ගාලු මුහුදෙන් ඔබ්බෙහි ඇති ඉරාන නෞකාවලට සැපයුම් ලබාදීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරලා..
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා සඳහා ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරාන රජය විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
'Sunday Times' පුවත්පත වාර්තා කරන පරිදි, මෙම නෞකාවලට යම් සැපයුම් සේවාවක් ලබා දීමට කටයුතු කළහොත් ඇමෙරිකානු ද්විතීයික සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට රජය විසින් මෙරට පෞද්ගලික අංශයේ සමාගම් වෙත ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බෙහි නැංගුරම් ලා ඇති විදේශීය නෞකා 47 අතුරින් 15 ක් ඉරාන හිස් බොරතෙල් නෞකා ලෙස හඳුනාගෙන ඇති බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව විසින් යළිත් නාවික අවහිරතා පැනවීම හේතුවෙන් ආපසු සිය රට බලා යාමට නොහැකිව මෙම ඉරාන නෞකා පසුගිය මාස කිහිපය පුරා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත රැඳී සිටියි. එම නෞකා පිහිටා ඇත්තේ මෙරට මුහුදු සීමාවට පරිබාහිරව බැවින්, ඒවාට කිසිදු සැපයුමක් ලබා දීමට ශ්‍රී ලංකා රජය නීතිමය වශයෙන් බැඳී නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඉරාන බලධාරීන් අදාළ නෞකාවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටියද, රජයක් ලෙස මෙතෙක් කිසිදු සැපයුමක් ලබා දී නොමැති අතර ඉදිරියටත් ලබා දීමේ බලාපොරොත්තුවක් නැති බව අමාත්‍යවරයා තහවුරු කළේය. කෙසේ වෙතත්, මෙම තීරණය ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බලපෑමක් මත නොවන බවත්, මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයෙන් මෙතෙක් කිසිදු නිල පණිවිඩයක් ශ්‍රී ලංකාවට ලැබී නොමැති බවත් හෙතෙම පැහැදිලි කළේය.
සාමාන්‍යයෙන් නෞකාවලට සැපයුම් ලබාදීම පෞද්ගලික අංශය මගින් සිදුවන නමුත්, අදාළ ඉරාන බොරතෙල් නෞකා ඇමෙරිකානු සම්බාධකවලට යටත් කර ඇති බැවින් පෞද්ගලික සමාගම් ඒ සඳහා ඉදිරිපත් වුවහොත් ඇමෙරිකානු ද්විතීයික සම්බාධකවලට හසුවීමේ දැඩි අවදානමක් පවතී. එමගින් එම සමාගම්වලට ඇමෙරිකානු සමාගම් සමඟ ඇති ගනුදෙනු අහිමි වී ජාත්‍යන්තර බැංකු පද්ධතියෙන් පවා බැහැර වීමට සිදුවිය හැකි බැවින්, ඉතාමත් සුපරීක්ෂාකාරීව සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය පෞද්ගලික අංශයට දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..