මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් නඩු දෙකෙන්ම මාව නිදොස් කොට නිදහස් කළා.. – උදය ගම්මන්පිල
දේශපාලන ප්‍රතිවාදීන් විසින් තමන්ව පීඩාවට පත් කිරීමේ අරමුණින් එකම සිදුවීමට අදාළව නඩු දෙකක් පැවරූ බවත්, එම නඩු දෙකෙන්ම තමන් නිදොස් කොට නිදහස් වූ බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කරමින් රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා කරමින් ගොනුකර තිබූ දෙවැනි නඩුවෙන්ද නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය.
"කූට ඇටර්නි බලපත්‍රයක් භාවිත කරලා කොටස් විකිණීමක් පිළිබඳව තිබුණු දෙවැනි නඩුවෙනුත් අද දින මාව නිදොස්කොට නිදහස් කළා. මේ සම්බන්ධයෙන් නඩු දෙකක් වුණේ එකම නඩුව දෙකට කඩලා මාව පීඩාවට පත්කිරීමේ අරමුණින් තමයි නඩු දෙකක් ගොනුකරලා තිබුණේ. පහුගිය කාලේ මාලිමා ඩෝබි බලකාය මේ නඩුවෙන් මාව හිරේ දානවා කියලා සමාජ මාධ්‍ය පුරා වහසි බස් දොඩලා තිබුණා. නමුත් අවසානයේදී යුක්තිය ජයගත්තා.
මගේ වසර 27ක දේශපාලන ජීවිතය පුරාවට හොරකමක්, මැරකමක්, සල්ලාලකමක් පිළිබඳව මට සතුරෙක්වත් චෝදනා නඟලා තිබුණේ නෑ. ඒ නිසා තමයි මට එරෙහිව පැමිණීල්ලක් කරන්න කිසිවෙක් ලංකාවෙන් සොයාගන්න බැරිව, ඔස්ට්‍රේලියානු අධිකරණය ඉදිරියේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරපු, වංචාවලට වැරදිකරු වුණු වයසක සීයා කෙනෙක්ව ලංකාවට ගෙනල්ලා පැමිණිල්ලක් කිරීමට මගේ විරුද්ධවාදීන්ට සිදුවුණේ.
අද නඩු තීන්දුවෙදීම සඳහන් වුණු පරිදි ඔහු තමන්ගේ බිරිඳගේ අත්සන පවා හොරට ගහලා අධිකරණයේ වැරදිකරු බවට පත්වුණු වංචනිකයෙක්. මේක ද්වේශසහගත නඩු පැවරීමක් කියන එක අධිකරණය විසින්ම තීරණය කරලා තියෙන නිසා දේශපාලකයින්, සමහර පොලිස් නිලධාරීන්, සමහර නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අල්ලාගෙන මේ නීතිය අවභාවිත කරන ආකාරය රටට හෙළිකරන්න ‘මගේ අවනඩුව’ නමින් මම ඉදිරියේදී පොතක් ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්