චීනයේ AI උපායමාර්ගයේ ‘පරස්පර විරෝධය’ ඇත්ත වශයෙන්ම එවැන්නක් නොවේ
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ. වඩාත් බලවත් AI පද්ධති සංවර්ධනය කිරීමට උත්සාහ කරන අතරම, වේගයෙන් වෙනස් වන ලෝකයක් තුළ එම තාක්ෂණය පාලනය කළ යුතු ආකාරය, බෙදාහදාගත යුතු ආකාරය සහ ආරක්ෂා කළ යුතු ආකාරය තීරණය කිරීමට ද චීනය උත්සාහ කරමින් සිටී.
චීනය සහ ලෝකය හැඩගස්වන තාක්ෂණයක්
2026 ජුනි මාසය වන විට චීනයේ AI නිෂ්පාදන භාවිත කරන පිරිස මිලියන 500 ඉක්මවා තිබූ අතර, මෙය ලොව විශාලතම ඩිජිටල් ආර්ථිකයන්ගෙන් එකක් තුළ මෙම තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය පෙන්නුම් කරයි.
ඇමරිකා එක්සත් ජනපදය සමඟ චීනය ද AI සංවර්ධනයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන බලවේගයකි. එහි දේශීය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වැඩසටහන් එහි දේශසීමාවලින් ඔබ්බටද බලපෑම් ඇති කරයි.
නවදිල්ලියේ පැවති BRICS සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං වඩාත් ඇතුළත් AI සහයෝගීතාව, කාර්මික සංවර්ධනය සහ තාක්ෂණික හුවමාරුව සඳහා යෝජනා ඉදිරිපත් කළේය. ඒ සමඟම, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චෙන් යිෂින් AI උපායමාර්ගික තරගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකන ජාතික ආරක්ෂක දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරමින් ශක්තිමත් ආරක්ෂක පියවර අවශ්‍ය බව අවධාරණය කළේය.
චීනයේ AI ප්‍රතිපත්තිය ජාත්‍යන්තර විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ආරක්ෂක පාලනය යන දෙකම එකට ගෙන යයි. බීජිනය මෙම අරමුණු දෙක සමබර කිරීමට උත්සාහ කරන ආකාරය අවබෝධ කර ගැනීම, AI සම්බන්ධයෙන් එහි අභිලාෂයන් සහ ඒ වටා ගොඩනැගෙන නව ගෝලීය පද්ධතිය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේ.
ෂීගේ BRICS දැක්ම: AI පොදු අවස්ථාවක් ලෙස
නවදිල්ලි සමුළුවේදී ෂී ජින්පිං ඉදිරිපත් කළ යෝජනා, තාක්ෂණික සංවර්ධනය ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර ඇතුළත්භාවය සමඟ සම්බන්ධ කිරීමේ පුළුල් උත්සාහයක කොටසක් ලෙස AI සහයෝගීතාව ඉදිරිපත් කරයි.
AI ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් කර ගැනීමට අවශ්‍ය හැකියාවන්, කුසලතා සහ කාර්මික ජාල වෙත ප්‍රවේශය පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබේ.
BRICS රටවල් අතර AI විවෘත මූලාශ්‍ර ප්‍රජාවක් (open-source community) ස්ථාපිත කිරීමේදී පුරෝගාමී භූමිකාවක් ගැනීමට චීනය යෝජනා කර තිබේ. විශාල භාෂා ආකෘති (Large Language Models) සංවර්ධනය සහ යෙදවීම සම්බන්ධයෙන් සහයෝගීතාවට සහාය වීමත්, විශේෂිත සම්මන්ත්‍රණ සහ පුහුණු පාඨමාලා සංවිධානය කිරීමත් එහි යෝජනා අතර වේ.
මෙහි ප්‍රකාශිත අරමුණ වන්නේ රටවලට දැනුම හුවමාරු කරගැනීමටත්, AI සංවර්ධනය කිරීමට සහ භාවිත කිරීමට ඇති හැකියාව පුළුල් කිරීමටත් හැකි විවෘත පරිසරයක් ගොඩනැගීමයි.
මෙම ප්‍රවේශය විශේෂයෙන් නැගී එන ආර්ථිකයන් සඳහා වැදගත් වේ. AI වෙත ප්‍රවේශය සඳහා මෘදුකාංග තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, පරිගණක යටිතල පහසුකම්, තාක්ෂණික දැනුම, ආයෝජන සහ තාක්ෂණය දේශීය අවශ්‍යතාවලට අනුව සකස් කිරීමේ හැකියාවද අවශ්‍ය වේ.
විවෘත මූලාශ්‍ර සහයෝගීතාව සහ කුසලතා සංවර්ධනය මගින් ප්‍රවේශය පුළුල් කළ හැකි නමුත්, සම්පත් සහ තාක්ෂණික හැකියාවන්හි පවතින විෂමතා එමගින් පමණක් ඉවත් කළ නොහැක.
ෂී ජින්පිංගේ ඩිජිටල් කර්මාන්ත සහයෝගීතා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයට අවශ්‍ය යටිතල පහසුකම් සහ කුසලතා දක්වා මෙම අදහස පුළුල් කරයි.
චීනය BRICS ඩිජිටල් පරිසර පද්ධති "ක්ලවුඩ් වේදිකාවක්" සමඟ ඩිජිටල් කුසලතා පුහුණුව, තාක්ෂණික හුවමාරුව සහ කාර්මික සම්බන්ධීකරණයද යෝජනා කර තිබේ.
තුන්වන යෝජනාව AI මගින් බලගැන්වෙන නව කාර්මිකකරණය කෙරෙහි අවධානය යොමු කරයි. මෙහි අරමුණ පර්යේෂණ හා සංවර්ධනය, ප්‍රායෝගික යෙදීම් සහ කර්මාන්ත හා සැපයුම් දාම සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමයි.
සමස්තයක් ලෙස ගත් විට, මෙම වැඩසටහන් මගින් AI නිෂ්පාදන හැකියාව පුළුල් කිරීමේ මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කරයි. BRICS සාමාජික රටවල් සඳහා මෙම යෝජනා මගින් ප්‍රවීණත්වය බෙදාගන්නේ කෙසේද, එකිනෙකට ගැළපෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ කෙසේද සහ තාක්ෂණික සහයෝගීතාව ප්‍රායෝගික කාර්මික ප්‍රතිඵල බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන ප්‍රායෝගික ප්‍රශ්න මතු කරයි.
චෙන් යිෂින්ගේ අනතුරු ඇඟවීම
ෂී ජින්පිංගේ ජාත්‍යන්තර සහයෝගීතා වැඩසටහනට සමගාමීව චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චෙන් යිෂින් වඩාත් ආරක්ෂාව කේන්ද්‍ර කරගත් තක්සේරුවක් ඉදිරිපත් කළේය.
සමුළුව අතරතුර පළ කළ ලිපියක චෙන් සඳහන් කළේ AI ගෝලීය විද්‍යාත්මක හා තාක්ෂණික තරගයේ මධ්‍යම ක්ෂේත්‍රයක් බවටත්, ප්‍රධාන බලවතුන් අතර උපායමාර්ගික තරගයේ නව පෙරමුණක් බවටත් පත්ව ඇති බවයි.
චෙන්ගේ තර්කය ආරම්භ වන්නේ ද්විත්ව අවශ්‍යතාවක් මතය. එනම් නවෝත්පාදනය ප්‍රධාන ධාවක බලවේගය විය යුතු අතර, ආරක්ෂාව මූලික අවශ්‍යතාවක් ලෙස පවත්වාගත යුතු බවයි.
මෙම දෘෂ්ටිකෝණයට අනුව AI ආර්ථික හා සමාජ පරිවර්තනයේ එන්ජිමක් වන අතරම, ජාතික ආරක්ෂාවේ තත්ත්වය වෙනස් කළ හැකි තාක්ෂණයකි. ඔහුගේ තක්සේරුව මගින් එකිනෙකට සම්බන්ධ අවදානම් කිහිපයක් හඳුනාගෙන තිබේ.
Deepfake වැනි AI මගින් නිර්මාණය කරන අන්තර්ගත සහ ස්වයංක්‍රීය අන්තර්ජාල ක්‍රියාකාරකම් හරහා නොමඟ යවන තොරතුරු වේගයෙන් නිෂ්පාදනය කර බෙදාහැරීමට හැකිවීම දේශපාලන ආරක්ෂාවට බලපෑම් කළ හැකි බව චෙන් පෙන්වා දෙයි.
AI මගින් සයිබර් මෙහෙයුම්ද වෙනස් විය හැකි බවත්, එමගින් දුර්වලතා හඳුනාගැනීම, අනිෂ්ට මෘදුකාංග නිර්මාණය කිරීම සහ සංකීර්ණ ප්‍රහාරවල ඇතැම් කොටස් ස්වයංක්‍රීය කිරීම පහසු විය හැකි බවත් ඔහු අනතුරු අඟවයි.
AI සහාය ඇති දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය ඔත්තු බැලීමේ සහ තොරතුරු ආරක්ෂාවේ අවදානම් තවදුරටත් ඉහළ නැංවිය හැකි බවද තවත් කරුණකි.
බුද්ධිමත් දත්ත සෙවීම, දත්ත කැණීම සහ පැතිකඩ නිර්මාණය කිරීම හරහා සංවේදී රජයේ දත්ත, වාණිජ රහස් සහ පෞද්ගලික තොරතුරු එකතු කිරීමට හෝ අනාවරණය වීමට හැකියාවක් ඇති බව චෙන් පෙන්වා දෙයි.
තාක්ෂණික හැකියාවන් කිහිපයක රටවල් තුළ සංකේන්ද්‍රණය වීම රටවල් අතර පවතින අසමානතා තවදුරටත් ගැඹුරු කළ හැකි බවත්, AI මත පදනම් වූ තීරණ ගැනීම පවතින සමාජ පාලන පද්ධති මත පීඩනයක් ඇති කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
හමුදා ක්ෂේත්‍රයේදී AI මගින් යුද්ධය වඩාත් බුද්ධිමත් යුගයක් කරා ගෙන යමින් පවතින බවත්, එමගින් සංවේදනය, තීරණ ගැනීම සහ ඉලක්කගත කිරීම සම්බන්ධයෙන් බලපෑම් ඇතිවන බවත් ඔහු තර්ක කරයි.
මෙම කරුණු චීනයට පමණක් සීමා නොවේ. සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව, වැරදි තොරතුරු, හමුදා භාවිතයන් සහ තාක්ෂණික බලය සංකේන්ද්‍රණය වීම ජාත්‍යන්තර වශයෙන්ද සාකච්ඡාවට ලක්වන කරුණු වේ.
චෙන්ගේ ලිපිය විශේෂත්වයක් දක්වන්නේ මෙම සියලු කරුණු පුළුල් ජාතික ආරක්ෂක රාමුවක් යටතේ එකට ගෙන ඒමෙනි.
මූලධර්මවල සිට ආයතන දක්වා
AI ආරක්ෂාව ජාතික ආරක්ෂාවේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර සමඟ ඒකාබද්ධ කළ යුතු බව චෙන් පවසයි. ඒ සඳහා අංශ අතර ශක්තිමත් සහයෝගීතාවක් සහ මතුවන අවදානම් හඳුනාගැනීමට හා පුරෝකථනය කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම අවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.
AI ආරක්ෂක අධීක්ෂණ වේදිකාවක් ස්ථාපිත කිරීම, අවදානම් තක්සේරු කිරීම සහ නිරීක්ෂණය පුළුල් කිරීම මෙන්ම පරිගණක චිප්, සංවර්ධන රාමු සහ යෙදුම් මෘදුකාංග ඇතුළු මූලික පර්යේෂණ සහ ප්‍රධාන තාක්ෂණයන් සඳහා ආයෝජන වැඩි කිරීමද ඔහු යෝජනා කරයි.
චෙන් AI යටිතල පහසුකම් ශක්තිමත් කරන අතරම, තීරණාත්මක තාක්ෂණයන් මත රඳා පැවතීමෙන් ඇතිවන අවදානම් අඩු කළ යුතු බවද පවසයි.
චීනයේ Cybersecurity Law සහ Counter-Espionage Law ක්‍රියාත්මක කිරීමත්, AI පර්යේෂණ, යෙදීම්, දත්ත ආරක්ෂාව, ඇල්ගොරිතම ආරක්ෂාව සහ වගවීම සම්බන්ධ නීති තවදුරටත් සංවර්ධනය කිරීමත් චෙන් යෝජනා කරයි. මහජන සන්නිවේදනය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කරයි.
මෙම පියවර මගින් AI පාලනය තාක්ෂණික ස්වයංපෝෂිතභාවය, දත්ත පාලනය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් ප්‍රශ්නවලින් වෙන් කළ නොහැකි බවට බීජිනය දරන දෘෂ්ටිකෝණය පිළිබිඹු වේ. එනම් AI සම්බන්ධයෙන් නවෝත්පාදනය සහ අධීක්ෂණය එකිනෙකින් වෙන් කළ නොහැකි බවයි.
ගෝලීය පාලනය පිළිබඳ වැඩසටහනක්
චීනයේ දේශීය ආරක්ෂක ප්‍රමුඛතා, නවදිල්ලි සමුළුවට පෙර සිටම පැවති ජාත්‍යන්තර වැඩසටහනක් සමඟ සමගාමීව ක්‍රියාත්මක වේ. 2023 දී ඉදිරිපත් කළ චීනයේ Global AI Governance Initiative මගින් ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය, ජාත්‍යන්තර සහයෝගීතාව, ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම සහ AI තාක්ෂණයන් සඳහා පුළුල් ප්‍රවේශයක් ලබාදීම සඳහා ඉල්ලීමක් කරයි. අවදානම් මත පදනම් වූ පාලනය, පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව, මානව අධීක්ෂණය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි නියෝජනයක්ද එම වැඩසටහන මගින් අවධාරණය කරයි.
AI පාලනය සඳහා ජාත්‍යන්තර ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රාමුව තුළ සාකච්ඡා පැවැත්වීමටද එම වැඩසටහන සහාය දක්වයි.
චෙන්ගේ ලිපියද මෙම කරුණු කිහිපයක්ම ප්‍රතිරාවය කරමින් AI ජාත්‍යන්තර පොදු යහපතක් ලෙස සලකන අතර, ගෝලීය දකුණේ රටවල තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ ගෝලීය “බුද්ධි පරතරය” අඩු කිරීමට සහාය වන සහයෝගීතාවක් සඳහා කැඳවුම් කරයි.
චීනය මෑතකදී AI Safety Governance Framework 3.0 නිකුත් කළ අතර, එය 2024 සහ 2025 දී නිකුත් කළ පෙර සංස්කරණවලින් පසුව ඉදිරිපත් වූ නවතම රාමුවයි.
නව රාමුව මගින් අවදානම් වර්ගීකරණ සංශෝධනය කර ඇති අතර, මතුවන අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් තාක්ෂණික සහ පාලන ක්‍රියාමාර්ගද සකස් කර ඇත.
විවෘතභාවය සහ ආරක්ෂාව සමගාමී කරන්නේ කෙසේද?
චීනයේ ජාත්‍යන්තර සහ දේශීය AI වැඩසටහන් එකිනෙකට පරස්පර බවක් පෙනෙන්නට තිබිය හැකි නමුත්, රටකට ජාත්‍යන්තර තාක්ෂණික හුවමාරුවට සහාය දක්වන අතරම සංවේදී දත්ත ආරක්ෂා කිරීමට, යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහ අවදානම් කළමනාකරණය කිරීමටද හැකිය.
අභියෝගය වන්නේ නීත්‍යානුකූල ආරක්ෂක පියවර අවසන් වන්නේ කොතැනින්ද සහ සහයෝගීතාව සීමා කරන සීමා ආරම්භ වන්නේ කොතැනින්ද යන්න තීරණය කිරීමයි.
චීනයට ඇති කාර්යය වන්නේ එහි ආරක්ෂක රාමුව මගින් නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහභාගීත්වය අනවශ්‍ය ලෙස සීමා නොකර ඒවාට සහාය දැක්විය හැකි බව ප්‍රායෝගිකව පෙන්වීමයි.
එහි හවුල්කරුවන්ට ඇති කාර්යය වන්නේ සහයෝගීතාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තක්සේරු කිරීමයි. එනම්, කුමන තාක්ෂණයන් වෙත ප්‍රවේශ විය හැකිද, දත්ත ආරක්ෂා කරන්නේ කෙසේද සහ හවුල් වැඩසටහන් පාලනය කරන්නේ කෙසේද යන්නයි. BRICS සාමාජික රටවලට විවිධ සංවර්ධන ප්‍රමුඛතා, නියාමන පද්ධති සහ උපායමාර්ගික අවශ්‍යතා තිබේ.
එබැවින් පොදු AI පරිසර පද්ධතියක් සඳහා මෙම වෙනස්කම්වලට ගැළපෙන අතරම මැනිය හැකි ප්‍රතිලාභ ලබාදිය හැකි ප්‍රායෝගික ක්‍රමවේද අවශ්‍ය වනු ඇත.
AI යුගයේ තීරණාත්මක ප්‍රශ්නය
ෂී ජින්පිංගේ BRICS යෝජනා සහ චෙන් යිෂින්ගේ ජාතික ආරක්ෂක තක්සේරුව චීනයේ AI උපායමාර්ගයේ මානයන් දෙකක් නිරූපණය කරයි. එනම් ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණයේ ප්‍රවේශය පුළුල් කිරීමත්, දේශීය වශයෙන් එහි පාලනය ශක්තිමත් කිරීමත්ය. AI සහයෝගීතාව මගින් තාක්ෂණික හැකියාවන් වෙත ප්‍රවේශය පුළුල් කර කාර්මික සංවර්ධනයට සහාය විය හැකිය. සයිබර් මෙහෙයුම්, සංවේදී දත්ත සහ වැඩි වැඩියෙන් ස්වයංක්‍රීය වන පද්ධති සම්බන්ධ සැබෑ අවදානම්වලට මුහුණදීමට ආරක්ෂක පාලනය උපකාරී විය හැකිය.
එහෙත් මෙම වැඩසටහන් දෙකම ක්‍රියාත්මක කිරීම, ආයතනික වගවීම සහ විවෘතභාවය හා පාලනය අතර සමතුලිතතාව සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතු කරයි. චීනයේ ප්‍රවේශය තක්සේරු කරනු ලබන්නේ එය ලබාදෙන ප්‍රායෝගික ප්‍රතිඵල අනුවය. එනම් සහයෝගීතාව සැබවින්ම ඇතුළත්කාරීද, ආරක්ෂක පියවර ඵලදායී හා සමානුපාතිකද සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගත් කොන්දේසි මත සහභාගී විය හැකිද යන්න මතය.
මෙහි මූලික අදහස වන්නේ කෘත්‍රිම බුද්ධිය අනිවාර්යයෙන්ම “එක් පාර්ශ්වයක ජයග්‍රහණය තවත් පාර්ශ්වයක පරාජයක් වන” ශුන්‍ය එකතුවේ තරගයක් ලෙස සැලකිය යුතු නොවන බවයි.
නවෝත්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතරම ආරක්ෂක අවශ්‍යතා අනිවාර්ය කොන්දේසියක් ලෙස සලකන්නේ නම්, කෘත්‍රිම බුද්ධිය සියලු දෙනාගේ ප්‍රයෝජනය සඳහා මෙහෙයවිය හැකිය.
ලැඩිස්ලාව් සෙමානෙක්
ලැඩිස්ලාව් සෙමානෙක් (PhD) බුඩාපෙස්ට්හි පිහිටි චීන සමාජ විද්‍යා ඇකඩමියට අනුබද්ධ China-CEE Institute හි නේවාසික නොවන පර්යේෂණ සාමාජිකයෙකු වන අතර, Valdai Discussion Club හි විශේෂඥයෙකු ලෙසද කටයුතු කරයි.
ඔහු ප්‍රාග්හි Charles University වෙතින් ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබා ඇති අතර, එම විශ්වවිද්‍යාලයෙන්ම නැගෙනහිර යුරෝපා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී (BA) සහ ශාස්ත්‍රපති (MA) උපාධි සම්පූර්ණ කර තිබේ.
සෙමානෙක් චෙක් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ආයතනය සහ චෙක් විද්‍යා ඇකඩමිය සමඟද සහයෝගයෙන් කටයුතු කර ඇත.
2025 වසරේදී ඔහු රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක MGIMO University හි InteRussia ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරාගනු ලැබීය.
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි