News Category
From Date
To Date
Maximum Number of Result

ඥානසාර හිමි නීතියෙන් බේරෙන්න හැංගුණේ නැහැ.. - ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් උන්වහන්සේගේ මුස්ලිම් ජාතික මිතුරෙකු කියන සත්‍ය කතාව..

Oct 5, 2026 at 06:17 AM
|

ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.

අද මා මේ කතා කරන්නේ මගේ මිත්‍රයා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැනයි.

සිවුරක් දැරූ සඟරුවනක් මේ ඉරණමට මුහුණ දුන්නේ කොහොමද? මීට දශක දෙකකට ඉහතදී, උන්වහන්සේ තමන්ගේ සසුනටත් රටටත් සේවයක් වේ යැයි විශ්වාස කළ දැඩි මාවතක් තෝරාගත්තා. ඒ ගමනේදී උන්වහන්සේට සතුරන් එමට හමු වුණා; දරාගත නොහැකි පාඩු සහ වැරදීම් සිදු වුණා. තමන්ගේ ආරක්ෂාව ගැන නොතකා, යුතුකම සියල්ලටම වඩා ඉහළින් තබන තැනකට උන්වහන්සේ පත් වුණා. තථාගත බුදුපියාණන් වහන්සේත්, සම්බුද්ධ ශාසනයත්, රටත්, ජනතාවත් තම පෞද්ගලික ආරක්ෂාවට වඩා වටිනා බව උන්වහන්සේ තරයේ ඇදහුවා. එදා උන්වහන්සේව හැඳින්වූයේ ඒ තේරීමෙන්මයි; අද උන්වහන්සේ මත පටවා ඇති චෝදනා නිර්මාණය වී ඇත්තේද ඒ තේරීමෙන්මයි.

උන්වහන්සේ සහ මා අතර තිබූ මිත්‍රත්වය කිසිදා ප්‍රසිද්ධියට පත් නොවූ, අතිශය පෞද්ගලික එකක්. මා සමඟ නිතර ගැවසුණු සමීපතමයින් පවා දැන සිටියේ නැහැ අප කොතරම් නිතර කතා කළාද, කොතරම් තර්ක විතර්ක කළාද, එකිනෙකාගේ අදහස් කෙතරම් ගැටුණාද කියලා. උන්වහන්සේ වැනි මතභේදාත්මක චරිතයක් සහ මා අතර මෙවන් බැඳීමක් පැවතීම පිටස්තරයෙකුට පුදුමයක් වෙන්න පුළුවන්. නමුත් අද මා ඒ නිහැඬියාව බිඳ දමනවා. මන්ද, අද උන්වහන්සේ අසරණව, කිසිදු හඬක් නගාගත නොහැකි තැනක සිරවී සිටින නිසයි. උන්වහන්සේ වෙනුවෙන් ගොතන අමූලික බොරු ඉදිරියේ, උන්වහන්සේව ඇත්තටම හඳුනන කෙනෙකු ලෙස සත්‍යය රටට හෙළි කළ යුතු නිසයි. ඒ සත්‍යය මේ ජනරජයට අතිශයින් වැදගත් නිසයි.

2016 ජනවාරි මාසයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට අදාළ නඩුව විභාග වෙද්දී ඥානසාර හිමියන් ප්‍රකාශ කිහිපයක් සිදු කළා. පසුව අභියාචනාධිකරණය එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස තීන්දු කළා. නඩු වාර්තාව පැහැදිලියි. ඒ වරදකරු කිරීම එලෙසම පවතිනවා. උසාවිය උන්වහන්සේට වසර හයක සිරදඬුවමක් නියම කළ අතර, උන්වහන්සේ ඉන් මාස නවයක් සිරබත් වින්දා. අනතුරුව, 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට විශේෂ ජනාධිපති සමාවක් පිරිනැමුවා.

ඒ සමාව අඳුරේ හොර රහසේ දුන් එකක් නෙවෙයි. ඒක ඥානසාර හිමියන් අයැද සිටි නිසා ලැබුණු එකකුත් නෙවෙයි. ඒක අල්ලසට ගත්තක්වත්, බලහත්කාරයෙන් ලබා ගත්තක්වත් නෙවෙයි. මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ මහානායක හිමිවරුන්ගේත්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්ගේත් සාමූහික ඉල්ලීම සහ බලපෑම මතයි ජනාධිපතිවරයා සිරගෙදරටම ගොස් උන්වහන්සේව මුණගැසුණේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවනු ලැබුවා; නීතිපති දෙපාර්තමේන්තුව ලිඛිත නීතිමය විශ්ලේෂණයක් ඉදිරිපත් කළා. රාජ්‍ය නායකයා ඒ සියල්ල විමසා බලා ප්‍රසිද්ධියේම ඒ සමාව අනුමත කළා.

එතැන කිසිදු අල්ලසක් හෝ වංචාවක් තිබුණේ නැහැ. උන්වහන්සේ හෝ වෙනත් පාර්ශ්වයක් රජයට කිසිදු නීතිවිරෝධී බලපෑමක් කළ බවට කිසිදු චෝදනාවක් නැහැ. මේ රටේ ඉහළම ආගමික සහ ආයතනික නායකයින්ගේ ඒකමතික ඉල්ලීම පරිදි රාජ්‍ය නායකයා නිල වශයෙන් ප්‍රදානය කළ සමාවක් ඒක.

ඒ 2019 මැයි මාසයයි. උන්වහන්සේ නිදහස් මිනිසෙකු ලෙස එළියට පැමිණියා. පන්සලේ වැඩ විසුවා. තමන්ගේ ආගමික යුතුකම් ඉටු කළා. භික්ෂුවක් කළ යුතු දේ කළා.

නමුත් 2026 සැප්තැම්බර් 10 වන දින, විනිසුරුවරුන් තිදෙනෙකු තීන්දු කළා ඒ කිසිවක් කිසිදා සිදු නොවූ දේවල් බව! අත්සන් කළ මොහොතේ පටන්ම ඒ සමාව නීතිය ඉදිරියේ වලංගු නොවන බව! ඒ අනුව ඥානසාර හිමියන් නිදහස් මිනිසෙකු ලෙස, තම සසුනට සේවය කරමින්, පන්සල රැකබලා ගනිමින් ගත කළ වසර හතයි, මාස තුනයි, දින දහඅටක ජීවිතය නීතියේ ඇසින් සහමුලින්ම මකා දමනු ලැබුවා. අධිකරණය ඒ සමාව අත්තනෝමතික, බලය ඉක්මවා ගිය, සහ Void ab initio (ආරම්භයේ සිටම ශුන්‍ය වූ) එකක් ලෙස ප්‍රකාශ කළා. ආරම්භයේ සිටම ශුන්‍යයි කියන්නේ ඒ වසර හතක ජීවිතය හුදු මායාවක්, හිස් හීනයක් විතරක් බව නීතිය දැන් මවාපානවා.

මේ තීන්දුව දුන්නේ ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබයකෝන් යන විනිසුරුවරුන්.

ඔවුන් පෙන්වා දෙන අඩුපාඩු හුදෙක් පරිපාලනමය සහ කාර්යපටිපාටික ගැටලු පමණයි. ජනාධිපතිවරයා තම තීරණයට හේතු ලිඛිතව දක්වා නැහැලු; සමාව දීමේ වරෙන්තුවට ජනාධිපතිවරයා ස්වහස්තයෙන් අත්සන් කර නැහැලු; වින්දිතයින් සුරැකීමේ පනත ප්‍රකාරව සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත දැනුම් දී නැහැලු. ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත්තේ හුදු යාන්ත්‍රිකව බවයි උසාවියේ නිගමනය.

මම කෙළින්ම කියන්නම්: නීතියේ අකුරට අනුව ඒ විග්‍රහය සම්පූර්ණයෙන්ම හරි වෙන්න පුළුවන්. හැබැයි සාධාරණත්වය සහ යුක්තිය ඉදිරියේ ඒක අමූලික විකෘතියක්!

රාජ්‍ය නායකයෙකු කළ පරිපාලනමය වරදක වන්දිය, ඒ ලිපිගොනු කිසිවක් නොලියූ, කිසිවක් කෙටුම්පත් නොකළ, කිසිවක් අයැද නොසිටි, එම ක්‍රියාවලියේ කිසිදු නීතිමය දෝෂයක් ගැන නොදැන සිටි මිනිසෙකුගේ කරපිට පැටවිය යුතුද? උන්වහන්සේ නීති කෙටුම්පත් කළ නීතිඥයෙක් නෙවෙයි; රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවූ නිර්මාණකරුවෙක් නෙවෙයි. උන්වහන්සේ හුදෙක් සමාව ලැබූ පුද්ගලයා පමණයි. වසර හතක් පුරා මේ ශ්‍රී ලංකා රජය උන්වහන්සේව පිළිගත්තේ නිදහස් මිනිසෙකු ලෙසයි. නීතිය සැලකුවේ නිදහස් පුරවැසියෙකු ලෙසයි. එහෙව් මිනිසාව අද අතීතයට ගොස් ශුන්‍ය කර දමා තිබෙනවා. දැන් ඒ නායකයා නීත්‍යානුකූලව දුන් සමාවේ ඉතිරි සිරදඬුවම විඳින්නට උන්වහන්සේට නැවත වැලිකඩට යන්න සිදුවෙලා.

මේ ඉල්ලන්නේ ණයට ගත් මස් රාත්තලමයි. 

දැන් මම එන්නේ මේ සමාජය වපුරන පහත් බොරුවටයි. පසුගිය සතියේ උන්වහන්සේ රෝගාතුර වුණා. විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දුන්නා. උන්වහන්සේ පිටිගල, ලේනගිරි ආරණ්‍ය සේනාසනයට වැඩම කළේ තමන්ගේ වයෝවෘද්ධ මෑණියන්ගේ ඉදිරි කටයුතු පිළිවෙළක් කර තබන්නයි. උන්වහන්සේ වැඩ සිටියේ සිවුර පිටින්මයි; විහාරස්ථානයේ කටයුතු සොයා බලමිනුයි; නීතිගරුක පුරවැසියෙකු ලෙස සඳුදා දිනයේ අධිකරණයට භාරවීමට සූදානම් වෙමිනුයි. උන්වහන්සේ නීතියෙන් බේරෙන්න හැංගුණේ නැහැ!

පසුගිය දිනවල උන්වහන්සේ සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධ වූ කෙනෙකු ලෙස මම මේ වගකීමෙන් කියන්නේ. උන්වහන්සේ වරදකරුවෙකු සේ පැන ගොස් සැඟවී සිටියදී කොටු කරගත් බවට පුවත් මවන සෑම මාධ්‍යවේදියෙකුටම, සෑම විචාරකයෙකුටම, මුහුණුපොතේ වීරයන්ටම මම කියන්නේ: ඔබලා වපුරන්නේ අමු මුසාවක්!

ඇත්තටම උන්වහන්සේට හැංගෙන්න වුවමනා වුණා නම්, උන්වහන්සේව කිසිදා සොයාගන්න බැරි වෙන බව අපි දෙදෙනා කතාබහ කරද්දී කොතෙකුත් විහිළුවට මෙන් කියා තිබෙනවා. ඒක සත්‍යයක් බව මම දන්නවා. උන්වහන්සේගේ හිතමිතුරන්, දායකයන් සහ උන්වහන්සේව සඟවාගෙන කිසිදා පාවා නොදෙන දැවැන්ත ජාලය ගැන මම හොඳින්ම දන්නවා. උන්වහන්සේට සිතුවේ නම් මුළුමනින්ම අතුරුදහන් වීමේ හැකියාව සහ හයිය තිබූ බවට මම සාක්ෂි දරනවා. නමුත් උන්වහන්සේ එහෙම කළේ නැහැ. උන්වහන්සේ කෙබඳු මිනිසෙක්ද යන්න තේරුම් ගන්න ඒ තීරණයම ප්‍රමාණවත්. උන්වහන්සේට අවශ්‍ය වුණේ මවගේ බෙහෙත් හේත් සහ ඉදිරි වියදම් ටික හරිගස්සන්නයි; පන්සලේ පැවැත්ම සුරක්ෂිත කරන්නයි; පැන ගිය පලායන්නෙකු ලෙස නොව, ගෞරවනීය සඟරුවනක් ලෙස අධිකරණය හමුවට පෙනී සිටින්නයි. ඥානසාර හිමියන් කියන්නේ අන්න ඒ මිනිසාටයි—මාධ්‍ය විසින් විකුණන ඒ පට්ටපල් ප්‍රබන්ධයට නෙවෙයි.

මේ රටේ බෞද්ධ ජනතාවගෙන් මම දැඩි ලෙස ප්‍රශ්න කරනවා: ඔබලා මේ මනුස්සයාගෙන් බරපතළ විදිහට ප්‍රයෝජන ගත්තා නේද? උන්වහන්සේ තම ජීවිතය පවා පරදුවට තබා හඬක් නගද්දී ඔබලා ඒ සෙවණින් සැනසුණා. ඒ සටන් ව්‍යාපාරය පෙරට යද්දී බලා සිටියා, එයින් උපරිම ඵල නෙළාගත්තා. කතා කළ යුතු තැනදී ඔබලා නිහඬ වුණා. හැබැයි අද, ඔබේ සැපපහසු සාලවල ඉඳගෙන, කෑම මේසවල ඉඳගෙන, පරිගණක යතුරුපුවරු පිටුපස හැංගිලා උන්වහන්සේට නිග්‍රහ කරනවා; අවමන් කරනවා; මඩ ගහනවා. උන්වහන්සේ ඉදිරියට ආවා නම් මූණ බලා කවදාවත් නොකියන දේවල් අද කියනවා. ඔබට ලැජ්ජාවක් නැද්ද? මේ මුළු මහත් සමාජයම ලැජ්ජා විය යුතුයි!

මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටි රාජ්‍ය යාන්ත්‍රණයට මම කියන්නේ: සැප්තැම්බර් 30 වන දින, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ උන්වහන්සේගේ පන්සලට දී තිබූ පොලිස් ආරක්ෂාව ඔබලා එකවරම ඉවත් කරගත්තා. දින තුනකට පසු CCDය කඩාපැන්නා. ඔබලා කළේ පහර දෙන්න කලින් උන්වහන්සේගේ සියලු ආරක්ෂක පවුරු බිඳ දැමීමයි. ඔබ කළ ඒ සැලසුම් සහගත නින්දිත ක්‍රියාව අපි සටහන් කරගත්තා; කිසිදා අමතක කරන්නෙත් නැහැ.

මේ තීන්දුවට එරෙහිව සමාවක්, දඬුවම් ලිහිල් කිරීමක් හෝ තීන්දුව නැවත සමාලෝචනය කරවා ගැනීම වෙනුවෙන් නීතිමය වශයෙන් කළ හැකි උපරිම සටන මම තනිවම හෝ දියත් කරනවා. නීතියේ සෑම අස්සක් මුල්ලක් නෑරම මම පීරනවා. මගේ නීතිඥයින්ට අවශ්‍ය සියලු උපදෙස් ලබා දෙනවා. මේ නඩුව වෙනුවෙන් මම අත්නොහැර සටන් කරනවා. මේ මගේ පෞද්ගලික ස්ථාවරයයි.

මම පැහැදිලිවම මේ දේත් කියන්න කැමතියි: දහස් ගණන් මිනිසුන් මරා දැමූ ත්‍රස්තවාදීන් ජනාධිපති පුටුවල වාඩිවෙද්දී මේ රට අත්පොළසන් දුන්නා නම්, මහා ජන සංහාරයන් සැලසුම් කළ මහ මොළකරුවන් අද නිදැල්ලේ ඇවිදිද්දී මේ රට මුනිවත රකිනවා නම්—තමන්ගේ සසුන වෙනුවෙන් හඬ නැගූ එකම වරද කළ බෞද්ධ භික්ෂුවක් වෙනුවෙන් නිහඬව සිටින්නත් මේ ජනරජයට පුළුවන් විය යුතුයි. උන්වහන්සේ ගැන කියන්න හොඳ වචනයක් නැත්නම්, කිසිවක්ම නොකියා කටවහගෙන සිටින ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වතාවට දුරකථනය විසන්ධි කිරීමට මොහොතකට පෙර, උන්වහන්සේ මට මේ වචන ටික පැවසුවා. උන්වහන්සේගේම හදවතින් ආ, ඒ වචන මම මෙසේ ලියා තබනවා:

‘රත්තරන්, මැරෙන්න කලින් දවසක් දෙකක් ඔබතුමා එක්ක ගත කරන්න ඕනෙ’

මම මේ සටහන අවසන් කරන්නේ ඉරිදා දිනකයි. මම මෙය ලියා අවසන් කරන්නේ බලවත් වේදනාවෙන්, කෝපයෙන්, නමුත් කිසිදු පැකිළීමක් නැති ඉතා පැහැදිලි සිතින්.

මේ ලිපිය Fair Comment හි නීති උපදේශකයින් විසින් පරීක්ෂා කළ එකක් නෙවෙයි. අපේ සංස්කාරක මණ්ඩලයේ පෙරහනෙන් ගිය එකකුත් නෙවෙයි. මේක, මගේ ජීවිතයේ ඉතාම සීමිත සැබෑ මිතුරන් අතළොස්ස අතර ඉහළින්ම සිටි මිනිසෙකු වෙනුවෙන් පෙනී සිටින මිතුරෙකුගේ පෞද්ගලික ප්‍රකාශයක්. අප අතර තිබූ ඒ අසීමිත මිත්‍රත්වය මෙවන් සාක්ෂියක් ඉල්ලා සිටිනවා. අපේ බැඳීම මේ වෙනුවෙන් සාධාරණයි.

✍ මොහොමඩ් ජමීල් ජෙසීම් අරෆාත්.

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා.
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.