විද්‍යුත් චුම්භක තරංග සහ අපාය..
බටහිර විද්‍යා අධ්‍යාපනය ලැබූ අය විද්‍යුත් චුම්භක තරංග (electro magnetic wave) ගැන අසා ඇත. සංඛ්‍යාතය අනුව ඒවා වර්ග කර ඇත. ගැමා කිරණ, X කිරණ, UV කිරණ, සාමාන්‍ය ආලෝකය, ක්ෂුද්‍ර තරංග, FM/AM/VHF, UHF තරංග විද්‍යුත් චුම්භක තරංගවලට අයත් වේ.
විද්‍යුත් චුම්භක තරංග පිළිබඳ සංගත ප්‍රවාදයක් ඉදිරිපත් කළේ බටහිර විද්‍යාව බිහි කළ විශිෂ්ටතම බුද්ධිමතෙකු වන ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්ය. ඔහු නූතනත්වය ගෙදරට ගෙන ආ පුද්ගලයාය. X කිරණ දැක ඇති පුද්ගලයෙක් නැති වුවද අපි X කිරණවලින් වැඩ ගනිමු. දැක නැති වුවද X කිරණ නැතැයි කිසිවෙක් නොපවසයි.
UV කිරණ දැක ඇති පුද්ගලයෙක් නැත ද අපි ඉන් ප්‍රයෝජන ගනිමු. නොදුටු පමණින් UV කිරණ නැතැයි කිසිවෙක් නොපවසයි. සාමාන්‍ය ආලෝකය අප සියල්ලට දැක ගත හැකි නිසා එය (සම්මුති වශයෙන්) "තිබෙනවා" ලෙස බොහෝ දෙනා විශ්වාස කරති.
ක්ෂුද්‍ර තරංග කිසිවෙක් නොදකියි. එහෙත් 4G/5G, WiFi/ Bluetooth මේ හැම එකකම යොදා ගන්නේ ක්ෂුද්‍ර තරංගයි. ක්ෂුද්‍ර තරංග නොපෙනුන පමණින් එවැන්නක් නැතැයි යමකු පවසයි නම් බටහිර විද්‍යාව ගැන යම් අවබෝධයක් ඇති අය අතර ඔහු පිස්සෙක් හෝ අඥානයෙක් ලෙස සැලකේ. FM/AM තරංග නොදුටු පමණින් ඒවා නැතැයි කවරකු හෝ නොපවසයි. නොදුටු පමණින් එවා නැතැයි යමෙක් පවසයි නම් බටහිර විද්‍යා අධ්‍යාපනය ලැබූ අය අතර ඔහු අවඥාවට පත් වේ.
යමෙකුට විද්‍යක චුම්බක X කිරණ, ක්ෂුද්‍ර තරංග, FM/AM තිබේදැයි තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇත. රෝහලකට ගියහොත් X කිරණ ද, ජංගම දුරකථනය වැඩ කරන නිසා නැතහොත් මයික්‍රො වේව් උදුනේ ආහාර රත්වන නිසා ක්ෂුද්‍ර තරංග ද ඇති බවත්, ගුවන් විදුලිය ඇසෙන නිසා FM/M තරංග ඇති බවත්, රූපවාහිනිය පෙනෙන නිසා VHF/UHF තරංග ඇති බවත් අවබෝධ කරගත හැකිය. එය සැකහැර තහවුරු කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද දක්වා ඇත.
එහෙත් මේ අවබෝධය සෑම කෙනෙක්ටම ලැබිය නොහැකිය. ඒ සඳහා විද්‍යුත් චුම්භක තරංග පිළිබඳ ක්‍රමානුකූලව හැදෑරීමක් කළ යුතුය. අවබෝධය ලැබෙන්නේ ද, තරංග ඇති බව පෙනෙන්නේද ඒ ගැන මනාකොට අධ්‍යයනය කර ඒ ගැන අවබෝධ කරගත් විට පමණි. එසේ නොකර යමෙක් "විද්‍යුත් චුම්බක තරංග කාටද පෙනෙන්නේ? එහෙම මගුලක් නැත" යනුවෙන් අනෙක් අය ඉදිරි පිට පෙනී සිටී නම් ඔහු පිස්සෙක් ලෙස බටහිර විද්‍යා අධ්‍යාපනය ලැබූ අය සලකයි.
බුදු සමයේ කියැවෙන "අපාය" ගැන කතාවද මේ ආකාරය. එය දැකගැනීමට අවශ්‍ය කෙනෙක් ඇත්නම් සමථ විදර්ශනා භාවනා වඩා මනස දියුණු කර ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පැහැදිලිව දක්වා ඇත. ඒ තරම් උවමනාවක් නැති අයට ජංගම දුරකතන WiFi, Blue tooth ක්‍රියා කරන අයුර අවබෝධ කරගන්නා ලෙස අපාය ගැනද අවබෝධ කර ගත හැකිය. බුදුන් වහන්සේ ද, මාර්ග ඵලලාභී භික්ෂූන් වහන්සේලාද අපාය ගැන ප්‍රත්‍යක්ෂයෙන් අනුදැන වදාල සංගත කරැණු ඇසුරෙන් අපට ඒ ගැන අවබෝධයක් ලබා ගත හැකිය.
එසේ නොකර ජනතාව ඉදිරියට පැමිණ අපායක් නැතැයි උඩ පනින අයට බෞද්ධයන්ගෙන් හිමිවිය යුත්තේ විද්‍යුත් චුම්බක තරංග නැතැයි පවසමින් උඩපනින "බටහිර විද්‍යා නූගතුන්ට" එය උගත් අයගෙන් ලැබෙන ප්‍රතිචාරයමය.
අවාසනාව මෑතක සිට ඉතා සංවිධානාත්මකව බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව බිඳ දමා වෙනත් මිත්‍යා දෘෂ්ටි කරා බෞද්ධයන් යොමු කර ගැනීමට මෙවන් ඊනියා බුද්ධිවාදී සාකච්ඡා යොදා ගැනීමයි.
පින්-පව්, කුසල්-අකුසල්, සසර-නිවන, නාම-රූප විශ්වාස නොකරන එහෙත් බෞද්ධ වෙසින් පෙනී සිටින තක්කඩින්ට නේක රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන බව පෙනෙන්නට ඇති නිසා මේ වෙසෙසින්ම පරෙස්සම් විය යුතු කාලයකි.
- ආචාර්ය චන්න ජයසුමන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?