අධ්‍යාපන ලොක්කියකට අසූචි ප්‍රහාරයක්..
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නිපුණතා සංවර්ධන අරමුදලේ සාමාන්‍යාධිකාරිවරිය වෙත සේවකයන් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නාරාහේන්පිට පොලිසිය සඳහන් කරයි.
මෙම අසූචි ප්‍රහාරය නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන අරමුදලේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළදී සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සාමාන්‍යාධිකාරිවරිය විසින් ක්‍රියාත්මක කරන ලදැයි කියන ඒකාධිපති පාලන ක්‍රමවේදය සහ සේවකයන් සමඟ පැවති අභ්‍යන්තර ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සේවක ප්‍රජාව අතර ඇයට එරෙහිව දැඩි විරෝධයක් ගොඩනැඟී තිබූ බවයි.
මීට අමතරව, ඇය විසින් අරමුදලේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මාරු කර යැවීමට පියවර ගැනීමද මෙම විරෝධතාව උග්‍ර වීමට ආසන්නතම හේතුව වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව කරුණු දක්වමින් නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ, මෙය ආයතනය තුළ පැවති අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බව දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..