News Category
From Date
To Date
Maximum Number of Result

"බාල බෙහෙත්" සහ "ඉන්දියානු ෆාමකෝපියාව"

Oct 1, 2026 at 08:09 AM
|

"බාල බෙහෙත්" සහ "ඉන්දියානු ෆාමකෝපියාව" මේ දවස් වල අපිට හැම වෙලේම ඇහෙන වචන දෙකක්. ඇත්තටම මේ වචන දෙකෙන් කියවෙන්නේ මොනවද? මේ දෙක අතරේ මොකක් හරි සම්බන්දයක් තියෙනවා ද? අපි අද ලිපියෙන් ඒ ගැන පොඩි පර්යේෂණයක් කරලා බලමු. බෙහෙතකට "බාල" කියන නම යෙදෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි බලලා ඉමු අපේ අතට එන බෙහෙත් පෙත්තක් හැදෙන්නේ කොහොමද කියලා. 

උදාහරණයක් විදියට අපි තයිරොක්සින් (Levothyroxine) මිලිග්‍රෑම් 25 ක පෙත්තක් ගමු. මෙතන මිලිග්‍රෑම් 25 කියන එකෙන් අදහස් කරන්නේ පෙත්තේ බර නෙවෙයි. මේ පෙත්ත ඇතුලේ තියෙන ක්‍රියාකරී ඖෂධයේ ( Active Pharmaceutical Ingredient ) ප්‍රමාණය. මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් එකකින් දාහෙන් පංගුවක්. එතකොට අපිට හිතාගන්න පුලුවනේ නේ මිලිග්‍රෑම් 25ක් කියන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක් ද කියලා. හැබැයි අපේ අතේ තියෙන පෙත්ත මීට වැඩ ගොඩක් බරයි සහ ප්‍රමාණයෙන් විශාලයි. ඖෂධ නිෂ්පාදනයේ දී මේ දේ කරන්නේ බෙහෙත පාවිච්චි කරන කෙනාගේ පහසුවට, මොකද පෙත්ත ගොඩක් පොඩි උනොත් පාවිච්චියට ගොඩක් ප්‍රයෝගික අපහසුතා එනවා. එතකොට පෙත්තක මේ වැඩිපුර එකතු කරපු බරේ සහ ප්‍රමාණයේ තියෙන්නේ මොනවද? ඒ දේවල් වලට අපි කියනවා ක්‍රියාකාරී නොවන සංඝටක (inactive ingredients) කියලා.  

මේ ක්‍රියාකාරී නොවන සංඝටක ලෙස ප්‍රධාන වශයෙන් එකතු වෙන්නේ පිරවුම් ද්‍රව්‍යක් (Diluent / Filler). මේකේ රාජකාරිය තමයි පාවිච්චි කරන කෙනාට හසුරවන්න පහසු වෙන ප්‍රමාණයට පෙත්ත ලොකු කරන එක. තව එකතු වෙනවා බන්ධකයක් (Binder). මේකෙන් කෙරෙන්නේ පෙත්තේ තියෙන ද්‍රව්‍ය කඩා හැලෙන්න දෙන්නේ නැතුව එකතු කරලා තියාගන්න එක. මීට අමතරව එකතු වෙනවා පෙත්ත ගිලීමෙන් පසුව බිඳ වැටෙන්න උදව් කරන ද්‍රව්‍ය ( Disintegrant), නිෂ්පාදනයේ එකිනෙකට ඇලවීම වලක්වන ලිහිසි ද්‍රව්‍ය (Lubricant), සහ දවටන ද්‍රව්‍ය (Coating Materials). ඖෂධයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ කෘත්‍ය අනුව තව දුරටත් දේවල් එකතු වෙන්න පුළුවන්.  ඖෂධයක් මිලදී ගැනීමේදී මේ වගේ කතාවක් අපි බොහොම දෙනකට ඇහිලා තියෙනවා "ඔය බෙහෙතම වෙන බ්‍රෑන්ඩ් එකකින් (නිෂ්පාදකයෙක්ගෙන්) අඩුවට ගන්න පුලුවන්". මේ කතාව ඇත්ත පෙත්ත ඇතුලේ තියෙන ක්‍රියාකරී ඖෂධයට (Active Pharmaceutical Ingredient). මොන නිෂ්පාදකයා බෙහෙත හැදුවත් ඒක ඇතුලේ තියෙන්නේ තයිරොක්සින් (අපේ උදාහරණය අනුව) මිලිග්‍රෑම් 25 ක් තමයි. නමුත් මේ කතාව ඇත්ත වෙන්නේ නැහැ පෙත්තේ තියෙන ක්‍රියාකාරී නොවන සංඝටක වලට සහ ඖෂධයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු කරන්න යොදාගන්නා තත්ත්ව පරීක්ෂණ වලට. 

ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න අපි බලලා ඉමු ෆාමකෝපියාව (Pharmacopoeia) කියන්නේ මොකද්ද කියලා. ෆාමකෝපියාව කියන්නේ පොතක් තමයි. මම සමහර අවස්ථා වල දැකල තියෙනවා රටේ වගකිව යුතු පුද්ගලයන් අවඥාසහගත හිනාවක් එක්ක මේක නිකම්ම නිකම් පොතක් කියලා ප්‍රකාෂ නිකුත් කරනවා. ඒ වගේ ප්‍රකාශ ඉතාමත් වගකීම් විරහිත ප්‍රකශ. සරලවම කිව්වොත් ඖෂධයක් පාවිච්චි කරන පුදගලයෙක් ගේ ජීවිතය මේ ෆාමකෝපියාව මත රැදෙන්න පුළුවන්. මේක අතිශයින්ම නීතිමය සහ වැදගත් ලියවිල්ලක්. රටක නිපදවෙන ඕනෑම ඖෂධයක ප්‍රමිතිය තීරණය කෙරෙන්නේ මේ ලියවිල්ලෙන්. ඖෂධයක් නිවැරදිව අඳුරගන්න යොදාගන්න සම්මත සංයෝග (Standards for identity), ඖෂධයේ අඩංගු විය යුතු ප්‍රතිශතය සහ පිරිසිදු බව (purity) පිලිබඳ නිර්නායක, ප්‍රමිතිය නිර්ණය කරන පරීක්ෂණ, සහ එම පරීක්ෂණ සිදු කරන සම්මත ක්‍රම යනාදී සියල්ලම  අන්තර්ගත වෙලා තියෙන්නේ මේ පොතේ. මෙහි සඳහන් කරුණු වලට පටහැනිව කිසිම ඖෂධයක් නිෂ්පාදනය කරන්න බැහැ . 

මේ ෆාමකෝපියාව රටින් රටට වෙනස් වෙනවා සහ එහි ගුණාත්මක භාවයත් රට අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මම සේවය කරන ආයතනයේ පරීක්ෂාවට ලක් කරන්නේ ඇමරිකාවේ නිපදවන ඖෂධ. ඒ ඖෂධ නිෂ්පාදනය සහ පරීක්ෂණයට භාවිතා වෙන්නේ එක්සත් ජනපද ෆාමකෝපියාව (United States Pharmacopeia). අපි කෙටියෙන් හඳුන්වන්නේ USP කියලා. USP එකට අනුව මම ඉහත සඳහන් කරපු ක්‍රියාකාරී නොවන සංඝටක හඳුන්වන්නේ " critical quality components" කියලා. සිංහලෙන් අර්ථකතනයක් දෙනවා නම් මේ අමතර සංයෝග ඔවුන් "අමතර" ලෙස හිතන්නේ නෑ. ඒ කියන්නේ ඒවා සැලකෙන්නේ ඖෂධයේ ප්‍රමිතියට ඉතාමත් අවශ්‍ය ද්‍රව්‍ය ලෙස. ඒ නිසා USP  එකට අනුව මෙම ද්‍රව්‍ය අතිශයින් ඉහල තත්ත්ව පරික්ෂාවට ලක් වෙනවා සහ යොදාගන්න ද්‍රව්‍යත් ඉතාමත් ඉහල පිරිසිදු භාවයක් සහිත ද්‍රව්‍ය වෙනවා. 

නමුත් ඉන්දියානු ෆාමකෝපියාව  (Indian Pharmacopoeia) වගේ එකක මේවට දෙන බර ගොඩක් අඩුයි. වෙනත් විදියට කියනවා නම් මේවා සැලකෙන්නේ  supporting materials, සිංහලට හරවව්වොත් සහාය සංයෝග විදියට. ඒ වගේ ෆාමකෝපියා මේ ගැන තියෙන විස්තර අඩුයි සහ යාවත්කාලින වීම අඩුයි. මීට අමතරව ඒවගේ ප්‍රමිතිය පරික්ෂාවට නිර්දේශ කර ඇති පරීක්ෂණ උසස් මට්ටමේ ඒවා නෙවෙයි. උදාහරණයක් විදියට මේ සංඝටකයක ප්‍රමාණය නිර්ණය කිරීමට USP එකෙන් Ultra High Performance Liquid Chromatography (ඉතාම ඉහල මට්ටමේ මිල අධික පරීක්ෂණයක්) පරීක්ෂණයක් නිර්දේශ කරද්දී, ඉන්දියානු ෆාමකෝපියා වේ මේක සරල අනුමපනාක් වෙන්න පුළුවන්. 

මම හිතවනවා දැන් ඔබට යම්කිසි මට්ටමකට අවබෝදයක් ඇති ෆාමකෝපියාව අනුව ඖෂධයේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ කොහොමද කියලා. දැන් අපි හිතමු යම්කිසි සමාගමකට බෙහෙත් පෙත්තක් නිෂප්දනය කරන්න ඕනේ කියලා. ඒ ආයතනයට USP එකට අනුව ඖෂධය අනුමත කරගන්න ඕනේ නම් ඉතා මිල අධික අමුද්‍රව්‍ය යොදාගන්න වෙනවා. මේකට හේතුව තමයි  ක්‍රියාකරී ඖෂධය සහ ක්‍රියාකාරී නොවන සංඝටක අන්තර් ක්‍රියා, මේවගෙන් හැදෙන්න පුළුවන් විෂ රසායනික සහ pH සංවේදී රසායනික වගේ බොහොමයක් දේවල් ඉතාමත් ගැඹුරට අධ්‍යනය කරලා තමයි USP එකෙන් සංඝටකයක් නිර්දේශ වෙන්නේ. නමුත් ඉන්දියානු ෆාමකෝපියාව (IP) වගේ එකක මේ කරුණු එතරම් ගැඹුරට නියාමනය නොවන නිසා ඖෂධය IP එකට අනුව අනුමත කරගන්න එතරම් මිල අධික අමුද්‍රව්‍ය භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම තමයි තත්ව පරීක්ෂණ වල ප්‍රමිතිය. උදාහරණයක් විදියට මේ දවස් වල මම USP එකට අනුව පරීක්ෂණ කරමින් ඉන්න ඖෂධයට ඉතාමත් ඉහල තාක්ෂණික උපකරණ යොදාගෙන කරන පරීක්ෂණ 13ක් කරනවා. මේ පරීක්ෂණ වලට ඒ අදාල  ඖෂධ සමාගම් අධික පිරිවැයක් දරනවා. මට මතකයි මම පරීක්ෂණ කරපු පෙති 100ක් වගේ තිබුන ඖෂධ බෝතලයක එක පෙත්තක අල්පෙනිති තුඩක් තරමේ කළු පාට තිතක් තිබිලා, ඒ තිත ආවේ කොහෙන්ද කියලා හොයන්න අපි මාස ගානක් වෙනම පරීක්ෂණ කරා. ඒ තරමටම ගැඹුරු තත්ත්ව පරීක්ෂාවක් USP වගේ ඉහල ප්‍රමිතියක් තියෙන ෆාමකෝපියා හරහා සිද්ද වෙනවා. මේ හැම පරික්ෂනයකටම යන මුදල් ඖෂධයේ මිලට එකතු වෙනවා. මේ වගේ පරීක්ෂණ අඩුවෙන් නිර්දේශ කරලා තියෙන ෆාමකෝපියා වලට අනුව ඖෂධ නිෂ්පාදනය කරාම අඩු මිලකින් එය නිපදවන්න පුළුවන්. 

මේ ආකාරයට අඩු මිලට ඖෂධ නිපදවව්වම රෝගියාට වෙන්න පුළුවන් අවාසි ගොඩක් තියෙනවා. ප්‍රධානම අවාසියක් වන්නේ ගැඹුරු (In depth) තත්ත්ව පරීක්ෂණ ප්‍රමාණය අඩු උනාම ඖෂධයේ තියෙන අපද්‍රව්‍ය නිවැරදිව අඳුරගන්න අපහසු වෙනවා. එහෙම ඖෂධයකින් අතුරු අබාධයක් (side effect) එකක් අවාම ඉතාමත් අපහසු වෙනවා ඒ මොන සංඝටකය නිසා ද කියලා අඳුරගෙන නිවැරදි ප්‍රතිකාරය කරන්න. අනික් දේ තමයි  ක්‍රියාකරී ඖෂධය සහ අමතර සංඝටක අතර ප්‍රතික්‍රියා සිද්ද වෙලා, ක්‍රියාකරී ඖෂධය විනාශ වෙන්න පුළුවන්. එහෙම උනාම ඒ පෙත්ත කොච්චර බිව්වත් ලෙඩේ සනීප වෙන්නේ නෑ අතුරු අබාධ වැඩි වෙනවා මිසක්. මේ වගේ සිද්දි නම් මෑතකදී අපි හැමෝම අහල තියෙනවා. සමහර විට ක්‍රියාකරී ඖෂධය අවශ්‍ය ප්‍රතිශතයෙන් අඩංගු නොවෙන්න පුළුවන්. මේ වගේ ඖෂධ දීර්ඝකාලීනව ගත්තම අපි නොහිතන සහ බලාපොරොත්තු නොවන අතුරු අබාධ එන්න පුළුවන්.ඒ නිසයි මම ලිපිය පටන්ගද්දීම කිව්වේ ෆාමකෝපියාව කියන්නේ නිකම්ම නිකම් පොතක් නෙවයි කියලා. 

මේ ආකාරයට USP එකේ ප්‍රමිතියට නිපදවලා අනුමත කරපු බෙහෙතක් රුපියල් 50 000 කට ගෙන්වද්දී IP එකේ ප්‍රමිතියට අනුමත කරගත්තු ඒ  ක්‍රියාකරී ඖෂධය අඩංගු බෙහතක් රුපියල් 250 කට වගේ ගන්න පුළුවන්. මම මේ කිව්වේ උදාහරණයක් හැමෝටම තේරුම් ගන්න. මේ වගේ ප්‍රවෘතියක් අහපු ගමන්ම අපිව හුරු කරලා තියන්නේ ඉතුරු රුපියල් 49 750 ම කලින් හිටපු සෞඛ්‍ය ඇමති වමට ගැහුවා කියලා සාප කරන්න නේ. නමුත් මිල අඩු  ඖෂධ පිටිපස්සේ ඊට වඩා ගොඩක් ගැඹුරු ප්‍රමිතිය පිළිඹඳ හිතන්න ඕනේ යමක් තියෙනවා. ඒ වගේම තමන් ගන්න ඖෂධ ගැන මේ වගේ තොරතුරු රෝගියාට එහෙමත් නැත්තම් පාරිභෝගිකයාට දැනගැනීමේ අයිතිය තිබිය යුතුයි කියන එකත් මම දැඩිව විශ්වාස කරන දෙයක්. ඒ නිසා ඔබ ඖෂධයක් මිල දී ගන්නවා නම් එය මොන ෆාමකෝපියාවේ ප්‍රමිතියට නිපදවපු ඖෂධයක් ද කියලත් ටිකක් හොයලා බලන්න. උසස් මට්ටමේ ෆාමකෝපියාවකට අනුව නිපදවලා නැත්තම් එය අපි කියනවා වගේ "බාල" බෙහෙතක් වෙන්න පුළුවන්.

Dr. C

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.