මෙට්‍රෝ බස් රථගාලට භාවිත කළ ඉඩමේ අවුලකට මන්ත්‍රී අසිත සහ කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි..
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බව කියන භූමි ප්‍රදේශයක් මෙට්‍රෝ බස් රථගාලක් සඳහා භාවිත කළ බවට සම්බන්ධ සිද්ධියකට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන අය අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.
එම නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා ඇති බව සඳහන්.
පසුගිය සැප්තැම්බර් 26 වැනිදා අදාළ භූමිය පිරිසිදු කර බස් රථගාලක් සඳහා සකස් කර තිබූ අතර, එම භූමිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක පමණ ප්‍රදේශයක් බව පාලනාධිකාරිය පවසයි.
අනතුරුව සැප්තැම්බර් 29 වැනිදා අතුරුගිරිය මෙට්‍රෝ බස් රථගාල විවෘත කර තිබුණේ, මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන අයගේ ප්‍රධානත්වයෙන්.
මේ සම්බන්ධයෙන් නිවාස සංකීර්ණ පාලනාධිකාරිය අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, පැමිණිල්ල ඉදිරිපත් කර දින පහක් ගතවී ඇතත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වන බවට නිවාස සංකීර්ණ පාලනාධිකාරිය චෝදනා කරයි.
ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන අය ඊයේ (30) අතුරුගිරිය පොලිසිය වෙත කැඳවා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්