිපති නායකත්ව කවුන්සිලයේ ප්‍රධානී රෂාඩ් අල්-අලිමි පැවසුවේ, “ජනරජයට අයත් ඉතිරි ප්‍රදේශ නැවත අත්පත් කරගෙන රට පුරා රාජ්‍ය බලය ව්‍යාප්ත කිරීම සඳහා හමුදා මෙහෙයුම් සිදු කිරීමට” රජය නියෝග කර ඇති බවයි.
සෞදි අරාබිය ප්රමුඛ සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ටුර්කි අල්-මලිකි පැවසුවේ යේමන රජයේ හමුදා වෙත සන්ධානයේ සහාය අඛණ්ඩව ලබා දෙන බවයි. හූති කැරලිකරුවන් යේමනයේ අගනුවර වන සනා නගරය අත්පත් කර ගැනීමෙන් පසු, 2015 වසරේදී සෞදි අරාබිය පළමු වරට මෙම සිවිල් යුද්ධයට මැදිහත් විය.
හූති පාර්ශ්වයට සම්බන්ධ මාධ්‍ය ඊයේ(04) වාර්තා කළේ, හූති කැරලිකරුවන් ටර්බා නගරය මෙන්ම ෂමයාටයින් සහ සමියා දිස්ත්‍රික්ක ද අත්පත් කරගෙන ඇති බවයි. තවද තයිස්–ඒඩන් මාර්ගයේ පාලනය ද තමන් සතු කරගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
පසුගිය මාසයේදී හූති කැරලිකරුවන් යේමනයේ රතු මුහුදු වෙරළ ඔස්සේ දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කරමින් රජයේ හමුදා සතුව තිබූ උපායමාර්ගික වරාය නගරයක් වන මොකා නගරයද අත්පත් කර ගත්හ. ඉන් අනතුරුව ඔවුන් බාබ් එල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ පිහිටි පෙරිම් හෙවත් මයුන් දූපතේ පාලනය ද අත්පත් කර ගත්හ.
https://twitter.com/i/status/2106800312900067506
මෙම ජයග්‍රහණ හේතුවෙන් රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන, ලෝකයේ වඩාත් වැදගත් නාවික මාර්ගයක් වන පටු බාබ් එල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය අවට ප්‍රධාන උපායමාර්ගික ස්ථාන කිහිපයක පාලනය හූති කණ්ඩායමට හිමි විය. පසුව ඔවුන් රතු මුහුදේ තවත් දූපත් වෙත ද සිය පාලනය ව්‍යාප්ත කළ බව වාර්තා විය.
2022 අප්‍රේල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන් පසු මහා පරිමාණ සටන් තරමක් අඩු වී තිබුණි. එහෙත් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම මධ්‍යයේ ජූලි මාසයේදී නැවතත් ගැටුම් උත්සන්න විය.
ඉරාන හූති නියෝජිත පිරිසක් ඉරානයේ අභාවප්‍රාප්ත හිටපු උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු යේමනයට පැමිණීම සඳහා ගමන් කළ ගුවන් යානය සනා ගුවන් තොටුපොළට ගොඩබෑම වැළැක්වීම සඳහා යේමන රජයේ හමුදා එම ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සතුරුකම් යළි ආරම්භ විය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් හූති කැරලිකරුවන් සෞදි අරාබියට චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සෞදි රාජධානියට ප්‍රහාර එල්ල කළහ.
නවතම උත්සන්නවීම සිදුවන්නේ පුළුල් ගැටුම අවසන් කර හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම අරමුණු කරගත් ඇමරිකානු–ඉරාන සාකච්ඡා ද ඇණහිට ඇති පසුබිමකය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙහෙරානය විසින් ඉදිරිපත් කළ නවතම සාම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, නොවැම්බර් මධ්‍යවාර මැතිවරණයෙන් පසු ඉරානයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාර යළි ආරම්භ කිරීමට ඔහුට හැකි බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..