හිටපු ජනාධිපති රනිල්ගේ ආරක්ෂකයා සහ කැමරා ශිල්පියා අතර වූ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු අතර සිදුවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් කඩිනම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානයේ වැඩබලන කැඳවුම්කාරිනී හා ලේකම් දිලීෂා අබේසුන්දර මහත්මියගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී මෙම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වී ඇත.
පහරකෑමට ලක්වූ බව කියන අදාළ ප්‍රභූ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විසින් කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
අනතුරුව එම සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට කැඳවූ අදාළ කැමරා ශිල්පියාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර ඇත.
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට යම් පුද්ගලයෙකුගේ හෝ ස්ථානයක ආරක්ෂාව තහවුරු කිරීමේ රාජකාරිමය වගකීමක් හිමිව ඇති අතරම, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ද සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි. එම නිසා දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා එකිනෙකාගේ වෘත්තීය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද එම සංවිධානය සඳහන් කරයි.
දෙපාර්ශ්වයේම වෘත්තීය පසුබිම හේතුවෙන් මෙම සිදුවීම කෙරෙහි පුළුල් සමාජ අවධානයක් යොමුව ඇති බැවින්, මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වන මෙවැනි චෝදනා සුළුකොට තැකිය නොහැක.
එබැවින්, සිද්ධියට අදාළ සැබෑ තොරතුරු වහා අනාවරණය වන පරිදි මධ්‍යස්ථ හා කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්