චක්‍රලේඛ මඟින් පාලනය කරන්න ගියොත් අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය නැති වෙනවා..- රංග දිසානායක
නව දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීන බලතල පවරා තිබුණ ද, මුදල් අමාත්‍යාංශයේ සාමාන්‍ය චක්‍රලේඛ හරහා එහි අරමුදල් පාලනය කිරීමට දැරූ උත්සාහයන් හේතුවෙන් එම ස්වාධීනත්වය බරපතල ලෙස අඩපණ වන බව අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පනතේ 31(1) වගන්තිය අනුව කොමිසමේ අයවැය ඇස්තමේන්තු සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත්, මුදල් අමාත්‍යාංශය එය සාමාන්‍ය අමාත්‍යාංශ පද්ධතිය හරහා ලබාගැනීමට කටයුතු කිරීම නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි බවයි.
"පාර්ලිමේන්තුව අනුමත කළ මුදල් නැවතත් මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ මඟින් පාලනය වෙනවා නම්, කොමිසමට හිමිවිය යුතු ස්වාධීනත්වය ලැබෙන්නේ නැහැ" යැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විමර්ශන සඳහා අවශ්‍යතාවක් පැවතියද කොමිෂන් සභාවේ අරමුදලේ මේ වන තෙක් සත පහක්වත් නොමැති වීම හේතුවෙන් කොන්ත්‍රාත් පදනම මත හෝ අත්‍යවශ්‍ය සේවකයන් බඳවා ගැනීමට මුදල් නොමැති බවද කමිටුව හමුවේ අනාවරණය කළේය.
නිලධාරීන්ගේ විශේෂිත විදේශ පුහුණුවීම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ භාණ්ඩාගාරයෙන් අවසර ගැනීමට සිදුවීම ද ස්වාධීනත්වයට බාධාවක් ලෙස සාකච්ඡා වී තිබේ.
මෙහිදී කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්වාධීනත්වය හිමි මෙවැනි ආයතනවල ස්වාධීනත්වය ප්‍රායෝගිකව ද රැකෙන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්