අමෙරිකාවෙන් ඩීසල් අපනයන තහනමක්?
ලෝක වෙළඳපොළේ පවතින උග්‍ර ඩීසල් හිඟය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදුකරන ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, යුරෝපීය රටවල පවතින හදිසි ඩීසල් සංචිත වෙළඳපොළට නිදහස් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමට සූදානම් වන බව බීබීසී පුවත් සේවය පවසයි.
ඉන්ධන මිළ ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ගොවීන්, ලොරි රථ රියදුරන් සහ ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත්, එම බර ඔවුන් මත පමණක් පටවා නොතබා යුරෝපීය රටවල් වහාම තම ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහැරීමට කටයුතු කළ යුතු බවත් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර සිටින බවයි එම පුවත් සේවය පවසන්නේ.
ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති බලශක්ති අර්බුදය හමුවේ ඇමෙරිකාවේ ඩීසල් මිළ ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ඇමෙරිකානු පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ මෙම මිළ ඉහළ යාම ඇමෙරිකානු ජනතාවගේ ප්‍රධාන අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇමෙරිකාව දිනකට ඩීසල් බැරල් මිලියන 1.2 ත් 1.5 ත් අතර ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අපනයනය කරන ප්‍රධානතම සැපයුම්කරුවෙක්.
යම් හෙයකින් ඇමෙරිකාව ඩීසල් අපනයනය තහනම් කළහොත් ලොව සෙසු රටවල ඩීසල් මිළ තවදුරටත් අහස උසට ඉහළ යනු ඇති බවයි ආර්ථික විෂ්ලේෂකයෝ අනතුරු අඟවන්නේ.
මේ අතර, ඇමෙරිකානු අපනයන තහනමක් ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා හදිසි ඩීසල් සංචිත මුදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපීය සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා පවත්වා තිබේ.
බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක මිළ මේ වන විට පෙඩ්‍රල් ලීටරයක් පැන්ස 200 (200p) සීමාවට ආසන්න වෙමින් සර්වකාලීන ඉහළම අගයක පවතී.
ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයකට බාධා එල්ල වී ඇති අතර, එමගින් ගෝලීය වශයෙන් ඛනිජ තෙල් සහ ඩීසල් මිළ ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්