වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: විත්තිකරුවන් දෙදෙනෙකු වරද පිළිගැනීමට සැරසෙයි..
2018 වසරේදී වනාතවිල්ලුව, ලැස්ටෝස් වත්තේදී නීති විරෝධී ලෙස ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස්කර තැබීමේ සිදුවීමට අදාළව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දී තිබේ.
මෙලෙස වරද පිළිගැනීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ ඇප මත මුදාහැර සිටින අබු හනීෂා මොහොමඩ් මුසීත් (අබු දහිදා) සහ අමිර් හමසා මොහොමඩ් හමාස් යන විත්තිකරුවන් දෙදෙනාය.
නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් යටතේ නඩ පවරා ඇති විත්තිකරුවන් 6 දෙනා අතරින් 4 දෙනෙකුම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මහ නඩුවේද විත්තිකරුවෝ වෙති.
2018 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම වත්තේ තිබී නයිට්‍රේට් තොගයක්, ජීව උණ්ඩ 12ක්, ගිනි අවියක් මෙන්ම නයිට්‍රජන් ඇසිඩ් සහ යූරියා ඇතුළු පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අතර, මේ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම් සඳහා නඩුව ඔක්තෝබර් 05 වනදා නැවත කැඳවීමට නියෝග කෙරිණි.
එදින සිට නඩු විභාගය දිනපතා පවත්වන බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්