ග්‍රාමීය පාසල් රැසක් වසා දමන්න හදනවා.. ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරන්නයි හදන්නේ.. - ස්ටාලින්
දිවයින පුරා සිසුන් 50කට වඩා අඩු ග්‍රාමීය පාසල් වසා දැමීමට රජය ගෙන යන වැඩපිළිවෙළට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ නිසි සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ගොස් අසාර්ථක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවට ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
2026 වසරේ පළමු ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට උත්සාහ කළ නව විෂය නිර්දේශයට අදාළ ගුරු අත්පොත් පවා මෙතෙක් මුද්‍රණය කර නොමැති බවත්, එම සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අසාර්ථක වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේ තිබියදීත්, ඊට වගකිවයුතු ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නිලධාරීන් තවමත් පූර්ණ වැටුප් ලබමින් නිවෙස්වලට වී සිටින බවටද ඔහු චෝදනා කළේය.
තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය හරහා පත් කරන ලද කමිටුවේ වාර්තාවට හෝ එහි නිර්දේශවලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳවද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්