දුදස්සනගේ මොළේ පැතැළියි..
දුදස්සනගේ මොළේ පැතැළියි
පහුගිය දවස්වල දුදස්සන මෙහෙම කතාවක් කියනවා ඇහුණා.
=== === === === ===
“අටුවාවට අනුව ඔබතුමන්ලට කියන්න ‘පොළොව තැටියක්’ කියලා කියන්නේ. බෞද්ධ අටුවාවේ. බෞද්ධ අටුවාවේ කියන්නේ පොළොව තැටියක් කියලා. දැන් එතකොට මම ‘පොළොව තැටියක්’ කියලා පිළිගන්න ඕනෙ ද? දැන් මම පොළොව තැටියක් කියලා පිළිගත්තේ නැති වුණොත්, මම ධර්ම විකෘතිකයෙක් වෙනවා. මෙයාලා කියන්නේ මම පොළොව තැටියක් කියලා මට පිළිගන්නයි කියලා.”
=== === === === ===
මේ කතාව දුදස්සනගේ තවත් ටොම් පචයක් විතරයි. කිසිම අටුවා ග්‍රන්ථයක “පොළොව තැටියක්” කියලා සඳහන් කරලා නෑ.
අපි සාමාන්‍ය ව්‍යවහාරයේ දී, පෘථිවියට “ලෝකය” කියලා කියනවා. ඒ විදිහට ම, අපි පෘථිවියේ සිතියමට “ලෝක සිතියම” කියලත් කියනවා. හැබැයි, බෞද්ධ ලෝක විග්‍රහය ඒ ව්‍යවහාරයට සීමාවෙච්ච එකක් නෙවෙයි.
බෞද්ධ විග්‍රහය තුළ විවිධාකාරයෙන් වර්ග කරපු සමස්තයන් හඳුන්වන පදයක් විදිහට “ලෝක” වචනය යොදාගෙන තියෙනවා.
බඹයක් පමණ වන මේ ශරීරය තුළ ම ලෝකය, එහි හටගැනීම, නිරෝධය හා නිරෝධ මාර්ගය පනවන බව සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන්. අංගුත්තර නිකායේ ලෝක සූත්‍රය කියන නමින් ම දේශනාවක් තියෙනවා. ඒ දේශනාවෙනුත් ලෝකාවබෝධය ගැන, ලෝකය හටගැනීම ගැන, සහ ලෝක නිරෝධය ගැන කියනවා. ලෝකය තේරුම්ගන්න ඕන කොහොම ද කියන කාරණය සංයුක්ත නිකායේ ලෝකායතික සූත්‍රයේ දේශනා කරලා තියෙනවා.
අපි හැමෝම වගේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය ගැනත් අහලා තියෙනවා. මේවා භූමි විදිහට 31 කට වෙන් කරලා දක්වන බවත් අපි දන්නවා. මේ භූමි අතරින් කාම ලෝකයට අයිති භූමි 11 සකස්වෙන්නේ මනුෂ්‍ය ලෝකය, චාතුර්මහාරාජික, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය සහ පරනිම්මිත වසවත්තිය කියන සුගති ලෝකවලින් සහ නිරය, තිරිසන්, ප්‍රේත සහ අසුර කියන දුගති ලෝකවලින්. ස්ථානිය විදිහට දක්වන්න පුළුවන් ලෝක “ඕකාස ලෝක” කියලා හඳුන්වනවා. “භෞතික විශ්වය”, “සක්වල” වගේ ඒවා ඕකාස ලෝක විදිහට හඳුන්වන්න පුළුවන්.
ඉතින් අටුවා ග්‍රන්ථවල මේ ඕකාස ලෝක ගැන විස්තර සඳහන් කරලා තියෙනවා.
අපි මුලින් ම, සමන්තපාසාදිකාවේ (විනය අටුවාවේ) මේ ගැන තියෙන සඳහනක් විමර්ශනය කරමු. ඒ අටුවාවේ මෙහෙම සඳහනක් තියෙනවා.
“එකස්මිං සක්වළලෝකධාතුම්හි සුමේරුපබ්බතරාජා මජ්ඣේ,
චතුද්දිසාභාගේ චත්තාරෝ මහාදීපා,
ජම්බුදීපස්ස දක්ඛිණභාගේ මනුස්සලෝකෝ.”
මේ පාඨයේ සිංහල අර්ථය මෙහෙමයි.
“එක්තරා සක්වළ ලෝක ධාතුවක මැදින් සුමේරු පර්වත රාජයා පිහිටා ඇත. ඒ සුමේරු පර්වතය වටා සතර දිශා භාගයන්හි මහා ද්වීප සතරක් ඇත. ජම්බුද්වීපයේ දකුණු භාගයෙහි මනුෂ්‍ය ලෝකය පිහිටා ඇත."
මේ කියන්නේ එක්තරා සක්වළ ලෝක ධාතුවක් ගැන මිසක් පෘථිවිය ගැන නෙවෙයි.
එහෙම නම්, දුදස්සන මේ තැටියේ කතාව අහුලගන්නේ කොතැනින් ද?
විසුද්ධි මග්ගයේ මෙහෙම සඳහනක් තියෙනවා.
“සක්වලස්ස පරමණ්ඩලභාගෝ, මණ්ඩලාකාරෝ සකලපටලසමානෝ”
මේ ප්‍රකාශයේ සිංහල අර්ථය මෙහෙමයි.
“මුළු සක්වලෙහි පරමණ්ඩල කොටස (පිටත මණ්ඩලය), සම්පූර්ණ පටලයකට / වළල්ලකට සමාන වූ වටකුරු ස්වරූපයෙන් යුක්ත වේ.”
මෙන්න මේක තමයි විසුද්ධි මග්ගයේ තියෙන තැටිය. මේ කියන්නේ පෘථිවිය ගැන නෙවෙයි. මේ කියන්නේ අපේ පෘථිවියත් ඇතුළත් සක්වළ ගැන බව හොඳට ම පැහැදිළියි.
දැන් අපි විසුද්ධි මග්ගයේ තියෙන මේ විස්තරයත් සමන්තපාසාදිකාවේ තියෙන විස්තරයත් එකතු කරලා කියවමු.
“මුළු සක්වලෙහි පරමණ්ඩල කොටස සම්පූර්ණ පටලයකට සමාන වූ වටකුරු ස්වරූපයෙන් යුක්ත වේ. ... එක්තරා සක්වළ ලෝක ධාතුවක මැදින් සුමේරු පර්වත රාජයා පිහිටා ඇත. ඒ සුමේරු පර්වතය වටා සතර දිශා භාගයන්හි මහාද්වීප සතරක් ඇත. ජම්බුද්වීපයේ දකුණු භාගයෙහි මනුෂ්‍ය ලෝකය පිහිටා ඇත.”
ඒ කියන්නේ මැද්දේ සුමේරු පර්වතය තියෙන, ඒ වටා තැටියක් වගේ පරමණ්ඩල කොටසක් සහිත සක්වළක් ගැන බෞද්ධ ඕකාස ලෝක විග්‍රහයකින් කියන බව පැහැදිළියි. මේ කියන සක්වළේ මැද්දේ ඒක රාශිවෙච්ච කන්දක් (මහා මේරුව) තියෙනවා. ඒ වටේ තැටියක් තියෙනවා. (මේ කියන්නේ තරු කන්දක් සහ තරු තැටියක් ගැන ද? ඒ ගැන ඊ ළඟට කියන්නම්).
ඇත්තෙන්ම, මේ කතාව “විද්‍යාත්මක” කරන්න අපි මහන්සිවෙන්න ඕන නෑ. ඒත් පාඨකයන්ගේ කුතුහලය සන්සිඳුවන්න ඕන හින්දා අපිට අලුත් තාරකා විද්‍යා නිරීක්‍ෂණ කීපයක් ගැන සළකා බලන්නත් පුළුවන්. මේ නිරීක්‍ෂණවල හැටියට සක්වළ වර්ග ගණනාවක් තියෙනවා. ඒවා දක්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට.
සර්පිල චක්‍රාවාට (Spiral galaxies), තැටි චක්‍රාවාට (Disc galaxies), කාචාකාර චක්‍රාවාට (Lenticular galaxies), අණ්ඩාකාර චක්‍රාවාට (Elliptical galaxies), අක්‍රමවත් චක්‍රාවාට (Irregular galaxies), මුදු චක්‍රාවාට (Ring galaxies), වාමන චක්‍රාවාට (Dwarf galaxies), අසාමාන්‍ය චක්‍රාවාට (Peculiar galaxies), සක්‍රීය චක්‍රාවාට (Active galaxies), තාරකා පිපුරුම් චක්‍රාවාට (Starburst galaxies), විකිරණ චක්‍රාවාට (Radio galaxies), සීෆර්ට් චක්‍රාවාට (Seyfert galaxies)
දැනට නිරීක්‍ෂණය කරලා තියෙන චක්‍රාවාටවලින් සීයට 60 කට වැඩි ප්‍රමාණයක් සර්පිල චක්‍රාවාට කියලා කියනවා. මෙහෙම චක්‍රාවාට මැද්දේ ගුලියක් (Bulge) තියෙනවා. ඒ ගුලිය හැදිලා තියෙන්නේ පරණ තාරකාවලින් කියලත් කියනවා. ඒ කියන්නේ පරණ තාරකා කන්දකින්. මේ මැද ගුලිය වටේට පැතැලි තැටියක් (Disk එකක්) විසිරිලා තියෙනවා. ඒ තැටිය හැදිලා තියෙන්නෙත් තරුවලින්. අපි ජීවත්වෙන මේ පෘථිවිය ඇතුළත් සූර්ය ග්‍රහ මණ්ඩලය අයිතිවෙන්නේ ක්‍ෂිරපථය (Milky Way) කියන චක්‍රාවාටයට කියලත් අපි දන්නවා. ක්‍ෂීරපථය කියන්නෙත් සර්පිල චක්‍රාවාටයක්. ඉතින් ක්‍ෂිරපථය මැද්දෙත් තරු ගුලියක් (Galactic Bulge) තියෙනවා. ඒ වටේ තැටියක් විදිහට අනිත් සූර්ය මණ්ඩල විසිරිලා තියෙනවා.
ක්‍ෂීරපථයේ මැද තරු ගුලිය ආලෝක වර්ෂ 10,000 ක් විතර ලොකු විෂ්කම්භයක් තියෙන එකක්. ඒ වගේ ම, ක්‍ෂීරපථයේ මැද ගුලිය (Galactic Bulge එක) වටේ පැතිරිලා තියෙන තරු තැටිය (Galactic Disk එක) අලෝක වර්ෂ 100,000 ක විෂ්කම්භයක් තියෙන එකක්. මේකට අයිති තුනී තරු තැටිය (Thin Disk එක) අලෝක වර්ෂ 1,000 ක් විතර ඝනකමයි. අපේ සූර්යග්‍රහ මණ්ඩලය තියෙන්නෙත් මේ තුනී තරු තැටියේ ම තමයි. ක්‍ෂීරපථයේ මැද තරු ගුලිය (Galactic Bulge එක) වටේ පැතිරිලා තියෙන තරු තැටිය (Galactic Disk එක) වට කරගත්ත ප්‍රභා මණ්ඩලය (Galactic Halo) කියලා එකකුත් තියෙනවා. මේ ප්‍රභා මණ්ඩලය තුළ සූර්යයෝ පැතිරිලා තියෙන්නේ අතරින් පතර.
ක්‍ෂීරපථය කියන්නේ “එක් චක්‍රාවාටයක්” විතරයි. හැබැයි බුදුදහමේ “සහස්ස චක්කවාළ” (එක් දහසක් සක්වල), “දසසහස්ස චක්කවාළ” (දස දහසක් සක්වල), “සතසහස්ස චක්කවාළ” (ලක්‍ෂයක් සක්වල) ගැනත් දේශනා කරලා තියෙනවා. දස දහස් ගණන් “ලෝක ධාතු” තැනත් සූත්‍ර දේශනාවල කියලා තියෙනවා.
දීඝ නිකායේ මහා සමය සූත්‍රයේ මෙහෙම සඳහන්.
“දස දහසක් ලෝකධාතුවල දෙවිවරු බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්නට රැස්වූහ”
මෙහෙම තියෙන මහා ලෝක ධාතු ගැන විස්තරයක් අංගුත්තර නිකායේ චූළනිකා සූත්‍රය තුළත් අන්තර්ගතයි. ඒක හුඟක් දීර්ඝ විස්තරයක් හින්දා මෙතැන ඒ ඔක්කොම විස්තර ලියන්න ඉඩක් නෑ. කොහොම වුනත්, උනන්දුවක් තියෙන අයට “සුතා තෙ ආනන්‍ද, සහස‍්සී චූළනිකා ලොකධාතූති” (ආනන්දය, තා විසින් දහසක් සක්වළ ඇති චූලනීය ලෝකධාතුව ගැන අහලා තියෙනවා ද?) කියලා පටන්ගන්න ඒ විස්තරය කියවන්න පුළුවන්.
ඒත් දුදස්සන මේ මහා ධර්මස්කන්ධය පැත්තකට විසි කරනවා. එහෙම කරන ගමන් මේ පෘථිවයට සක්වළ පටලවනවා. ඊට පස්සේ, අටුවාචාරීන්වහන්සේලාට ගර්හා කරනවා. මොළේ පැතැළි මිනිස්සු වෙන මොනවා කරන්න ද? මේ කුණු කතාවලට ලොකු ප්‍රසිද්ධියකුත් ලැබෙනවා.
මේ, කුණු වපුරන කාලයක්!
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්