වගා ආයෝජන මුවාවෙන් ඇතැම් සමාගම් සිදුකර ඇත්තේ නීති විරෝධී තැන්පත් ගැනීමක්.. - මහ බැංකු අධිපති
වගා ආයෝජන මුවාවෙන් ඇතැම් සමාගම් සිදුකර තිබෙන්නේ නීති විරෝධී තැන්පත් ගැනීමක් බවත් මේවායේ අවසානයේ මුදල් තැන්පත් කරන බහුතරයක් අමාරුවේ වැටෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
වගා ආයෝජනවලට සම්බන්ධ සමාගම් කිහිපයක ගිණුම් තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් මහ බැංකු මාධ්‍ය හමුවේ දී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මේ වගා ආයතනවල මුදල් තැන්පත් කළ අයට, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙමින් මහ බැංකුවට සහාය වන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටි මහ බැංකු අධිපතිවරයා කීවේ, ඒ අනුව වගා ආයෝජන මුවාවෙන් තැන්පත් මුදල් ගත් ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව සුදානම් බවයි.
සියයට 40 ක් වැනි වාර්ෂික ප්‍රතිලාභයක් දීම කළ හැකි වන්නේ තවත් අයගේ තැන්පත් ගැනීමකින් පමණක් බවත් දැන් මේවායේ අලුතින් මුදල් තැන්පත් කිරීම අඩු වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේවායේ මුලින් මුදල් දාපු අයට මුලදී යම් කිසි මුදලක් ලැබෙන්න පුළුවන්. නමුත් අවසානයේ මුදල් දාපු බහුතරයක් අමාරුවේ වැටෙනවා. ඒ අය ආරක්ෂා කිරීම මහ බැංකුවේ අරමුණ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කළ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.
‘ඇත්ත වශයෙන් බැලුවම පේන දෙයක් තමයි මේ ගන්නා මුදල් වියදම් කරලා තියෙන්නේ වගාවටම නෙවෙයි වෙන වෙන කටයුතුවලට. වගා ආයෝජන මුවාවෙන් එම සමාගම් ගෙන ඇති මුදල්වලින් විවිධ ව්‍යාපාර කටයුතු කරනවා.’
- ශ්‍යාම් නුවන් ගනේවත්ත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්