බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ අයෙකුට වැඩවරදී..
බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් සහ දිවයිනේ ප්‍රධානතම පූජනීය ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට වට්ස්ඇප් (WhatsApp) සමූහයක් හරහා ප්‍රචාරය කළ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන ඔක්තෝබර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් CID වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකය මගින් සිදුකළ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණ වී ඇත.
ශ්‍රී දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය යන පූජනීය ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ලකරන බවට පණිවිඩ හුවමාරු කිරීම ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ රූප විකෘති කරන ලද ඡායාරූප කිහිපයක්ද සොයාගෙන ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමා මෙම ක්‍රියාව හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකළ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්