එක්සත් ජනපද පැසිෆික් යුද හමුදා නියෝජ්‍ය අණදෙන නිලධාරීයා දැන් කොළඹ..
එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජෝයෙල් “ජේ.බී.” වවල් (Joel “JB” Vowell) සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන නිල වැඩසටහන් සඳහා සහභාගී වීම පිණිස කොළඹට පැමිණ තිබේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉහළම නිලතල දරන එක්සත් ජනපද යුද හමුදා නිලධාරියා බවට පත්වෙයි. මෙම සංචාරය දෙරට අතර වර්ධනය වන ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවත්, අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරගනිමින් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙය මහෝපකාරී වන බවත් එක්සත් ජනපද තානාපති එරික් මේයර් ප්‍රකාශ කළේය.
මෙම සංචාරය අතරතුර ලුතිනන් ජෙනරාල් වවල් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවී අන්තර් ක්‍රියාකාරී හැකියාව, ආරක්ෂක සහයෝගීතාව, ඉදිරියට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාස, ධාරිතා වර්ධන වැඩසටහන් මෙන්ම මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
තවද, ඔහු ඊළඟ පරම්පරාවේ හමුදා නායකයින් ඇමතීමට ද නියමිත අතර, කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා වෘත්තීය හමුදා බලකායන් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇත.
ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජනපදය දක්වන අඛණ්ඩ කැපවීම ලුතිනන් ජෙනරාල් වවෙල්ගේ මෙම සංචාරය මගින් තහවුරු වන බවත්, පසුගිය මැයි මාසයේදී සාර්ථකව පැවැත්වූ ගොඩබිම් බලකා සාකච්ඡාවල (Land Forces Talks) ඉදිරි පියවරක් ලෙස මෙය සිදුවන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
1991 වසරේ ඇලබාමා විශ්වවිද්‍යාලයෙන් පාබල හමුදා නිලධාරියෙකු ලෙස සිය සේවය ආරම්භ කළ ලුතිනන් ජෙනරාල් වවල්, සිය වෘත්තීය කාලය තුළ යුරෝපය, පැසිෆික් කලාපය, මැද පෙරදිග සහ එක්සත් ජනපදය පුරා ස්ථාන රැසක සේවය කර ඇත.
ඔහු ඇෆ්ගනිස්ථානයේ සටන් මෙහෙයුම් සඳහා අවස්ථා තුනකදීත්, ඉරාකයේ අවස්ථා දෙකකදීත් සේවය කර ඇති අතර, 101 වන ගුවන් ප්‍රහාරක සේනාංකය ඇතුළු බලඇණි කිහිපයක අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.
මීට අමතරව ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ War College Fellow, බෲකින්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, 25 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල්, සහ ඉරාකය හා සිරියාවේ ක්‍රියාත්මක වූ "CJTF-Operation Inherent Resolve" මෙහෙයුමේ අණදෙන නිලධාරී ලෙස ද සේවය කර ඇති ඔහු, වර්තමානයේ හවායි හි ෆෝට් ශාෆ්ටර් හි පිහිටි එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල්වරයා ලෙස කටයුතු කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්