News Category
From Date
To Date
Maximum Number of Result

බාල ගල් අඟුරු පාඩුව පියවන්න සෑම නිවසකින්ම රු. 8,500ක් වැඩිපුර අය කරන්න වෙලා.. - ඩී.වී. චානක

Oct 4, 2026 at 02:04 PM
|

වත්මන් පාලනය යටතේ සිදු වන වංචා, දූෂණ සහ අසාර්ථකත්වයන් යටපත් කරමින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ ප්‍රධාන උපක්‍රමයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි. 

පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව සිදු කරන බරපතළ මගඩි එළිවන සෑම අවස්ථාවකදීම රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මොවුන්ගේ සිරිත වී ඇති බවයි.

වත්මන් ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට භාර ගන්නා විට රුපියල් 283 ක්ව පැවති ඩීසල් ලීටරයක මිල අද වන විට රුපියල් 392 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය රුපියල් 400 ඉක්මවා 500 සීමාවට ගමන් කරමින් පවතින බවත් සඳහන් කළේය. 

අතීතයේදී උගන්ඩාවට ගුවන් යානාවලින් ඩොලර් බිලියන ගණන් පැටවූ බවට සහ මහජන මුදල් කෝටි ගණනින් වංචා කළ බවට මහා මුසාවන් පවසමින් ජනතාව නොමඟ යවා බලයට පැමිණි පාලකයන් අද වන විට ජනතාව දැඩි පීඩාවකට ඇද දමා ඇති බවද ඔහු පැවසීය. නීතිය ක්‍රියාත්මක වීම විපක්ෂයට පමණක් සීමා නොවී, ආණ්ඩුව වැරදි කරන විට ආණ්ඩුවට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වීම සැබෑ යුක්තිය බව හෙතෙම අවධාරණය කළේය.

එසේම, රටට ආනයනය කළ ගල් අඟුරු නැව් 19 ම අසමත් වීමෙන් රුපියල් බිලියන 50 ක (රුපියල් මිලියන 50,000 ක) මහා පරිමාණ පාඩුවක් සිදුවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, විදුලිය පාවිච්චි කරන ලංකාවේ ලක්ෂ 60 ක් වන පාරිභෝගිකයන්ගෙන් සෑම නිවසකින්ම රුපියල් 8,500 බැගින් වැඩිපුර අය කරගනිමින් මෙම පාඩුව පියවා ගැනීමට පියවර ගෙන ඇති බවට චෝදනා කළේය. 

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි 13 ක් සහ CID යට පැමිණිලි 10 කට වඩා ඉදිරිපත් කර තිබුණද, සිද්ධියට වගකිව යුතු අනුර කුමාර දිසානායක මහතා හෝ කුමාර ජයකොඩි යන අයගෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නීතියට උඩින් සිටින බවත් ඔහු කියා සිටියේය.

තවද, අතීතයේදී නිදහස් කරගත් ආන්දෝලනාත්මක කන්ටේනර් 323 නිදහස් කරන සමයේ ඊට අදාළ විෂයභාර අමාත්‍යවරයා වූයේ අනුර කුමාර දිසානායක මහතා බවත්, ඒ තුළ තිබුණේ මොනවාදැයි අදටත් කිසිවෙකු නොදන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මෑතකදී හසු වූ රුපියල් කෝටි 800 ක හෙරොයින් අඩංගු කන්ටේනරය වැටලූ නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ඇතුළු කණ්ඩායම වහා මාරු කිරීමට කටයුතු කළේ, පෙර කී කන්ටේනර් 323 තුළද තිබුණේ මත්ද්‍රව්‍ය දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට බව හෙතෙම පෙන්වා දුන්නේය. ඊට අමතරව ඩොලර් මිලියන 2.5 ක (රුපියල් කෝටි 80 ක) මුදලක් පිටතට පැන්නීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ඔහු පැවසීය.

අවසාන වශයෙන්, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින රගර් තරගාවලි නඩුව පිළිබඳව අදහස් දැක්වූ ඩී.වී. චානක මහතා, තරගාවලියේ සංවිධායකයන්ගෙන් වසර 12 ක් තිස්සේ කටඋත්තරයක් පවා ලබා නොගෙන, අදාළ මුදල් නිසි ක්‍රමවේදයට මණ්ඩල අනුමැතිය සහිතව ලබා දුන් බවට ඉන්දියානු පාර්ශ්වය සාක්ෂි දී තිබියදීත්, සාක්ෂිකරුවන් වැරදිකරුවන් කරමින් නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළේය. 

මෙලෙස ගල් අඟුරු වංචාව, කන්ටේනර් මගඩිය සහ ඩොලර් මිලියන 2.5 ගනුදෙනුව වැනි ආණ්ඩුවේ හොරකම් එළිවන සෑම අවස්ථාවකදීම ජනමාධ්‍ය තුළ වෙනත් මාතෘකා මවමින් ඒවා වසාගැනීමට රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.