News Category
From Date
To Date
Maximum Number of Result

ගිජුලිහිණියෝ ඉවතට - ජනතාව බලයට..

Oct 3, 2026 at 08:08 PM
|

2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

උතුරු ඉරාකයේ අර්බිල් (Erbil) ගුවන් කඳවුරේ රැඳිලා හිටිය ඇමෙරිකානු භටයන් සහ යුද උපකරණ මුළුමනින් ම ඉවත් කරගැනීමෙන් තමයි මේ සෘජු ආක්‍රමණික ක්‍රියාව මුළුමනින් ම අවසන් කෙරුණේ. මේ විදිහට ඇමෙරිකානු හමුදා මුළුමනින් ම ඉවත්වෙලා යෑම සැමැරීම වෙනුවෙන් ඉරාක ආණ්ඩුව ඒ දවස (සැප්තැම්බර් 30 වැනි දා) ස්වෛරීත්වය ලබාගත් දිනයක් සහ ජාතික නිවාඩු දිනයක් විදිහට නම් කළා.

ඇත්තෙන්ම, මේ විශේෂ දිනයේ වැදගත්කම ලෝකයට ප්‍රකාශ කළේ ඉරාක ආණ්ඩුව විසින් නම් නෙවෙයි. ඉරාකයේ ක්‍රියාත්මක වෙන “ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය” (Popular Mobilization Forces, PMF) තමයි මේ දිනයේ වැදගත්කම ලෝකයට ම පෙන්නන්න මුල්වුණේ. ඒ වෙනුවෙන්, PMF සංවිධානය මෙහෙයවපු ජනතා පෙළපාළි බැග්ඩෑග් අගනුවර ඇතුළු ඉරාකයේ හැම නගරයක ම වගේ පැවැත්වුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වෙන අප්‍රාජිතා නෆ්ස් නෙෆෙස් (Aprajita Nafs Nefes) ලියපු මේ සටහනින් ඒ අභිමානවත් ජනතා නැගී සිටීම ඉතාමත් හොඳින් විස්තර කරනවා.

අපි ඒ සටහන කියවමු.

=== === === === ===

බැග්ඩෑඩ් අගනුවර පවත්වපු පෙළපාලිය උත්සවයක් නම් නෙවෙයි. ඒක ඉතාමත් පැහැදිළි තීන්දුවක්. අවුරුදු 23 ක ආක්‍රමණයකට පස්සේ, ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය (PMF) අගනුවර වීදී දිගේ ගමන් කළේ තවත් එක සටන්කාමී කණ්ඩායමක් විදියට නම් නෙවෙයි. ඒ අය ගමන් කළේ අධිරාජ්‍යවාදී හමුදාත් තුරන් කරපු ඉතාමත් ශක්තිමත් හමුදාවක් විදිහටයි.

ගිජුලිහිණියන් හඳුනාගන්න

--- --- --- --- ---

පෙන්ටගනය තමන්ගේ බලහත්කාරය “සහජ අධිෂ්ඨානයේ මෙහෙයුම” (Operation Inherent Resolve) කියලා නම් කරලා තිබුණා. ඒත් ඉරාක මිනිස්සු ඒකට කිව්වේ ආක්‍රමණය කියලා. මේ ආක්‍රමණය වෙනුවෙන් ඇමෙරිකාව ඩොලර් ට්‍රිලියන 2 කට වඩා වියදම් කළා. ඉරාකයේ සිවිල් මිනිස්සු ලක්‍ෂ දෙකකට වඩා මරලා දැම්මා. රට ම විනාශ කරලා දැම්මා. බොරුවක් උඩ ක්‍රියාත්මක කරපු ඒ ආක්‍රමණයෙන් ඇමෙරිකානු සොල්දාදුවෝ 4,500 කට වඩා පරලොව ගියා. “අපායට ගිය ඉතාමත් මිල අධික චාරිකාවක්” (a very expensive excursion into hell) කියලයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ඇමෙරිකානු ආක්‍රමණය හැඳින්නුවේ. ඔහු ඒ එක්ක ම මේ බලහත්කාරකම “ජයග්‍රහණයක්” විදිහටත් උඩ දැම්මා. හැබැයි අවතැන්වෙච්ච ඉරාකයේ ලක්‍ෂ ගණනක මිනිස්සු ගැන, යුරේනියම් අපද්‍රව්‍ය ගැන, ආබාධිතයෝ විදිහට උපදින දරුවෝ ගැන, තමන්ගේ ම ආක්‍රමණය විසින් බිහි කරපු ISIS ඇටවිල්ල ගැන ට්‍රම්ප් වචනයක්වත් කිව්වේ නෑ.

පෙළපාලියක් - තීන්දුවක්

--- --- --- --- ---

2026 සැප්තැම්බර් 30 වැනි දා, ඉරාක ආරක්‍ෂක හමුදාවත් ජනතාවාදී බලමුළුගැන්වීම් බලකායේ බල ඇණිත් බැග්ඩෑඩ් සහ නජාෆ් නගරවල පෙළපාලි ගියා. ඒ අය ඇමෙරිකානු කඳවුරුවලට පහරදෙන්න පාවිච්චි කරපු ඩ්‍රෝන යානාවල ආදර්ශ ප්‍රදර්ශනය කළා. මේ පෙළපාලිවලට එකතුවෙච්ච ජනතාව “ඇමෙරිකාවට මරණය” කියලා හඬ නැගුවා. ඒ ජනතාව විසින් ඝාතනයට ලක්වෙච්ච ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලී කුමේනිගේ ඡායාරූපත් මේ පෙළපාලිවල ඇරැගෙන ගියා. ඉරාකයේ ක්‍රියාත්මක ප්‍රබල ෂියා සන්නද්ධ කණ්ඩායමක් වන “යුක්තිගරුක සමූහය” (Asaib Ahl al-Haq) සංවිධානයේ සහ හිස්බුල්ලා සංවිධානයේ කොඩිත් මේ පෙළපාලිවල ඇරැගෙන ගියා. හැබැයි මේක “හවුල්කාරයන්ගේ සැමරුමක්” නම් නෙවෙයි. මේක පැහැදිළිව ම ඇමෙරිකානු බලයේ අවසානය ලෝකයට ම පෙන්නපු අවමංගල්‍යයක්.

“වඩාත් සාමාන්‍ය ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතාවක් කරා සිද්ද කරන සංක්‍රමණයක්” විදිහටයි පෙන්ටගනය තමන්ගේ ඉවත්වීම හැඳින්නුවේ. ඒත් ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය (PMF) මේ ඉවත්වීමේ ඇත්ත ලෝකයට ම පෙන්නලා දුන්නා. “අපි ආක්‍රමණිකයා පන්නලා දැම්මා” කියලා ඒ අය අභිමානයෙන් කියා හිටියා.

නීතියක් බවට පත් කරපු ජයග්‍රහණයක්

--- --- --- --- ---

ඇමෙරිකාව අකුළගෙන ගිය දවසේ ම ඉරාක කැබිනට් මණ්ඩලය විසින් මතභේදයට ලක්වෙලා තිබුණු නීතියක් අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ නීතිය සම්මත වුණොත්, ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය ආණ්ඩුවේ හමුදාවටයි පොලීසියටයි සමාන ජාතික ආරක්‍ෂක බලකායක් විදිහට ස්ථිර විදිහට ම නීත්‍යානුකූල වෙනවා. මේ පනතින් ඉරාකයේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ලවෙන බවත් ඉරානයේ බලපෑම ස්ථාපිත කරන බවත් ඇමෙරිකාව කියනවා. ගිජුලිහිණියෝ හොඳට ම බයවෙලා. මේ නීතියෙන් ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය නීත්‍යානුකූල හමුදාවක් විදියට පිළිගන්නවා. ඒ වගේ ම, ඒකට රාජ්‍යය මට්ටමේ පිළිගැනීමකුත් ලැබෙනවා.

බටහිර හංගන ඇත්ත

--- --- --- --- ---

ඇමෙරිකාව ඉරාකයෙන් අකුළගෙන ගියේ “ජයග්‍රහණය කරලා” නෙවෙයි. තවදුරටත් ඉන්න බැරි තරමට ම ප්‍රතිරෝධය බලවත්වෙච්ච හින්දයි උන් අකුළගෙන ගියේ. ගතවෙච්ච මාස කීපය ඇතුළත ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය සහ අනෙක් සන්නද්ධ කණ්ඩාම් ඇමෙරිකානු කඳවුරුවලට ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර 1,000 කට වඩා එල්ල කළා. ඇමෙරිකානු හමුදා එළවලා දාන්න ඉරාක පාර්ලිමේන්තුවත් ඡන්දය දුන්නා. ඉරාක ජනතාව ස්වෛරීභාවය ඉල්ලුවා. ඉතින් අකුළගෙන යනවා ඇරෙන්න ගිජුලිහිණියන්ට තවත් විකල්පයක් ඉතුරුවෙලා තිබුණේ නෑ.

ඉරාකය දැන් “අස්ථාවරයි” කියලා ඇමෙරිකාව ලෝකයට ම කියයි. ඒ වගේ ම, ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය “තර්ජනයක්” කියලත් ඉරානය තමන්ගේ “බලපෑම වැඩි කරගනිමින් ඉන්නවා" කියලත් උන් කියයි. ඇමෙරිකාව පුහුණු කරපු ඉරාක හමුදාව බිඳ වැටිලා, 2014 අවුරුද්දේ ISIS හමුදා බැග්ඩෑඩ් නගරයට තර්ජන එල්ල කරද්දි, අයතුල්ලා අලී අල්-සිස්තානි නිකුත් කරපු ෆත්වාවකට ප්‍රතිචාරයක් විදිහට ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය පිහිටුවපු බව ඇමෙරිකාව කියන එකක් නෑ. තමන් කරගන්න දෙයක් නැතුව බලාගෙන ඉඳිද්දි ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය විසින් ISIS හමුදා පරාජයට පත් කරපු බවත් ඇමෙරිකාව කියන එකක් නෑ. ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය මේ වෙද්දිත් ඉරාක රාජ්‍යයට ඒකාබද්ධ වෙලා ඉන්න බවත්, දැන් ඒ බව නීත්‍යානුකූලව ම පිළිගන්න බවත් ඇමෙරිකාව කියන එකක් නෑ.

අධිරාජ්‍යය පසුබහිනවා. ප්‍රතිරෝධය ආණ්ඩු කරනවා.

--- --- --- --- ---

2026 සැප්තැම්බර් 30 වැනි දා, බැග්ඩෑඩ් නගරයේ පවත්වපු පෙළපාලියෙන් සනිටුහින් කළේ තවත් යුද්ධයක කෙළවරක් නම් නෙවෙයි. ඒ තමයි අලුත් යුගයක ආරම්භය. ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය කාගෙවත් “ඒජන්තයෙක්” නෙවෙයි. ඒ, සන්නද්ධ වෙලා ඉන්න ඉරාක ජනතාවමයි. ඉතිහාසයේ බලවත් ම හමුදාවටත් වඩා වැඩි දරාගැනීමේ ශක්තියක් තමන්ට තියෙන බව මේ ජනතා බලකාය විසින් ඔප්පු කරලා ඉවරයි.

ගිජුලිහිණියෝ තාමත් වටේ කැරැකෙනවා. හැබැයි දශක ගණනාවකට පස්සේ මුල් ම වතාවට, දැන් උන් වටේ යන්නේ හුඟක් දුර ඉඳලා!

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.