ක්‍රිෂ් සමාගමේ ප්‍රධානීන්ට වරෙන්තු ප්‍රතික්ෂේපයි.. ඒත් අත්අඩංගුවට ගන්න බාධාවක් නෑ.. – මහේස්ත්‍රාත්
ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘති ගනුදෙනුවට අදාළ විමර්ශන සඳහා ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස්’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් හා සනාථ කළ හැකි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.
ලිපි ලේඛන මත පදනම් වූ කරුණු පමණක් සලකා මෙවැනි වරෙන්තුවක් නිකුත් කළ නොහැකි අතර, සිද්ධියට අදාළ ප්‍රමාණවත් සාක්ෂි විමර්ශන නිලධාරියා විසින් 'බී' වාර්තාවක් මගින් අධිකරණයට තහවුරු කළ යුතු බව උසාවිය වැඩිදුරටත් අවධාරණය කළේය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම යටතේ විවෘත අධිකරණයේ සාක්ෂි දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, මෙම ගනුදෙනුවට අදාළව නිමල් හේමසිරි පෙරේරා නමැත්තා විසින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් ගිණුම හරහා අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන 70 ක අල්ලස් මුදලක් නඩුවේ සිව්වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවයි. මෙම සිදුවීමට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන, සමාගමේ සභාපති හා අධ්‍යක්ෂ අමිත් කට්ටයාර් සහ විධායක නිලධාරී හා අධ්‍යක්ෂ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ගුවන් තැපෑල මගින් කැඳවීම් ලිපි යොමු කළද මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විමර්ශන නිලධාරියා පැවසීය.
මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්න හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා, අදාළ සමාගම 2012 සැප්තැම්බර් 09 වන දින මෙරට ලියාපදිංචි කර ඇති බවත්, පෞද්ගලික බැංකුවක 'Krrish Transworks Colombo Panel' නමින් ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බවත් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම බැංකු ගිණුමට අදාළ බලයලත් ලිපි ලේඛන මෙතෙක් සොයාගෙන නොමැති අතර, බැංකුව ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් පරීක්ෂණ පවත්වන බවට නිලධාරියා පිළිගත්තේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, 2026/09/24 දින ඉදිරිපත් කළ 'බී' වාර්තාවෙන් වරෙන්තු ඉල්ලා ඇති පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවන බවත් ඔවුන් ඉන්දියාවේ පදිංචිකරුවන් බවත්ය. වරෙන්තු නිකුත් කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පැහැදිලි හා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් විය යුතු නමුත් මෙම වාර්තාවේ ඇති සාක්ෂි ඊට ප්‍රමාණවත් නොවන බවත්, ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය නම් වරෙන්තුවක් නොමැතිව වුවද ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාව අල්ලස් කොමිසමට පවතින බැවින් මෙම මොහොතේ වරෙන්තු නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
2012 වසරේදී කොළඹ කොටුවේ ඓතිහාසික 'ට්‍රාන්ස්වර්ක්ස්' ගොඩනැගිල්ල පිටුපස පිහිටි අක්කර 4.3 ක භූමි භාගයක සුපිරි මහල් නිවාස, හෝටල් සහ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ ක්‍රිෂ් සමූහය සමඟ මෙරට රජය ගිවිසුම්ගත වී තිබුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී 'කාල්ටන් සුපර් සෙවන්ස්' රග්බි තරගාවලියට අනුග්‍රහය දැක්වීමේ මුවාවෙන් ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් මිලියන 70 ක මුදලක් නීතිවිරෝධී ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව චෝදනා එල්ල විය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව 2016 වසරේදී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැරුණි.
මෙම සිදුවීම මුදල් විශුද්ධිකරණයට අමතරව අල්ලස් ලබාගැනීමක් ලෙසද සැකකෙරෙන බැවින්, ව්‍යාපාරික නිමල් පෙරේරා ඇතුළු අතරමැදියන් හරහා සිදු වූ බව කියන මුදල් හුවමාරුව පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මෙම නඩුව වෙනම මෙහෙයවනු ලබයි. ක්‍රිෂ් සමාගමේ සභාපති අමිත් කට්ටයාර් ඉන්දියාව තුළද විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් එරට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ (Enforcement Directorate) දැඩි නිරීක්ෂණයට හා පරීක්ෂණවලට ලක්වූ ඉන්දීය ව්‍යාපාරිකයෙකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්