හාල් ඇටයක්වත් රටින් ගේන්න ඕන නෑ.. දැන් රට සහලින් ස්වයංපෝෂිතයි.. - ඇමති ලාල් කාන්ත
මෙරට පොදු පාරිභෝගික අවශ්‍යතා සඳහා විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.
කුඩාඔය ආශ්‍රිත වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජැස්මින්, ඇලෙන සුළු සහල් (Sticky Rice) සහ බාස්මතී වැනි දේශීයව නිෂ්පාදනය නොවන විශේෂිත සහල් වර්ග සුළු ප්‍රමාණයක් පමණක් ආනයනය කෙරෙන බවයි. මෙම විශේෂිත සහල් ගෙන්වනු ලබන්නේ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ සහ විශේෂිත පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් වන අතර, එම සහල් වර්ග මෙරට නිෂ්පාදනය නොවන බැවින් එම සීමිත ප්‍රමාණය අඛණ්ඩව ආනයනය කිරීමට සිදුවෙයි.
කෙසේ වෙතත්, මෙරට ජනතාවගේ දෛනික ආහාර පරිභෝජනය වෙනුවෙන් පිටරටින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වර්තමානයේ නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, දේශීය සහල් අවශ්‍යතාව මුළුමනින්ම රට තුළින්ම සපුරා ගැනීමට හැකි පරිදි රට ස්වයංපෝෂිත වී ඇති බවත්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්‍යාපෘති සක්‍රීය වීමත් සමඟ එම නිෂ්පාදන ශක්තිය තවදුරටත් තහවුරු වී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..